• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පුටින් ඡන්දෙට බය වුණා… නවල්නිව ඇල්ලුවා – හිර කළා – අන්තිමට මැරුවා… අපේ රටෙත් ඉන්නවාද මේ වගේ පුටින්ලා I Sri Lanka Latest News

February 26, 2024
in Exclusive, News
Reading Time: 6 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘ජනාධිපති ධවල මන්දිරයේ රූස්වෙල්ට් කාමරයේ සිට මම ඔබට අමතන අතරම මුලින්ම සුබ සන්ධ්‍යාවක් කියා ප්‍රාර්ථනා කරනවා. මම තව මොහොතකින් වැදගත් විදේශ සංචාරයකට යන්නට පෙරයි මෙම අතිවිශේෂ මාධ්‍ය සාකච්ඡාව සිදුකරන්නේ. තව කෙටි වේලාවකින් මම පලස්තීනයේ නිල සංචාරයක් සඳහා පිටත්ව යනවා. එහෙත් මෙම ප්‍රකාශය අත්‍යාවශ්‍ය එකක් නිසයි, හදිසියෙන් වුණත් මෙය සිදුකරන්නේ. මුළුමහත් ලෝකයම මහත් විමතියටත්, මහත් සංවේගයටත් පත්වූ පුවතක් මෙයට ටික මොහොතකට පෙර වාර්තා වුණා රුසියාවෙන්.(Sri Lanka Latest News)

ඒ තමයි රුසියාවේ වත්මන් විපක්ෂ නායක ඇලෙක්සි නවල්නි මහතාගේ හදිසි මරණය. ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත ජනතාවක් මෙම ප්‍රවෘත්තියෙන් පුදුමයට සහ කෝපයට පත් නොවුණහොත් තමයි විස්මයක් වෙන්නේ. රුසියාවට මහත් මෙහෙවරක් ඉටුකළ විපක්ෂ නායකයකු මෙන්ම දේශපාලකයකු ලෙසයි ඇලෙක්සි නවල්නි ලෝකය පිළිගෙන තිබෙන්නේ. පසුගිය වසර 10ක පමණ කාලයක් පුරා ඔහු එය ඉටුකළා…’

ඔබට මෙලෙස සුවිශේෂ ප්‍රකාශයක් සිදුකරන්නට යන්නේ කවරකු විසින්ද? මෙයට දින කිහිපයකට පෙරදී ඇමෙරිකාවේ ජනාධිපති ධවල මන්දිරයේදී මෙම ප්‍රකාශය සිදුකළේ ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා විසිනි. බොහෝ දැඩි අවධාරණයකින් යුතුව බයිඩන් ජනාධිපතිවරයා සිදුකළ එම ප්‍රකාශයේ වගතුග තවත් සොයා බලමු.

‘රුසියාවේ ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ගැන ලෝකයේ බොහෝ ජනතාව හොඳින් හඳුනනවා. ඔහු ඉතා කෲර ඒකාධිපතියකු බවත් මේ ජනතාව හඳුනනවා. පුටින්ගේ මෙම ක්‍රියාකලාපයන්ට එරෙහිව ‘පුටින් රජය’ නිර්භීතව විවේචනය කරපු විපක්ෂ නායකවරයකු තමයි ඇලෙක්සි නවල්නි. ඔහු පුටින් රජයේ වංචාව දූෂණය මෙන්ම ප්‍රචණ්ඩත්වය ගැනත් හැම විටම නැගී සිටියා. ජනතාව ඒකරාශි කරගෙන පුටින් රජයට එරෙහිව සටන් කළා. ජනතාව දසදහස් ගණන් ඒකරාශි කරගෙන උද්ඝෝෂණ අරගල පැවැත්වූවා.

පසුගිය වසර ගණනාවකම මෙම විරෝධතාවන් පැවැත්වූවා. මේ හෙයින් රුසියානු ජනාධිපති පුටින්ට ඇලෙක්සි නවල්නි මහත් හිසරදයක් වුණා. ඒ නිසා පුටින් මෙම විපක්ෂ නායකයාගෙන් නිතර පළිගැනීම් සිදුකරන්නට වුණා. අත්අඩංගුවට ගත්තා. නඩු දමා සිරගත කළා කිහිප වතාවක්ම. එසේම වරක් පුටින්ගේ මෙහෙයවීමෙන් ඇලෙක්සි නවල්නි ඝාතනය කරන්න වස ලබාදුන්නා. ඔහු ඉතා මරණාසන්න තත්ත්වයට පත්වී පසුව ජර්මනියට රැගෙන ගොස් ප්‍රතිකාර කර ජීවිතය බේරාගත්තා. අවසානයේදී මෙයට අවුරුදු තුනකට පෙර නැවත වසර 19කට සිරගත කළා. එම සිර දඬුවම වසර 3ක් ගෙවීයන විටදීයි ඔහුගේ මරණය මෙසේ සිදුව ඇත්තේ. බන්ධනාගාරයේ සිටියදී ශරීර සුවතා ව්‍යායාමයක් සඳහා ඇවිදීමේදී සිහි නැතිව බිම ඇදවැටී ඔහු මරණයට පත්වුණා යැයි ප්‍රකාශ කළා…’

‘අපි දැන්නේ නැහැ ඔහු කෙසේ මරණයට පත්වුණාද කියලා. එහෙත් අප මේ කතා විශ්වාස කරන්නේ කොහොමද? මා මෙහිදී කියන්නේ එක දෙයයි. ඇලෙක්සි නවල්නිගේ මරණයට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ ව්ලැඩිමීර් පුටින් ජනාධිපතිවරයායි. නවල්නිට සිදුව ඇත්තේ පුටින්ගේ ම්ලේච්ඡත්වයට හසුවූ තවත් සාක්ෂියක් පමණයි. පුටින් සහ ඔහුගේ මැරයන් මෙම මරණයට වගකිව යුතුයි. පසුගිය යුක්රේන යුද්ධයේදීත් පුටින් සිදුකළ මෙවැනි අපරාධ අප හොඳින්ම දැක්කා.

මේ නිසා මේ මරණයට අදාළව පුටින්ට ලෝකය රවටන්නට බැහැ. පුටින් කියන්නේ තමන්ගේම ජනතාවට අපරාධ සිදුකරන අපරාධකරුවෙක්. ඇලෙක්සි නවල්නි කිසි විටෙකවත් පුටින්ට බිය නොවුණු නිර්භීත පුද්ගලයෙක්. ඔහු නීතියේ ආධිපත්‍යයට ගරු කරන ප්‍රතිපත්තිගරුක මිනිහෙක්. ඔහුගේ අධිෂ්ඨානය වුණේ සැමට නිදහසේ සහ සමානව ජීවත් විය හැකි රුසියාවක් ගොඩනැගීමයි. යුක්රේන යුද්ධයේදී පුටින් යුද අපරාධ රාශියක් සිදුකළා. අපට තව තවත් පුටින් සමග ගනුදෙනු කිරීමට අවශ්‍ය නැහැ. ඇලෙක්සි නවල්නි සිරගෙදර තුළදී ඝාතනයට පත්කිරීම ඉතා සැලසුම්සහගතව පුටින් විසින් සිදුකළ අපරාධයක්. අද රුසියාවට යහපත් අනාගතයක් සඳහා තිබුණු සිහිනය නැතිවී ගොස් තිබෙනවා. එහෙත් කවදා හෝ මේ අපරාධයන්ට එරෙහිව රුසියානු ජනතාව නැගී සිටීවි…’

බන්ධනාගාරගතවී සිටියදී මෙසේ මරණයට පත්වූ රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවල්නි ගැන ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙසේ දැඩි තීරණාත්මක කතාවක් සිදුකර ඇත. ලෝකයේ කවුරුන් මෙම මරණය ගැන කුමන ප්‍රකාශයක් සිදුකළද ලෝකයේ මහා බලවතා වූ ඇමෙරිකාව සහ එහි ජනාධිපතිවරයා විසින් සිදුකර ඇති බෑරෑරුම් ප්‍රකාශය කෙරෙහි බොහෝ පාර්ශ්ව අවධානය යොමුකර ඇත.

මරණයට පත්වන විටදී ඇලෙක්සි නවල්නි (Alexei Navalny) 47 වැනි වියෙහි පසුවිය. ඔහු රුසියාවේ තිබෙන රෂියා ඔෆ් ද ෆියුචර් (Russia of the Future) නමැති දේශපාලන පක්ෂයේ නායකයා වෙයි. විපක්ෂය නියෝජනය කරන ප්‍රධාන පක්ෂය වන එහි නායකත්වය ඔහු දරන්නේ 2013 වසරේ සිටය. ඒ අතරම ඇලෙක්සි නවල්නි රුසියානු විපක්ෂ සම්බන්ධීකරණ කවුන්සිලයේ සභාපති ධුරයද දරනු ලබයි. රුසියානු දූෂණ විරෝධී පදනමේ නිර්මාතෘවරයා වන්නේද ඇලෙක්සි නවල්නිය.

මොහු දූෂණ විරෝධී ක්‍රියාකාරිකයකු ලෙස වසර ගණනාවක් කටයුතු කළ අතර, වෘත්තියෙන් නීතිඥයකු විය. රුසියාවේ රාජ්‍ය දූෂණයට සහ ප්‍රචණ්ඩත්වයට එරෙහිව ඔහු රාජ්‍ය විරෝධී ජනතා පෙළපාළි රැසක් සංවිධාන කළේය. ලොව ප්‍රකට විශ්වවිද්‍යාලයක් වන රුසියාවේ ලුමුම්බා විශ්වවිද්‍යාලයේ උපාධිධරයකු වන ඔහුට ඇමෙරිකාවේ යේල් විශ්වවිද්‍යාලයෙන් ගරු උපාධි සාමාජිකත්වයක්ද පිරිනමා ඇත. මෙම සුවිශේෂ මිනිසා කවුදැයි හරිහැටි හඳුනාගැනීම සඳහා එම වගතුග යමක් ලියා තැබුවෙමි.

ඇලෙක්සි නවල්නි මරණයට පත්වී ඇත්තේ 2024 පෙබරවාරි 16 වැනිදා රුසියානු වේලාවෙන් සවස 2.19ටය. රුසියානු ආක්ටික් කලාපයේ කර්ප් නමැති දුෂ්කර ගම්මාන ප්‍රදේශයේ පිහිටුවා ඇති අධි ආරක්ෂිත ෆෙඩරල් බන්ධනාගාරයේදී ඔහු මරණයට පත්ව ඇත. ෆෙඩරල් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයක් සිදුකරමින් පවසා ඇත්තේ ඇලෙක්සි නවල්නි ශරීර සුවතාව සඳහා ඇවිදිමින් සිටියදී හදිසියේම බිම ඇද වැටී සිහි මුර්ඡා වූ බවයි. එවිට එතැනට හදිසි වෛද්‍ය ප්‍රතිකාර කණ්ඩායමක් කැඳවා ඇති අතර, ඔවුන් රෝගියාට ප්‍රථමාධාර ලබාදී රෝහල වෙත රැගෙන ගොස් ඇත. එහෙත් එසේ ගෙනයන විටදීත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බවට කරුණු ප්‍රකාශ විය.

විනාඩි හතක පමණ ඉතා කෙටි කාලයකින් ගිලන් රථය හදිසි හෙද කණ්ඩායම සමග එහි පැමිණ ඇති අතර, හෙද නිලධාරීන් රෝගියාගේ සිහිය ගැනීම සඳහා පැය භාගයක පමණ කාලයක් හෘදය පණගැන්වීම සිදුකළත් එම ව්‍යායාමය සාර්ථක වී නැත. ඉන් පසුව ෆෙඩරල් බන්ධනාගාර සේවය විසින් මරණය ගැන තොරතුරු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් වෙත දන්වා යවා ඇත. දෙවැනුව මරණයේ පුවත ස්ථිර කරමින් ඇලෙක්සි නවල්නිගේ මාධ්‍ය ප්‍රකාශිකාව වූ කිරා යාර්මිෂ් වෙත දන්වා ඇත. ඉන් පසුව ඇය විසින් නවල්නිගේ බිරිය, මව සහ පවුලේ සාමාජිකයන්ට තොරතුරු ප්‍රකාශ කර ඇත. මෙම සුවිශේෂ මිනිසාගේ මරණය ගැන පුවත ලොවට තහවුරු වූයේ ඉන් පසුවය.

ඇලෙක්සි නවල්නිගේ මරණයට අදාළව යම් කුමන්ත්‍රණකාරී පසුබිමක් තිබුණු බවට මේ වන විට කරුණු හෙළිව ඇත. එම තොරතුරු බන්ධනාගාරය තුළින් යම් පාර්ශ්ව හරහා දැනගන්නට ලැබී ඇත. එනම් ඔහුගේ මරණය සිදුවූ පෙබරවාරි 16 වැනිදාට පෙර දින සවස සිටම අනෙක් සිරකරුවන් සියලු දෙනා බැරැක්කවල (සිර මැදිරි තුළ) සිරකර තබා සිටි බවට කරුණු වාර්තා විය. කිසිදු පිටස්තර ක්‍රියාකාරකමකට ඔවුන්ට සහභාගි වීමට ඉඩ ලැබී නැත. එසේම එදින රාත්‍රියේ සිටම පැය ගණනාවක් යන තුරුම අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සී.සී.ටී.වී. කැමරා පද්ධතියද ක්‍රියා විරහිත වී තිබුණු බවටද කරුණු හෙළිව ඇත.

බන්ධනාගාරයේ යම් පාර්ශ්වයක් අවධාරණය කර ඇත්තේ සමහර විට ඇලෙක්සි නවල්නිගේ මරණය 15 දා සවස් වරුවේ සිදුවන්නට ඇති බවය. එහෙත් බන්ධනාගාර නිල ප්‍රකාශය වන්නේ මරණය ස්ථිර වශයෙන් 16 වැනිදා සිදුවූ බවය. ඇලෙක්සි නවල්නිගේ පවුලේ සාමාජිකයන් විසින් ඔහුගේ දේහය තමන් වෙත භාර දෙන ලෙස ඉල්ලා සිටියත් මේ වන විටත් දේහය භාරදීමක් සිදුකර නැත. රාජ්‍ය බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ දේහය පිළිබඳ විශේෂ මරණ පරීක්ෂණයක් සිදුකිරීම සඳහා රුසියාවේ අගනුවර වන මොස්කව් වෙත එය රැගෙන යන බවය. මෙම බන්ධනාගාරය පිහිටා ඇත්තේ මොස්කව් නගරයේ සිට කි.මී. 400ක පමණ දුරකින් බව පැවැසෙයි.

ඒ අතරම බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ මෙවැනි සිරකරු මරණයකදී තමන්ට එම දේහයන් දින 30ක කාලයක් දක්වා තබාගැනීමට නීත්‍යනුකූලව බලය ඇති බවය. මෙම වටපිටාවේදී නවල්නිගේ මාධ්‍ය ප්‍රකාශිකා කිරා යාර්මිෂ් ප්‍රකාශ කර ඇත්තේ නවල්නිගේ මරණයේ සැබෑ තොරතුරු වසං කිරීමට රාජ්‍ය බලධාරීන් උත්සාහ කරන බවය. රාජ්‍ය බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ නවල්නිගේ දේහය දින 14ක් ඇතුළත පවුලේ සාමාජිකයන්ට භාරදෙන බවය. මේ අනුව මරණයට අදාළ නිශ්චිත හේතුව මෙතෙක් හෙළිව නැත.

ලෝකයේ බොහෝ දේශපාලනික විශ්ලේෂකයන් ප්‍රකාශ කරන ලෙසට ඇලෙක්සි නවල්නි යනු ලෝකයේ මෙතෙක් සිටි බලගතුම විපක්ෂ නායකවරුන් කිහිප දෙනාගෙන් කෙනෙක් බව පැවැසෙයි. එසේ වන්නේ ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වැනි දුෂ්ට ඒකාධිපතියකුට එරෙහිව කිසිවකුත් මේ ආකාරයේ සටනක් දියත් නොකර ඇති හෙයිනි. එහෙත් අවසානයේදී සටන දිනා ඇත්තේද ව්ලැඩිමීර් පුටින් විසින්මය.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

රුසියාවේ ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යනු ලෝකයේ දැනට සිටින ඉතා දරුණු ඒකාධිපති පාලකයකු බව බොහෝ පාර්ශ්ව විසින් චෝදනා කරනු ලබයි. ඇලෙක්සි නවල්නි නමැති මෙම සුවිශේෂ මිනිසා දේශපාලන කරළියට එන්නේ මෙවැනි වටපිටාවක් තුළදීය. ඔහු රුසියාවේ විපක්ෂ නායකවරයා වන්නේද ඒ අනුවය. ජනාධිපති පුටින්ට එරෙහිව රුසියාව තූළ සිටියදීම මහත් හඬක් නගන්නට ඔහු සමත් වෙයි. ලෝකයේ මෙතෙක් සිටි ප්‍රබලම විපක්ෂ නායකවරයකු ලෙස දේශපාලනික විශ්ලේෂකයන් විසින් ඇලෙක්සි නවල්නි හඳුන්වන්නේ එහෙයිනි. එහෙත් කෙසේ හෝ ජනාධිපති පුටින් මේ මිනිසා මර්දනය කරන්නේ බොහෝ සූක්ෂ්ම ආකාරයෙනි.

මෙවැනි වටපිටාවකදී පසුගියදා අපේ රටෙන්ද අසන්නට ලැබුණේ අපූරු පුවතකි. එනම් මෙරට දේශපාලකයකු වන අශූ මාරසිංහ ප්‍රකාශ කර තිබුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, රුසියාවේ පුටින් ජනාධිපතිවරයා හා සමකළ හැකි පුද්ගලයකු බවය. එසේ නම් එයින් කියැවෙන්නේ අපේ රටේ ජනාධිපතිවරයාද එලෙසම මෙරට විපක්ෂය හෝ විපක්ෂ නායකවරයා මර්දනය කිරීමට සමත් පුද්ගලයකු බවද යන්න නොවේද? බොහෝ පාර්ශ්ව විසින් චෝදනා කරන පරිදි මෙරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද මෙරට විපක්ෂය බොහෝ සූක්ෂ්මව මර්දනය කරන ආකාරය පෙනෙන්නට ඇත. එය බොහෝ සීරුමාරුවෙන් කෙරෙන ක්‍රියාවලියකි. මෙරට මැතිවරණ නිසි කලට නොපවත්වා, ජනතාවගේ උත්තරීතර ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනඅය කිරීම එම ක්‍රියාවලියේ උච්චස්ථානය වී හමාරය.

SendShareShare
Previous Post

කතානායකවරයා කියන්නේ විධායකයේ දිගුවක් නෙමෙයි! ඔන්ලයින් පනත සම්මත කළේ ව්‍යවස්ථාවත් කඩලා! අවුරුදු 93ක් ආරක්ෂා කරගත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය-ස්වාධීනත්වය විනාශ කරන්න කතානායකවරයාට ඉඩ දෙන්නේ නෑ! කතානායකට එරෙහි විශ්වාසභංගයට අත්සන් කළ මහාචාර්ය ජී.එල්. ඉදිරියේදී කරන්න යන දේ කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

දේශබන්දු පොලිස්පති ලෙස පත් කරයි! ජනපති ලේකම් ලිපිය දේශබන්දුට දෙයි!  I Sri Lanka Latest News

MORE NEWS

කීර්ති නාමයට හානි වුණා කියලා ඇමැති සමන්ත විද්‍යාරත්න එවපු මිලියන 1000ක එන්තරවාසියට සජබ ප්‍රසාද් දීපු උත්තරේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කීර්ති නාමයට හානි වුණා කියලා ඇමැති සමන්ත විද්‍යාරත්න එවපු මිලියන 1000ක එන්තරවාසියට සජබ ප්‍රසාද් දීපු උත්තරේ! VIDEO I Sri Lanka Latest News

පාතාලයයි කුඩුයි එක්ක සජබයට සම්බන්ධයක් නෑ කියලා ඇමැති නලින්ද පාර්ලිමේන්තුවේදී දීපු සහතිකය මරික්කාර් මාධ්‍ය හමුවේදී විකාශය කරලාම පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2024 බිලියන 140ක් ලාබ ලබපු විදුලි බල මණ්ඩලය 2025 බිලියන 38ක් පාඩුයි! න ජිවිතය කඩා වැටිලා! රුපියල කඩා වැටිලා! සෘජු විදේශ ආයෝජන නෑ! ආනයන අපනයන පරතරය වැඩි වෙලා! රාජ්‍ය ආයතන පාඩු ලබනවා! මොකද්ද මේ රටට වෙන්නේ? කොහෙටද මේ රට අරන් යන්නේ..? VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු බලන් ඉද්දී උඩ යනවා! රෝහල්වල ධාරිතාවත් ඉක්මවා ගිහින්! මරණ ගණනත් වැඩිවෙලා! වෙනදා නම් කට්ටිය එළියට බැහැලා කෑ ගැහුවත් දැන් ඒ ගැන කතාකරන්නවත් කවුරුත් නෑ! I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

දවස් පහේම නීතීඥයා හමුවෙන්න දෙන්න බෑ! බදාදා විතරක් දෙන්නම්! සලේ‌ගේ බිරිය මනෝරි එවපු ලියුමට ශානි උත්තර යවයි! I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

සාම ගිවිසුම් කතාවත් එක්ක බොරතෙල් මිල අඩියටම බහී! I Sri Lanka Latest News

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News

Load More
කීර්ති නාමයට හානි වුණා කියලා ඇමැති සමන්ත විද්‍යාරත්න එවපු මිලියන 1000ක එන්තරවාසියට සජබ ප්‍රසාද් දීපු උත්තරේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කීර්ති නාමයට හානි වුණා කියලා ඇමැති සමන්ත විද්‍යාරත්න එවපු මිලියන 1000ක එන්තරවාසියට සජබ ප්‍රසාද් දීපු උත්තරේ! VIDEO I Sri Lanka Latest News

තමන් කළ ප්‍රකාශයක් මුල්කරගෙන ඇමැති සමන්ත විද්‍යාරත්න මිලියන 1000ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් එවා ඇති බව සජබ මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා...

Read more
පාතාලයයි කුඩුයි එක්ක සජබයට සම්බන්ධයක් නෑ කියලා ඇමැති නලින්ද පාර්ලිමේන්තුවේදී දීපු සහතිකය මරික්කාර් මාධ්‍ය හමුවේදී විකාශය කරලාම පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

2024 බිලියන 140ක් ලාබ ලබපු විදුලි බල මණ්ඩලය 2025 බිලියන 38ක් පාඩුයි! න ජිවිතය කඩා වැටිලා! රුපියල කඩා වැටිලා! සෘජු විදේශ ආයෝජන නෑ! ආනයන අපනයන පරතරය වැඩි වෙලා! රාජ්‍ය ආයතන පාඩු ලබනවා! මොකද්ද මේ රටට වෙන්නේ? කොහෙටද මේ රට අරන් යන්නේ..? VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News

ඩෙංගු බලන් ඉද්දී උඩ යනවා! රෝහල්වල ධාරිතාවත් ඉක්මවා ගිහින්! මරණ ගණනත් වැඩිවෙලා! වෙනදා නම් කට්ටිය එළියට බැහැලා කෑ ගැහුවත් දැන් ඒ ගැන කතාකරන්නවත් කවුරුත් නෑ! I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

දවස් පහේම නීතීඥයා හමුවෙන්න දෙන්න බෑ! බදාදා විතරක් දෙන්නම්! සලේ‌ගේ බිරිය මනෝරි එවපු ලියුමට ශානි උත්තර යවයි! I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

සාම ගිවිසුම් කතාවත් එක්ක බොරතෙල් මිල අඩියටම බහී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.