වසර 93 ක් ආරක්ෂා කරගත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කර දැමීමට කතානායකවරයාට ඉඩ නොතබන බවත් චිරාත් කාලයක් පැවත එන පාර්ලිමේන්තු සම්ප්‍රදාය හා ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා විපක්ෂයේ එකා මෙන් පෙළගැසෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද (26) පැවසීය.Sri Lanka Latest News
කොළඹ අද (26) පැවති මාධ්‍ය හමුවකදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා එසේ පැවසීය.
විපක්ෂ නායකතුමාගේ ප්‍රධානත්වයෙන් කථානායකවරයාට විරුද්ධව විශ්වාස භංග යෝජනාවට අත්සන් ලබා ගැනීම අද දිනයේ සිදුවූ බව කී මහාචාර්යවරයා මාර්ගගත ආරක්ෂණ පනත ආණ්ඩුක්‍රමය ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් පාර්ලිමේන්තුවේ සම්මත කරගත් බව ද සඳහන් කළේය.
කථානායකවරයා යනු විධායකයේ දිගුවක් නොවන බවත්, මාර්ගගත ආරක්ෂණ පනත සම්මත කරගත්තා සේ ප්‍රති ත්‍රස්ත පනත සම්මත කරගතහොත් නීතිය ස්වාධීනත්වය නිෂේධ වන බවත්, එය රටේ ආර්ථිකයට ද බලපාන බවත් පීරිස් මහතා පෙන්වා දුන්නේය.
වත්මන් රජයේ තම බලය තහවුරු කර ගැනීම සඳහා ගෙන එනු ලබන පනත් මගින් දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ප්‍රතිවිපාක විඳින්නට සිදුවෙනවා. වත්මන් රජය ජාත්‍යන්තර ගිවිසුම් අමු අමුවේ උල්ලංඝනය කළහොත් GSP* සහනය රටට අහිමි වෙන්න පුලුවන්. පාර්ලිමේන්තුව විධායකයේ ග්‍රහණයට ලක්වුවහොත් මූලික අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට නොහැකි වේවි යනුවෙන් ඒ මහතා සදහන් කළේය.