• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බත්කන බූරුවනේ… දැන්වත් හිතපල්ලා I Sri Lanka Latest News

February 25, 2024
in Exclusive, News
Reading Time: 9 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බුදුන් ධරමාන සමයේ රහතන් වහන්සේලා ගුවනින් වැඩියේල. සිද්ධ විද්‍යාධරයන් ගුවන අරා සිටියේල. පංචඅභිඥා අෂ්ට සමාපත්තිලාභීන් ගුවනින් සැරිසැරුවේල. මේ හේතුව කරණකොට ගෙන නබෝ ගැබ නිරන්තරයෙන් වැසී තිබූ බව කියන හෙයින් සූර්යාලෝකය පොළොවට පතිත වීම පවා ඇනහිට තිබියේල.(Sri Lanka Latest News)

ඒ නිසා තමන් නිවෙසේ කාජ්‍යභෝජ්‍ය (කෑමබීම) උදෙසා තම්බා ගන්නා ලද වී ටික වේළාගත නුහුණු බව කියන ගෙවිලියක් උරණව “මුන්නාන්සේලා නිසා මගේ වී ටිකවත් වේළාගන්න බෑ” යනුවෙන් තම නොසතුට ඇඟවූ බව බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථයක සඳහනි.

මේ ටික පැවැසුවේ බලවන්තයන් ගුවන අරා (අයිතිකරගැනීම) සිටි බව කීමටය. වර්තමානය වන විටත් එවන් අධ්‍යාත්මික ගුණවගාවෙන් ගුවන පරිභෝජනය කළ නොහැක්කෝ යන්ත්‍ර සූත්‍ර (අහස් යාත්‍රා, හෙලිකොප්ටර්, ජෙට්) පරිභෝජනය කරති. එහෙත් ඔය අන්දමේ ගුවනේ සවරංගැහිල්ල ලේසිපාසු පුතෙකුට නම් නරන්න පුළුවන් දෙයක් නොවේ. එය අතමිට සරු උන්නැහේලාට පමණක් සීමා වූ දෙයකි. ඒ පෙර කළ පින් බලේටය. ඒ පෙර කළ පින් බලේ හෙවත් කතපුඤ්ඤතාවය වැඩිවශයෙන්ම ලැබී ඇත්තේ අපේ රටේ දේශපාලන උත්තමයන් වහන්සේලාටය.

බෞද්ධ සාහිත්‍යයේ ඔය අන්දමේ බලයක් ලැබූ බව කියන තැනැත්තා අලව් යකාය. ඒකා “අහං ආලවකෝ” යැයි කියමින් අලව් නුවර වටා ඇති පර්වතයට පයින් ඇන්න විට වේරම්භ වාතයට අසුවූ පරඬලා පතක් සේ සමස්ත අලව් නුවරම වෙවුළුවා ලන්නට තරම් බලයක් ලැබුවේල. මුළු නුවරටම එතරම් කෙළිකාරකමක් කරන්නට උන්නැහේ පූරුවේ කර ඇතැයි කියන පුණ්‍යකර්මය වනාහි පසේබුදු කෙනකුන්ට ගිනි කබලක් පූජා කළ බවය.

“පුහ්, අපේ දේශපාලන යක්කු ඉදිරියේ අලව් යකා මොන යකෙක් ද?” ඇමැති, අගමැති, ජනාධිපති මට්ටමේ එපා ප්‍රාදේශීය සභා මට්ටමේ වුවත් කෙනකුට හිමි බලය. කොන්තරාත් යන බිලී කොක්ක යොදා සංවර්ධනය නමැති දණ්ඩ ග්‍රහණය කර (දරා) මහජන මුදල් ඇද ගැනීමට ඇති බලය අප්පරමෙයියාවකි. (අපමණය)

ප්‍රාදේශීය සභා උත්තමයන්ට එපමණෙක් නම් ඉහත කී මන්ත්‍රී, ඇමැති, අගමැති, ජනාධිපති උත්තමයන්ට මෙවන් අචින්ත අනන්ත බලයක් ලබන්නට අලව් යකා මෙන් එක් ගිනි කබලක් නොව සැතපුම් දහස් ගණනක් දුරට බුරබුරා ගිනිදලු විහිදුවන අවීචි මහ නරකය වන් මහා ගිනි මැලයක්ම පූජා කර ඇති බව නම් උපකල්පනය කළ යුතුම වන්නේය.

ඉදින් එවන් මහා පුණ්‍යකර්මයක් හේතුකාරකව ලද පුණ්‍යසම්භාරයෙන් ගුවන්ගත වීමට වරම් ලද අපේ උන්නැහේලා බිමට නොබැස ගුවනේම කරක් ගසන්නාහ. ගුවන් කරණම් පමණක් නොව උන්නාන්සේලාට කන්න, බොන්න, යානවාහන, මිහිබට සත්මහල් ප්‍රාසාද (මාලිගා), වතුපිටි, අතට පයට දැසිදස්සන් පවා මහජන ලේ රිහිරි මාංශයෙන් ලබන්නට ලද වාසනාව. අපෙ අම්මේ නොවේ අම්මගේ අම්මේය.

ඒවා පසෙක වේවා. ඔවුන් ගහන ගුවන් කරණම් පමණක් ඇම්මැහියක්ද? මහජන කාරණා අකරණං ගුවන් කරණං කාරනා කාරණංය.

ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක සිරිමතාණන් දිවංගත (දෙව්ලොව ගිය කල) භුවංගත (භූ-පොළොව හෙවත් පාලනය භාරගත්) සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය නිරන්තරයෙන් ගුවංගත වන කල්හි අපේ පව්කාර දණ්ඩන් (බදු බර දැරීමේ පාපය) විසින් හඳුන්වන ලද්දී දිවංගත අගමැතිගේ ගුවන්ගත බිරිය වශයෙනි. මන්ද ඕ තොමෝ මහජන සුබසෙත වෙනුවෙන් දේසදීපංකරේ අවුරුද්ද පුරාම කරක්ගෙඩියක් සේ කරක් ගසමින් ගුවන්ගතවම උන් හෙයිනි.

භූපල්නේ භූපල් (මහරජ) ලෙසින් සිදත් සඟරාවේ ඇති අරුතෙන් නිරුක්තිය ගත්කල මෛත්‍රිය පාලනය කරන්නට වරම් ලද (අපට කෙළියත්) මෛත්‍රීපාල උන්නැහේද “මම ආයෙ කවරදාකවත් එන්නෙ නෑ. මම තියා මගෙ දරුවකුටවත් දේශපාලනේට එන්ඩ ඉඩ තියන්නෙත් නෑ. මම අපේ උන්දැ නෙළුං කොළේ ඔතලා දෙන බත් එක විතරයි අනාලා ගිලින්නෙ” කී සිරියා අම්මට සිරි පුතේ දැං කියන කරන දේ නං හිතාගන්නත් බැරිය.

ඉතිං ඒ කතාබතා පැත්තකට දමා උන්වහන්සේ පමණක් නොව උන්වහන්සේගේ අඹුදරුවන් සමග පැටිපස් පරාණෙත් කැටුවම රට රාජ්‍යවල සවරං ගැහූ අන්දම නම් මරුමුස්ය.

සත පහක් හෝ නොදී ඒ කාලේ කඩල ගොට්ටක් නොකෑ ඇතැම් ග්‍රාමසේවක මහත්වරුන් බලයට නැග්ග විට මහජන සල්ලිවලින් රට රාජ්‍යවල යන විට ගුවනේදී කජු ඉල්ලුවේය. එකක් හපා බලා “යකෝ මේවා බල්ලෙකුටවත් කන්ඩ පුළුවන්ද?” යනුවෙන් අසමින් ගුවන් නෝනලාට සත්තම දමමින් පාරම්බෑ අයුරු රටම දන්නේය.

ඊළඟ භාණ්ඩෙ (බඩුව) මහින්ද අයියාය. මිනිහා රට යන විට තමන්ගේ සනුහරේ වැලගිය මුලගිය උන් පමණක් නොව ආයලා, කුස්සිඅම්මලා පවා ප්ලේන් එකක් පිරෙන්නම පටවා ගෙන ගියේය. රටට ලෝකෙට සේනා සම්පත පෙන්වන්නට බොහෝ අවස්ථාවල පාහේ ශතකය (සියය) ඉක්මවූ පරිවාර සේනාවක් ද ගෙනයන ලද්දාහ.

අබ තෙල්මල් පහන් අතින් ගෙන ගමේ පන්සලට යන්නහේ (යන අන්දමට) රටට සෙත් පතන්නට නිරන්තරයෙන් තිරුපති ගියේය. මොනවාදෝ ටොන් ගණනාවක් බාර දෙන්නට උගන්ඩාවට යානා යැව්වේය. ඒ වාසනාව පාදාදීමට දෙවියන්ට ස්තුති කිරීමට ඒ ටි්‍රප් එකෙන්ම තිරුපති වඳින්නට ඉන්දියාවට ගියේය. අන්තිමට පෞද්ගලික අහස්යාත්‍රාද භාවිත කෙළේය.

ඔය යක්කු කළේම මේ රටේ මහජන දේපොළ පෞද්ගලික බූදලයක් සේ සලකා කාබාසිනියා කිරීමය. සමස්ත ගුවන් සේවයම රට පාලකයකු හැටියට විනාශ කිරීමේ චෝදනාව මහින්දට ආවේය.

චන්ද්‍රිකා නෝනාගේ පාලන සමයේ ශ්‍රීලංකන් ගුවන් සේවය කළමනාකරණය කිරීම සඳහා ඕ එමිරේට්ස් ආයතනයට පැවරුවාය. එසේ කිරීමෙන් පසු ඒ අවධියේ අපේ ගුවන් ආයතනය ලාභදායකව පවත්වා ගෙන ගියේය. පාලනය භාරව කටයුතු කෙළේ ඒ පිළිබඳ මනා පරිචයක් තිබූ පීටර් හිල් Peter Hill මහතාය.

අපේ මහින්ද ගොයියා එංගලන්තයට ගිය වාරයකදී ආපසු ඒම සඳහා මිනිහගේ හැත්ත වරිගෙට ආසන වෙන් කරදෙන ලෙස පීටර් හිල්ට කීවේය. ආසන වෙන්කර ඇති හෙයින් ඉල්ලීම ඉටුකළ නොහැකි බව ඒ මහතා කීවේය. ලංකාවට පැමිණි අපේ මහින්ද පුතා කළේ ගිවිසුම අවලංගු කර කළමනාකරණයෙන් එමිරේට්ස් ආයතනය ඉවත් කර ශිරන්ති රාජපක්‍ෂ අම්මණ්ඩිගේ මලයාට පාලනය භාරදීමය.

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කීපදෙනනකු පැවසුවේ ඒ අවස්ථාවේ කඩිනමින් විනාශකාරයකු සොයා ගන්නට නොහැනි වූ නිසා ඔහුට භාරදුන් බවය. එවුන්නැහේ තමන්ට ප්‍රියමනාප ගුවන් සේවිකාවන් පටවාගෙන ලෝකෙ පුරා රවුම් ගැහුවේය. අන්තිමට පාඩු පිට පවත්වා ගෙන යන්නට වූ ආයතනය නඩත්තු කිරීමට භාණ්ඩාගාරයෙන් වාර්ෂිකව මුදල් වෙන් කරන්නට සිදුවිය. එමගින් මහජන මුදල් කෝටි දහස් ගණනක් ගිල දැම්මේය. ශ්‍රීලංකන් ගුවන් සේවය නැත්තටම නැති කළේ ඒ හැටියටය.

දැන් ඉන්න උන්නැහේ අපව දක්කන්නට පෙන්වන කැරට් අලය 2048 සංවර්ධන ඉලක්කයයි. යකුනේ දැන් අප සිටින්නේ එක පයක් වළේත් අනිත් පය වළ කටේත් තියාගෙන Septuagenarian වයස අවුරුදු හැත්තෑ නවය තරමේය.

එහෙත් ලොක්කා අපට නොව සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම කොකා පෙන්නා සුදුලූනු පොඩිකරමින් රට සවාරි ගසයි. එතුමාගේ අන්තේ වාසික ගෝලබාලයෝ ද අපව අන්දවති. දැන් රනිල් උන්නැහේ බලයට ඇවිත් මාස දහනමයකි. මේ වන විට උන්නාන්සේ අපට කොරන්නට කී වරක් රට සවාරි ගච්චලා ඇත්දැයි ඔබ (පාක්‍ෂික) වහන්සේලා හෝ දන්නේද? එසේ නම් දැනගනු මැනවි. සිහියේ තබාගනු මැනවි. උදේ හවා මතුරනු මැනැවි. විසි දෙවාරයකි.

මං උඹලට කොරන්ඩ රට රාජ්ජෙ ගමං ගස්සන්නං උඹලා ඒ වියදං දරපල්ලා. ලොක්කා කියන බණේ ඕකය. ජහමනයිනේ, උඹලා දැංවත් තම තමන්ගෙම ඔළුව අතගා බලාපල්ලා. නොවැරදීම අංතට්ටුවේ, අත තට්ටු වුවහොත් (අත වැදුණොත්) පුදුම නොවේවා.

වසර තිහකට ආසන්න කාලයක් රජයේ සේවය කර විශ්‍රාම ගෙන සිටින මගේ මිත්‍රයකු ඇසුවේ විශ්‍රාම වැටුප වශයෙන් ලැබෙන රුපියල් විසිඅට දහසක මුදලින් වෛද්‍යවරුන් ලියා දෙන බෙහෙත් ටික ගත් පසු කන්නේ අහවල් එකද? යන්නය.

අපි බොහෝ දෙනා අපේ ගුරුවරුන්ට දුටු තැන දණගසා වැන්දෙමු. ඒ ගුරු ගෞරවය නිසාය. ඔවුන් කිසි දිනෙක මත් වතුර උගුරක් පානය කළ බවක් අසන්නට ලැබුණේ ද නැත. නොකල්හි වීදි සංචාරය කළේද නැත. ඔවුහු ජාතික ඇඳුමෙන් සැරසී පාසල් ආවෝය. විශ්‍රාම යාමෙන් පසුව වුවද ඔවුහු තම අභිමානය රැකගෙන තම ගෝලයන්ගේ ගෞරවයද ආරක්‍ෂා කරමින් සැඳෑ සමය ගෙවූහ.
මේ ලියුම්කරු ඊයෙ පෙරේදා දිනෙක රඹුක්කන නගරයේ වෙළෙඳසලකට බඩු කීපයක් ගැනීමට ගියේය. මුදලාලිගේ අණසකට යටත්ව විශ්‍රාමික විදුහල්පතිවරයෙක් එහි බඩු කිරමින් උන්නේය. එසේම සතියේ සඳුදා සහ බ්‍රහස්පතින්දා යන දෙදින පමණක් පැවැත්වෙන එළවළු පොළට ගියේය. ඉස්ලාම් භක්තික එළවළු ව්‍යාපාරිකයකු ළඟ මේ ලියුම්කරුගේ මිතුරු විශ්‍රාමික විදුහල්පතිවරයෙක් එළවළු කිරමින් සිටියේය.

“මහත්තයා හදිසියේ මැරුණු මගේ දුවයි එයාගෙ දරු දෙදෙනායි ඉන්නෙ මා ළඟ. වෙන ආදායමකුත් නෑ, මම මේ මුදලාලි ළඟට ආවා…” ඔය වැනි දේ කියන්න එමට තිබේ.

ඕවා රනිල් ආවට පස්සෙ රට සංවර්ධනය වූවා යැයි කියන සංවර්ධන කාක්කන්ට නොපෙනෙන දේවල්ය. රට රටවල ගොසින් අපට ලැබෙනවා යැයි කියමින් උදම් රළටත් වඩා උඩට උදම් අනන උදවිය නොකියන දේවල්ය. රට පෝෂිතයි කියන පිංගුත්තරයන් නොකියන කතාය. අපේ දරුවන් අද ඔන්ලයින් තාක්‍ෂණය ඔස්සේ ඉගෙන ගැනීමට සිග්නල් නැති නිසා ඉගෙන ගන්නේ ගස් උඩ අට්ටාල බැඳගෙනය.

රනිල් ලොක්කා රට යනවා නම් මදෑ…

අපේ මාලිමා යන්ත්‍රයේ ලොක්කා අනුර දිසානායකත් දැන් දැන් විදේශගත වන්නේය. ඉන්දියාව, ඇමෙරිකාව, එංගලන්තය, ඔස්ටේ්‍රලියාව ආදී රටවලට මේ වන විට ගොසිනි. හෙට අනිද්දා කැනඩාවට යන්න මග බලා සිටී. අපේ රටින් බැහැර රටකට නොගිය එකම නායකයා විජයානන්ද දහනායක පමණි. ලෝක ඉතිහාසයේ එවැන්නකු ගැන මා අසා ඇත්තේ මාඕ සේතුං ගැන පමණකි.

කරත්තේ බැන්ද ගොන් බානට හපුතලේ කන්ද නැග්ග පසුව හෝ මඳ සැනසිල්ලක් තිබේ. එහෙත් දේශපාලන පට්ට ගොන්නු පටවාගෙන තුන්කුදු ගැහිගැහී බර අදින අපට මැරෙන තුරා හෝ වගතුවක් නම් නැත. අපේ දරුවන්ට පමණක් නොව ඒ දරුවන්ගේ දරුවන්ටද ඒ දරුවන්ගේ දරුවන්ටද මීමුණුබුරන්ටද යන පරිදි මේ යන ගමනේ හැටියට ඒ බර අදින්න සිදුවනවා මිස ගැලවීමක් නම් නැත.

මැරුණත් නොනවතී හමටද බැටදෙතී යැයි ජේ.ඒ. මිල්ටන් පෙරේරා කීවේය.

‘බත්කන බූරුවනේ දැන්වත් ඔය ටික හිතපල්ලා, සිහියට ගනිල්ලා’ යැයි ඔළුවට ඇන ඇන කියන්නට සිදුවී තිබේ.

ඔය රට යන එක්කෙනකු හෝ මහජනයාට සත පහක තරම් දෙයක් ගෙනාවේ නම් ඒත් කමක් නැත. සියල්ල හරියට රනිල් මහත්තයා ජනාධිපති පදවියට ප්‍රසූත වූ හැටියේම පිටරටින් ඩොලර් බිලියන හාරසියයක් ලැබෙනවා කීවා සේය.

අපේ රටේ අහිංසක ජනතාව ණය උගුලකට අසුකිරීමට දායකවූයේ දේශපාලන පරෙයියන් බව කියතත් පරයන් බව පේන්නම තියෙන උන්දැලාගෙන් පමණක් නොවේ. කහකඩ ඇතැම් චීවරධාරීහුද වගකිව යුත්තෝය.

ඇයි විදේශගතව සිටින අපේ උගතුන් යැයි කියන (ඩයස්-පෝරක) පිරිස. ඔවුන් රට සංවර්ධනයට බෙරිහං තැළුවෝය. ගෝඨාට ඡන්දෙ දෙන්න පැල් බැඳගෙන ආවෝය. එසේ ඇවිත් කටුනායක ගුවන් තොටුපොළේ යකා නැටුවෝය. දැන් ඔය එක යකෙකුවත් පේන්න නැත. බුරන්නේද නැත.

‘මේවා දෙසට නෙත් නොහෙළන උන්නෙ මොළ පිරිලාවත්ද ගොම මැටි පස්වලින් බල’ කියන්නට ඇත්තේ ඕකය. කරත්තේ බැන්ද ගොන් බානට හපුතලේ කන්ද නැග්ග පසුව හෝ මඳ සැනසිල්ලක් තිබේ.

‘බත්කන බූරුවනේ දැන්වත් ඔය ටික හිතපල්ලා,සිහියට ගනිල්ලා’ යැයි ඔළුවට ඇන ඇන කියන්නට සිදුවී තිබේ.

Sri Lanka Latest News

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

රටම ගිනියම් වෙලා! වාහනවල ළමයි තියලා යන්න එපා! වැඩිපුර වතුර බොන්න – නාන්න! Sri Lanka Latest News

Next Post

හාට් ඇටෑක් හැදුණු අයට හාට් ඇටෑක් වැඩිවෙන වැඩක්! Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.