• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බෙහෙත් නැතිව මැරෙන්න ගිය රෝගීන් ලක්ෂ ගණනකගේ ජීවිත බේරෙයි! මහින්ද මැදිහත්ව බිලියන 17ක අත්‍යවශ්‍ය ඖෂධ අමෙරිකාවෙන් ලංකාවට අරන් දෙයි! I Sri Lanka Latest News

February 23, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
අමෙරිකාවෙන් බිලියන 2.6ක හදිසි වෛද්‍ය ආධාර තොගයක් ලංකාවට ගන්න මහින්ද අනුමැතිය ගනී! මේ ගත්තේ 4 වැනි වතාවට! ලබන සතියේදී ගුවන් මගින් ලංකාවට!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ආධාර සහ ඖෂධ සැපයුම් අත්‍යාවශ්‍ය මොහොතක, තානාපති මහින්ද සමරසිංහ මහතාගේ සහ මෙම දූත මණ්ඩලයේ ඉල්ලීමක් මත, එක්සත් ජනපදයේ සුප්‍රසිද්ධ රාජ්‍ය නොවන සංවිධාන තුනක් මගින් ශ්‍රී ලංකාවේ ජනතාව වෙත නොමසුරුව ආධාර ලබාදී ඇත. නවතම සංඛ්‍යාලේඛනවලට අනුව 2022 ජූලි මාසයේ සිට මේ දක්වා, මෙම තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සම්බන්ධීකරණයෙන් දළ වශයෙන් ඇ.ඩො. මිලියන 53.9 ක් වටිනා (ආසන්න වශයෙන් රු.17,067,973,528) ඖෂධ ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවේ ජනතාවට කිසිදු වියදමකින් තොරව පරිත්‍යාග කර ඇත. මෙම රාජ්‍ය නොවන සංවිධාන විසින් පරිත්‍යාග කරන ලද ඖෂධ සහ වෛද්‍ය සැපයුම් අතර වේදනා නාශක සහ ප්‍රතිජීවක, අධි රුධිර පීඩනය සහ අනෙකුත් හෘද රෝග සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ඖෂධ, විෂාදය වැනි මානසික තත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා වන ඖෂධ, භින්නෝන්මාදය, බයිපෝල අක්‍රමිකතා යනාදි මානසික තත්වයන්ට අවශ්‍ය ඖෂධ, ඉන්ද්‍රිය බද්ධ කිරීම් සඳහා භාවිතා කරන ප්‍රතිශක්ති නාශක, ඔන්කොලොජි (පිළිකා) ඖෂධ, ඇදුම රෝග ලක්ෂණ සහ හුස්ම ගැනීමේ අපහසුතා සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ඖෂධ, ප්‍රසව හා කිරි දීමට වන විටමින්, මන්දපෝෂණයෙන් පෙළෙන මව්වරුන් සඳහා බහු ක්ෂුද්‍ර පෝෂක අතිරේක (MMS), සහ නිදන්ගත රෝග ඖෂධ, කැතීටර්, සිරින්ජ සහ අත්වැසුම් යනාදිය වේ.Sri Lanka Latest News

ජාත්‍යන්තර සහයෝගීතාවයේ සහ මානුෂීය ආධාරවල තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් වොෂින්ටනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් පහසුකම් සපයන ලද ඇ.ඩො. 201,208.32 (ආසන්න වශයෙන්. රු. 63,632,131) වටිනා නවතම ඖෂධ තොගයක් Americares විසින් පරිත්‍යාග කර ඇත. ශ්‍රී ලංකාවේ අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවා සපුරාලීම සඳහා පහත සදහන් පාර්ශවකරුවන් විසින් සපයනු ලබන ආධාර තොග අතර මෙම පරිත්‍යාගය එම සහයෝගීතාවය වැඩි දියුණු කරමින් 2024 පෙබරවාරි 20 වන දින සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉක්මනින් බෙදාහැරීම සඳහා ලබාගෙන ඇත.

Heart to Heart International (HHI) ශ්‍රී ලංකාවට ඖෂධීය පරිත්‍යාග ලබාදීමේ ප්‍රධාන හවුල්කරුවෙකු ලෙස දිගටම කටයුතු කරනු ලබයි. මේ දක්වා, ශ්‍රී ලංකාවේ රජයට හෝ ජනතාවට කිසිදු වියදමකින් තොරව HHI විසින් දළ වශයෙන් ඇ.ඩො. මිලියන 46.8 වටිනා ජීවිතාරක්ෂක ඖෂධ පරිත්‍යාග කර ඇත. කන්සාස් ප්‍රාන්තයේ ලෙනෙක්සා හි මූලස්ථානය පිහිටි HHI ආයතනය, සෞඛ්‍යය ප්‍රවේශය වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කළ ගෝලීය මානුෂීය සංවිධානයකි. 1992 ආරම්භයේ සිට, HHI ආයතනය එක්සත් ජනපදය ඇතුළුව රටවල් 130 කට වැඩි ගණනකට ඩොලර් බිලියන 2.6 ක් වටිනා වෛද්‍ය ආධාර සහ සැපයුම් ලබා දී ඇත.

Americares යනු ශ්‍රී ලංකාවට ඖෂධීය පරිත්‍යාග ලබාදෙන තවත් ප්‍රධාන හවුල්කාර රාජ්‍ය නොවන සංවිධානයකි. මේ දක්වා Americares විසින් ඇ.ඩො. මිලියන 4.4ක් වටිනා ජීවිතාරක්ෂක ඖෂධ පරිත්‍යාග කර ඇත. Americares යනු දරිද්‍රතාවයෙන් හෝ ව්‍යසනයෙන් පීඩාවට පත් වූ පුද්ගලයින්ගේ ජීවිත ආරක්ෂා කරන සහ සෞඛ්‍යය වැඩි දියුණු කරන, සෞඛ්‍ය කේන්ද්‍ර කරගත් සහන සහ සංවර්ධන සංවිධානයකි. සෑම වසරකම, මෙම සංවිධානය එක්සත් ජනපදය ඇතුළුව සාමාන්‍යයෙන් රටවල් 85කට පමණ ජීවිතය වෙනස් කරන සෞඛ්‍ය වැඩසටහන්, ඖෂධ, වෛද්‍ය සැපයුම් සහ හදිසි ආධාර ලබාදීම සඳහා ඉදිරිපත්වේ. වසර 40කට පෙර එය ආරම්භ කළ දා සිට ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් 164කට ඩොලර් බිලියන 20කට වැඩි ආධාර ලබා දී ඇත.

මීට අමතරව, HOPE Worldwide ආයතනය 2022 සැප්තැම්බර් මාසයේදී ඇ.ඩො. මිලියන 2.7ක් වටිනා අත්‍යාවශ්‍ය ඖෂධ පරිත්‍යාග කළේය. ලොව පුරා සිටින දුප්පතුන්, රෝගීන් සහ දුක් විඳින අයට සේවය කිරීමේ අරමුණින්, HOPEww 1991 දී පිහිටුවන ලදී. HOPEww සංවිධානය අවශ්‍යතා ඇති රටවල් සමඟ එක්ව, එම රටවල ස්වේච්ඡා සේවකයන් සන්නද්ධ කිරීම, ව්‍යසනයන්ට උදව් කිරීම, සහ ලෝකය තුළ වැඩි බලාපොරොත්තුවක් ඇති කිරීමට ප්‍රජාවන් ශක්තිමත් කිරීම ආදිය සිදුකරනු ලබයි.

වොෂින්ටන් ඩී.සී. හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉහත සඳහන් කළ සියලුම සංවිධාන විසින් අඛණ්ඩව සපයනු ලබන සහාය බෙහෙවින් අගය කරනු ලබයි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය,

වොෂින්ටන්, ඩී.සී.

2024 පෙබරවාරි 21

SendShareShare
Previous Post

ජනපති ගැන ආණ්ඩුව ගැන මහනායක හිමිවරුන්ගේ විශ්වාසය බිඳ  වැටිලා! මහනුවර කාන්තා සමුලුව 24..! කන්ද උඩරට සජබ ගැහැනු හයිය පෙන්වන්න හිරුණිකා ලෑස්ති වෙයි! මහනායක හිමිවරුන් හමුවී ආශිර්වාද ලබා ගනී! VIDEO I Sri Lanka Latest News

Next Post

පෝය දවසේ දේශපාලඥයන් විවේක සුවයෙන් ගෙදරට වෙලා ඉද්දී විපක්ෂනායක සජිත් අවිස්සාවේල්ල සහ උතුරු කොළඹ දරුවන්ට සක්වලින් ස්මාර්ට් පන්ති කාමර දෙකක් දෙයි! හෙට මාතලේ දරුවන්ට තවත් එකක් පරිත්‍යාග කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News
Exclusive

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News
Exclusive

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

Load More
‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

කිසිවකුගේ කොන්ත්‍රාත්තුවකට අනුව විපක්ෂයට හා විපක්ෂනායකවරයාට ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව පොහොට්ටුවේ දැඩි ප්‍රහාරයට ලක්වූ තිස්ස කුට්ටිආරච්චි යළිත් වතාවක් විපක්ෂයට සහ...

Read more
නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.