• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

1988 ප්‍රේමදාස-විජේවීර-විජය…! 2024 සජිත්-අනුර…! නිර්ප්‍රභූන්ට එරෙහි නිර්ප්‍රභූ සටන! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

February 17, 2024
in Exclusive, Gurudawa
Reading Time: 5 mins read
A A
1988 ප්‍රේමදාස-විජේවීර-විජය…! 2024 සජිත්-අනුර…! නිර්ප්‍රභූන්ට එරෙහි නිර්ප්‍රභූ සටන! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලංකාවේ දේශපාලන ඉතිහාසයේ ජේ.ආර්. සහ බණ්ඩාරනායක මැතිනිය අතර තිබුණු දේශපාලන වෛරය තරම් වෛරයක් වෙනත් කිසිදු ප්‍රතිවිරුද්ධ නායකයන් දෙදෙනෙක් අතර තිබිලා නැත. 1970-1977 සමගි පෙරමුණු ආණ්ඩු කාලයේ එවක අගමැතිනි බණ්ඩාරනායක මැතිනිය 1971 කැරැල්ල වෙලාවේ ජේ.ආර්.ගේ එකම පුත් රවී ජයවර්ධන කිසිදු චෝදනාවකින් තොරව අත්අඩංගුවට ගනු ලැබුවාය. ඒ වගේම ජේ.ආර්. සහ බිරිය ඔස්ටේ්‍රලියාවේ සංචාරයකට යෑමට ගුවන් යානයේ සිටියදී විදේශ විනිමය චෝදනාවක් නගා ජේ.ආර්.ව අත්අඩංගුවට ගන්න උත්සාහ කරනු ලැබුවාය.
විපක්ෂ නායක ලෙස තමාට බණ්ඩාරනායක මැතිනිය දුන් වදය ජේ.ආර්. අමතක කළේ නැත. ඔහු ජනාධිපති වූ පසු ඉඩම් චෝදනාවක් නගා ජේ.ආර්. ඇයගේ ප්‍රජා අයිතිය අහෝසි කරනු ලැබීය.Sri Lanka Latest News

මේ දෙදෙනාම ප්‍රභූ දේශපාලන පන්තියේ නායකයන්ය. මැතිනිය වලව්කාරියකි. ජේ.ආර්. කොළඹ කුරුඳුවත්තේ ප්‍රභූ පවුලක නායකයෙකි. මේ දෙදෙනාගේ වෛරය සමහන් වූයේ 1988 නිර්ප්‍රභූ පවුලක නායකයකු වූ රණසිංහ ප්‍රේමදාස පරදින්න නියමිත ජනාධිපතිවරණය දිනන ලකුණු පෙනෙන්න පටන්ගත් විටදීය.

1988 ජනාධිපතිවරණය කට ළඟ තිබියදී ජේ.ආර්. සහ අනුර හමුවී භාරකාර රජයක් පිහිටුවන්න සාකච්ඡා ආරම්භ කළහ. මේ සාකච්ඡාවලට ශ්‍රීලනිපය එකඟ වූයේ මැතිනියගේ රැස්වීම්වලට ජවිපෙ තර්ජනය එල්ල වීමෙන් පසුවය. ජවිපෙ භීෂණය නිසා මැතිනියගේ ඡන්ද පදනමට වන හානිය ප්‍රේමදාසගේ යූ.ඇන්.පී. ඡන්ද පදනමට වන හානියට වඩා දරුණු බව ශ්‍රීලනිපයට තේරුම් ගියේ පසුවය. ප්‍රේමදාසට රැස්වීමක්වත් තියාගත නොහැකි ලෙස ජවිපෙ භීෂණය ව්‍යාප්ත කළත් යූ.ඇන්.පී.යේ ඡන්ද පදනම වූ වතුකරයේ සහ නැගෙනහිර මුස්ලිම් ඡන්ද පදනම තුළ භීෂණය ව්‍යාප්ත කරන්න ජවිපෙ අසමත් විය. ආණ්ඩුව සහ විපක්ෂය එක්වී භාරකාර රජයක් පිහිටුවා ජනාධිපතිවරණය පවත්වන්න සුදුසු වාතාවරණයක් හැදීම ජේ.ආර්.ගේත් අනුරගේත් සාකච්ඡාවල අරමුණ විය.

ඒත් ඇත්ත අරමුණ නම් ප්‍රේමදාස ජනාධිපති වීම වළක්වා ගැනීමය. මේ සාකච්ඡා ගැන ඉව වැටී ප්‍රේමදාසට යකා නැග්ගේය. ඔහු බොරැල්ලේ රැස්වීම අවසන් කොට ජේ.ආර්.ගේ වෝඞ් ප්ලේස්හි නිවෙසට ගොස් ජනාධිපති අපේක්ෂකත්වයෙන් තමන් ඉවත් වන බවට තර්ජනය කළේය. ඒ වෙලාවේ පක්ෂය හිටියේ ප්‍රේමදාස එක්කය. ජේ.ආර්. බය විය. සාකච්ඡා අතරමග නතර විය.

ඒ වෙලාවේ ජේ.ආර්.ගේත් මැතිනිය-අනුර ඇතුළු බණ්ඩාරනායකවරුන්ගේත් ඉලක්ක දෙකක් තිබිණි. පළමු ඉලක්කය ප්‍රේමදාස ජනාධිපති වීම වළක්වා ගැනීමය. දෙවැනි ඉලක්කය ජවිපෙ මර්දනය කරන්න සර්වපාක්ෂික එකඟතාවක් ඇතිකර ගැනීමය.

ප්‍රේමදාස වගේම විජේවීරත් නිර්ප්‍රභූ නායකයෙකි. ප්‍රේමදාස ජයග්‍රහණය කිරීම හෝ විජේවීර රට අල්ලා ගැනීම ලංකාවේ ප්‍රභූ දේශපාලන පන්තිය ඉවසුවේ නැත.

ඒ, 1988දීය. හරියටම එයට වසර 36කට පසු ජනාධිපතිවරණයක් අබියස නිර්ප්‍රභූ දේශපාලන නායකයන් දෙදෙනෙක් ජනාධිපති සටනට එක්වී ඇත. එක් අයෙක් රණසිංහ ප්‍රේමදාසගේ පුතා සජිත් ප්‍රේමදාසය. අනෙකා තඹුත්තේගම ගමේ ඉස්කෝලෙන් ආ ජවිපෙ නායක අනුර කුමාර දිසානායකය. මේ දෙදෙනාගෙන් කවුරුන් හෝ ජනාධිපති වීම ප්‍රභූ පන්තිය ඉවසන්නේ නැත.

ජනාධිපතිවරණය කට ළඟ තිබියදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන යෝජනාවක් ගෙන එන්නේ ජනාධිපති පුටුව නිර්ප්‍රභූ සජිත්ට හෝ අනුරට යෑම වළක්වන්නටය.

මේ ප්‍රභූ මානසිකත්වය අරුමපුදුම මානසිකත්වයකි. 1988 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙද්දී මැතිවරණ කොමසාරිස් කාර්යාලයට ආ බණ්ඩාරනායක මැතිනිය ප්‍රතිඵල අත්හිටුවන ලෙස ප්‍රකාශ කොට කොමසාරිස් කාර්යාලයේ පුටුවකට පයින් ගසා යන්න ගියාය. ජේ.ආර්. සිය චරිතාපදානයේ සඳහන් කරන්නේ මැතිනියට ප්‍රේමදාස අතින් පරාජයට පත්වීම විඳදරාගත නොහැකි වූ බවය.

ප්‍රේමදාස දිනා ජවිපෙට ඇමැතිකම් තුනක් දී සභාග ආණ්ඩුවක් පිහිටුවන්න කතා කරද්දී ප්‍රභූ පන්තිය යළි ක්‍රියාත්මක විය. ප්‍රේමදාසගේ ආණ්ඩුවේ ප්‍රබලතම ඇමැතිවරුන් දෙදෙනා වූ ජේ.ආර්. පත් කළ පක්ෂ ලේකම් රාජ්‍ය ආරක්ෂක ඇමැති රන්ජන් විජේරත්න සහ ජේ.ආර්.ගේ බෑණා වූ සභානායක රනිල් වික්‍රමසිංහ එක්වී ජවිපෙ මර්දනය කරන තැනට ප්‍රේමදාසව තල්ලු කරද්දී බණ්ඩාරනායක මැතිනිය ප්‍රේමදාසගේ සර්වපාක්ෂික සමුළුවට පැමිණ ජවිපෙ මර්දනය සාධාරණීකරණය කරනු ලැබීය.

1983න් පසු ලංකාවේ දේශපාලනයේ නිර්ප්‍රභූ නායකයන් තුන්දෙනෙක් මතුවිය. ඒ, රණසිංහ ප්‍රේමදාස, රෝහණ විජේවීර සහ විජය කුමාරතුංගය. ප්‍රභූ පන්තියට මේ නිර්ප්‍රභූ නායකයන් තිදෙනා මහත් හිසරදයක් විය. ඔවුහු උපක්‍රමශීලීව දාම් ඉත්තන් ඇද්දාහ. නිර්ප්‍රභූ නායකයෝ තිදෙනා එකිනෙකා මරාගන්න සටන ආරම්භ කළහ.

ජේ.ආර්. විජයව අත්අඩංගුවට ගත්තේය. විජේවීරගේ පක්ෂය තහනම් කොට විජේවීරව කැලයට හිර කළේය. මැතිනිය සහ අනුර වැඩියෙන්ම ගැහුවේ ප්‍රේමදාසට සහ පවුලටය. මැතිනිය සහ අනුර විජයව පක්ෂයෙන් එළියට දමනු ලැබීය. 1971දී මැතිනිය විජේවීරව හිරේට දැම්මාය. 1988 ජවිපෙ සමග සන්ධානගත වීමට ජවිපෙ දමපු කොන්දේසි ප්‍රතික්ෂේප කළාය.

ඒත් ප්‍රේමදාසවත්, විජේවීරවත්, විජයවත් තමන්ට තර්ජනය තියෙන්නේ ප්‍රභූ පන්තියෙන් බව තේරුම් ගත්තේ නැත. ඔවුන් තමන්ගේ හතුරා ලෙස දැක්කේ තමාගේම පන්තියේ නායකයන්ය. ප්‍රභූ පන්තියටත් ඕනෙ වුණේ ඒකය. විජේවීර, විජයව හතුරෙක් ලෙස දැක්කේය. විජය, විජේවීරව හතුරෙක් ලෙස දැක්කේය. විජේවීරගේ අතින් විජය මැරුම්කෑවේය. ප්‍රේමදාසගේ අතින් විජේවීර මැරුම්කෑවේය. අවසානයේ යූ.ඇන්.පී. ප්‍රභූ පන්තියයි, බණ්ඩාරනායක මැතිනියයි එක්වී ප්‍රේමදාසට එරෙහි දෝෂාභියෝගයක් ගෙනැවිත් ප්‍රේමදාස නොමරා මරනු ලැබීය.

ප්‍රේමදාසව ඝාතනය කළේත් උතුරේ නිර්ප්‍රභූ පන්තියක නායකයකු වූ ප්‍රභාකරන්ය. ප්‍රේමදාස, විජය, විජේවීර මෙන් ප්‍රභාකරන්ද උතුරේ ප්‍රභූ පන්තියට එරෙහිව කැරැලි ගහපු නිර්ප්‍රභූ නායකයෙකි. මේ හතර දෙනාම උසස් යැයි සම්මත කුල නියෝජනය නොකරන හතර දෙනෙකි.

ඉතිහාසයේ එකම සිදුවීම අද වෙනස් විදියකට සිදුවෙමින් තිබේ. නිර්ප්‍රභූ නායකයන් දෙදෙනෙක් අතර සටන ප්‍රභූ පන්තිය බය බිරාන්ත වී බලා සිටී. ජනාධිපතිවරණ නැති කරන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන යෝජනා ප්‍රභූ පන්තියේ කුමන්ත්‍රණය.

ප්‍රේමදාස, විජේවීර, විජය මෙන් සජිත් සහ අනුරද තමන්ගේ හරි හතුරා කවුද කියා හඳුනාගෙන නැත. සජිත් හිතන්නේ තමන්ගේ හතුරා අනුර කියාය. අනුර හිතන්නේ තමන්ගේ හතුරා සජිත් කියාය. ඒත් මේ දෙන්නාගේම හතුරා ප්‍රභූ පන්තියය.

හැබැයි 1988 ජවිපෙ භීෂණය ප්‍රභූ පන්තියට කටඋත්තර නැති කළා සේ 2022 අරගලය ප්‍රභූ පන්තිය කකුල් දෙකෙන් ඔසවා පොළොවේ ගසා ඇත. ප්‍රභූ පන්තිය 1988 දුර්වල වූ වෙලාවේ ආවේත් නිර්ප්‍රභූ ජනාධිපතිවරයෙකි. මෙවර ප්‍රභූ පන්තිය ඔළුවෙන් හිටවලා ඉන්න වෙලාවකත් එන්න ඕනා නිර්ප්‍රභූ ජනාධිපතිවරයෙකි.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

එකම තැන එකම මයික් එකට ප්‍රසන්න රනිල්ට කඩේ යයි! කුට්ටි බැසිල්ට ක‌ඩේ යයි! අර්බූදය උග්‍රයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුව කරන්න ඕන තවත් වැඩක් විපක්ෂයේ ඉඳගෙන සජිත් කරයි! ආර්ථික අර්බූදය නිසා වැටිලා ඉන්න ව්‍යාපාරිකයන් මුහුණ දෙන ගැටලු සාකච්ඡා කර විසඳුම් දෙන්න යුරෝපා සංගමයේ තානාපතිනිය එක්ක මුහුණට මුහුණ හමුවක් සූදානම් කරයි! VIDEO I PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.