• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහින්ද තමයි හොඳටම කළේ? I Sri Lanka Latest News

February 19, 2024
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලංකාවේ දේශපාලනය කියන්නේ තනිකරම මඩ ගොහොරුවක්. 2019 ජනාධිපතිවරණය දවස්වල ගෝඨාභයට පක්ෂව කඩේ ගිහිල්ලා පස්ස බිම ඇනගත්ත සමහර නළු නිළියෝ නම් කිව්වේ ලංකාවේ දේශපාලනය මඩගොහොරුවක් නෙවෙයි, නරා වළක් කියලයි. රාජපක්ෂවරු එකතු වෙලා පෙළින් පෙළට රට පාලනය කරන්න ගත්තම තවදුරටත් ලංකාවේ දේශපාලනය ඒ නරා වළෙනුත් පල්ලමටම ගියා. ගොඩ ගන්න බැරි විදියටම රට නන්නත්තාර වුණා.(Sri Lanka Latest News)

මෙහි පළමු වගකීම භාරගත යුත්තේ කවුද? එහාට මෙහාට වැනෙන්නේ නැතුව හරියටම ‘උඹයි ඒකට වැරැදිකාරයා’ හෝ ‘උඹලයි මේක කළේ’ කියලා ඇඟිල්ල දිගුකරන්න පුළුවන් කාටද? කොයි පක්ෂයටද? කොයි නායකයාටද?

මුහුණු පොත පුරා නම් නිතරම තියෙන්නේ,

‘225ම අපට එපා. ඔක්කොම චුත වෙලා යන්න ඕනේ…’

‘71 ඉඳන් හැමෝම මේ රට ටිකෙන් ටික කනවා. දැන්වත් හරි මිනිහෙකුට නායකත්වයක් එන විදියට කතිරය ගහපල්ලා…’ වැනි වදන්ය.

71 ඉඳන්ම ආව හැම ආණ්ඩුවක්ම මේ රට කෑවද? නන්නත්තාර කළාද?

බොහෝ විට සමස්තයක් විදියට ගත්තාම දේශපාලනය හෝ දේශපාලකයා කියන්නේ අංගසම්පූර්ණ පිරිසිදුම චරිතයක් නෙවෙයි. හැමෝගෙම වැරැදි තියෙනවා. කිසිම දේශපාලකයෙක් රටවැසියන්ට සේවය කරනවා, රටේ දියුණුවට වැඩ කරනවා කියන ශුද්ධ වූ හැඟීමෙන් විතරක්මද මැතිවරණයකට එන්නේ? නැහැ. මීයක් කඩන්නේ අත ලෙවකන්නම නෙවෙයි කිව්වා වගේ කිසිම දේශපාලකයෙක් නිකන්ම නිකන් ගෙදර යන්න දේශපාලනයට එන්නේ නැහැ. වැටුපට අමතරව විශ්‍රාම වැටුපට අමතරව ඔවුන් තව මොනවා හරි යමක් අතමිට මොළවාගෙන තමයි යන්නේ. ඒ අතමිට මොළවාගෙන යන දේ අතර රන්මසු විතරක්ම නෙවෙයි, ගේ දොර ඉඩකඩම්, වෙනත් සුවිශේෂ වරප්‍රසාදද තියෙනවා වෙන්න පුළුවන්.

දේශපාලනයට එන හැමෝගෙම වාගේ තියරිය ඒකයි. සමස්තයක්ව ගත්තොත් එයාලගේ ක්‍රමය ඒකයි. විශේෂයෙන්ම යුරෝපා රටවලට වඩා ආසියානු රටවලට දේශපාලනය කියන විෂය තුළදී ඒ තියරි සාමාන්‍යයි. සරලව කියනවා නම් රටටත් කරලා ජනතාවටත් සහන දීලා තමන්ටත් යමක් සාක්කුවේ දාගන්නා යම් සාධාරණ හොරුද දේශපාලන විෂය තුළ සිටිති. ‘මමත් ටිකක් ගන්නවා. උඹලටත් නොදී ඉන්නේ නැහැ. රටටත් සුගතියක් ඇතිකරනවා.’ සාධාරණව ගසාකන සමහර දේශපාලකයන්ගේ තියරිය පැහැදිලිවම ඒකය.
අද ඒ තියරියට අනුව දේශපාලනයට එන නායකයන් ඉන්නවද?

හිතාගන්නට අමාරුය. ‘මුන් හැමෝම හොරු මල්ලි’ කියා රන්ජන් රාමනායක කිව්වත් හැමෝම හොරු නොවන තැන්ද තියෙන්නට පුළුවනිය. මෙහිදී දේශපාලන නායකයන් හොරකමට නැඹුරු වන්නේ බොහෝ විට විදේශ රටවලින් ගන්නා ණය හරහාය. ඔවුන් මේ ණය ගන්නේ සංවර්ධනය සඳහා යැයි කියමින් රට උකසට තබමින්ය. හොරකම දියත් වන හොරකමට හිතාමතාම පාර කපාගන්නා ප්‍රධානම මාර්ගයක් වන්නේ ඒ ණය ගන්නා සැලැස්මය. මෙවැනි කතා කිසිසේත්ම අලුත් කතා නොව යල් පැනගිය පරණ කතාය. මේ කතිකාව ලියවෙන්නේ ඒ ගැන යම් මතක් කිරීමකට පමණය.

මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයෙහි සිටියදී ගත් ණය කන්දරාව කොහොමවත් සුළුපටු නැත. එහි ඉලක්කම් ගණන ඇහෙන කලද අසන්නාගේ මුවින්, ‘මගේ දෙවියනේ’ යැයි කියවුණේ නැත්නම් එය පුදුමයකි. ඒ තරමට ඒ ගණන් අහන කල හීන් දාඩිය දමන්නේය. ඩොලර් බිලියන 31ක් මහින්ද ණයට ගත්තේ කිසිදු විදේශ ආදායමක් උපයාගන්නට බැරි ව්‍යාපෘති වෙනුවෙන්ය. එම මහා පරිමාණයේ ව්‍යාපෘති අතර මහාමාර්ග, ජොගින් පාත්, නෙලුම් කුලුන, සම්මන්ත්‍රණ ශාලා, හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපළ වැනි අංගයන් ප්‍රධාන විය. ණය ගත් ගණන සහ එයින් කළ පලකට නැති වැඩ පැහැදිලිව සටහන් වුවද මෙයින් මහින්ද කොපමණ ගණනක් යටිමඩි ගසා ගත්තාද, එයින් ඔහු ලැබූ ලාභ ප්‍රයෝජන කොතෙක්දැයි යන්න කිසිවකු හරියටම දන්නේ නැත.

එතකොට විදේශ රටවලට ඉන්දීය සාගරේ මුතු ඇටය හිලව් කොට නිස්කාරණේ සල්ලි කෝටි ගණන් ගත්තේ මහින්ද රාජපක්ෂ විතරයිද?

විදේශ රටවලට සිය මවු රට උකස් කර ණය ගත්ත ජනාධිපතිවරුන් තව ඕනෑ තරම් සිටියා. හැබැයි මෙච්චර විශාල ණයකට රට උකස් කළ එකම නායකයා මහින්දය. මවු රට අගතියට පත්ව තියෙන්නේ එක වේලක් හෝ හරියකට කන්නට බැරි තාලෙට රටේ මිනිස්සු අසරණ වී සිටින්නේ මහින්දලා ගත්ත ඒ ණයවල ඵල විපාක නිසාය.

රට කරවපු රාජ්‍ය නායකයන් අතර ණය ගත්තවුන් තවත් හිටියා. ජේ.ආර්. ජයවර්ධන ඩොලර් බිලියන 4ක් ණයට ගත්තා. එයට හේතු වුණේ මහවැලිය, වෙළෙඳ කලාප සහ වෙනත් සුළු පරිමාණයේ ව්‍යාපෘතීන්ය.

රණසිංහ ප්‍රේමදාස ණය ගත්තේ මහවැලිය, වෙළෙඳ කලාප සහ කර්මාන්ත පුර වැනි ව්‍යාපෘති සඳහාය. ඒ ණයවල වටිනාකම ඩොලර් බිලියන 1.7කි.

ජනාධිපති ඩී.බී. විජේතුංග ගත් විදේශ ණය ප්‍රමාණය අනෙක් රාජ්‍ය නායකයන් ගත් ණය සමග සසඳන විට ඉතා කුඩාය. එහි වටිනාකම ඩොලර් බිලියන 1කි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක ඩොලර් බිලියන 3.1ක විදේශ ණයක් ගෙන තිබුණේ නම්කොට නැති සුළු ප්‍රමාණයේ ව්‍යාපෘති කිහිපයක් සඳහාය.

මෛත්‍රීපාල සිරිසේනද විදේශ රටවලින් තරමක ප්‍රමාණයේ ණය මුදලක් ලබාගෙන තිබුණේය. ඔහුගේ ණය සඳහා ව්‍යාපෘතියක් හෝ සංවර්ධන මෙහෙවරක් ගැන සඳහන්ව තිබුණේ නැත. මෛත්‍රි ගත් ණය මුදලට හේතු වී තිබුණේ මහින්ද රාජපක්ෂ ගත් ණයවලින් කිසියම් ප්‍රමාණයක්වත් ගෙවා දැමීම සඳහා තමා ඒ මුදල ගත් බවය. එම ණය මුදලෙහි වටිනාකම ඩොලර් බිලියන 11කි.

බලාගෙන යන විට මහින්ද රාජපක්ෂ තරම් මවු රට වෙනුවෙන් විදේශ රටවලට බිලියන ගණන් ණය වූ නායකයකු තවත් නැත. ඒ, එදා ඉඳන් මේ රටට ආ හැම එකෙකුම මේ රට කෑවාය කිව්වාට මහින්ද තරමට එය හපකර දැමූ තවත් නායකයකු නැති තරම් බව බොහෝ දෙනාගේ විශ්වාසයය. යුද ශාපයෙන් රට මුදාහැරියද පළමුවත් මවුබිම, දෙවැනුවත්, තුන්වැනුවත් මවුබිම යැයි ගැඹුරු හඬින් කියා පපුවෙහි වම් පැත්තට අත මිට මොළවා ගහගත්තද ඔහු තරම් සිය මවුබිම ප්‍රපාතයට ඇද දැමූ නායකයකු තවත් නැති බව බොහෝ දෙනාගේ චෝදනාවය.

කෙදිනක හෝ බිහිවන එකකුත් නැත. බිහිවේවා යැයි පරම හතුරකු වෙනුවෙන්වත් සිතන්නට හොඳ නැත. සමහර ජනාධිපතිවරු ණය ගෙන තිබුණේ රට හදන්නටය. රටට යමක් ඉතුරු කරන්නටය. මහින්දගේ පැමිණීමත් සමග පලකට නැති ජොගින් ට්‍රැක් වැනි ව්‍යාපෘති සඳහා ගත් ණය තවමත් ගෙවා අවසන් නැත. මහින්දගෙන් පසුව පැමිණි සමහර නායකයන් ඒ ණය ගෙවීමට තව තව රටවලට ණය වෙමින් සිටින කතාව ඉතා ශෝචනීයය. ඒ ශෝචනීය බවට ගොදුරුව ණය ගෙවමින් සිටින්නේ අත කට පුරෝලා ණය ගත් මහින්ද රාජපක්ෂ ඔහුගේ පවුලේ අය නොවේය. අසරණ රට වැසියන්ය.

එයින් එහා තවත් කුමක් කියන්නද?

කිව යුත්තේ එදා ඉඳන් ආපු එවුන් ඔක්කොම රට කෑවා කියනවාට වඩා මහින්ද ඇවිදින් යුද නිදහස විකුණමින් රට නැත්තටම නැති කළා කියලාය. බලාගෙන ගියාම හොඳටම කළේ මමයි කියා ගෝඨාභය තමන්ටම කියාගත්තාට ණය ගෙන රට අගාධයට දැමූ විනාශය දෙස බලන විට හොඳටම කළේ මහින්ද බව නොකියාම බැරිය.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ජනාධිපතිවරණ ප්‍රතිපලය ගණන් හදලා චන්දිම ප්‍රකාශ කරයි! මෙන්න ඡන්ද ලැබෙන හැටි! VIDEO I Sri Lanka Latest News

Next Post

රාජ්‍ය ඇමැති චාමරයි කැබිනට් ඇමැති බන්දුලයි බදුල්ලේදී හැප්පෙයි! දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම්! I Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.