යුක්තිය මෙහෙයුම යටතේ ගතවු පැය 24 තුළ දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලින් සැකකරුවන් 625 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 545 දෙනෙකු සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 80 දෙනෙකු ඊට ඇතුළත් වන බව පොලීසිය පැවසුවේය.
සැකකරුවන් සතුව තිබි හෙරොයින් ග්‍රෑම් 160ක්, අයිස් ග්‍රෑම් 152ක්, සහ ගංජා කිලෝග්‍රෑම් 10යි ග්‍රෑම් 745ක් සහ මත්පෙති 683ක් පොලිස් භාරයට ගෙන තිබේ.
එමෙන්ම අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටින සැකකරුවන් 80දෙනා අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත් කර සිටින සැකකරුවන් 03 දෙනෙකු සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 74 දෙනෙකු ද සිටින බව පොලීසිය පැවසුවේය.










