හෙට හෝ අනිද්දා දිනයේ නැවත වතාවක් සෞඛ්‍ය වැඩවර්ජනයකට යොමුවීමට සිදුවනු ඇති බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසනවා. Sri Lanka Latest News
ඒ අද (12) මුදල් අමාත්‍යාංශය සමග පැවති සාකච්ඡා සාර්ථක නොවීම හේතුවෙන් එම තීරණය ගත් බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් කියා සිටිනවා.
නායකත්ව මණ්ඩලය අද දහවල් රැස්වීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු වැඩිදුරටත් පැවසුවේ.
ජනාධිපතිවරයාගේ මැදිහත් වීමක් මෙම ගැටලුවට අත්‍යවශ්‍ය බවත් එසේ නොමැති වුවහොත් ජනතාව දැඩි අසීරුතාවයකට ලක්විය හැකි බවත් ඔහු සඳහන් කරනවා.










