• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පත් ටෙන්ඩරය ඉන්දියානු සමාගමකට දෙන්නයි යන්නේ! පුබුදු ජාගොඩගෙන් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

February 11, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
වෙළෙඳ ඇමැති බෑ කියනවා! ගෑස් සභාපති නෑ කියනවා! තෙල් ඇමැති සොරි කියනවා! අගමැති කියනවා අමාරුයි කියනවා! මේ හැත්ත බුරුත්තම එළවන්න ඕනේ! රුසියන් ගුවන් යානාවේ ප්‍රශ්නෙට නාමල් අත්අඩංගුවට ගන්න ඕනේ! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ලංකාවේ ජනතාවගේ ජෛවමිතික දත්ත ඉන්දියාවට ලබාගත හැකි ආකාරයට ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පත් ටෙන්ඩරය ඉන්දියානු සමාගමකට ලබාදීමට  සූදානම් බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා කරයි. පෙබරවාරි 9 වැනිදා නුගේගොඩ එම පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මෙම හෙළිදරව්ව කළේය. එහිදී පහත තොරතුරු ඔහු ඉදිරිපත් කළේය.Sri Lanka Latest News

”පසුගිය පෙබරවාරි පළමුවැනිදා ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා ප්‍රකාශයක් කළ බව මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඔහු කියන්නේ ලංකාවේ පවතින හැඳුනුම්පත වෙනුවට ජෛවමිතික ලක්ෂණ රැගත් ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පතක් නිකුත් කිරීමේ ටෙන්ඩරය ලබා ගැනීමට ඉන්දියානු සමාගමක් සමත් වන බව. පසුගිය වර කැඳවූ ටෙන්ඩරයේ ප්‍රශ්න තිබුණත් මේ වසරේ මැද වනවිට යමක් සිදුවනු ඇති බව ඔහු පැවසුවා. ලංකාවේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සහ ඒවාට අදාළ රජයේ ප්‍රසම්පාදන කටයුතු සම්බන්ධයෙන් ඉන්දියානු මහ කොමසාරිස්වරයා මෙවැනි ප්‍රකාශ කරන්නේ කොහොමද? ටෙන්ඩර් කැඳවීමේ කාල වකවානු සහ ටෙන්ඩරය ලබා දෙන්නේ කාටද කියන එක තීරණය කරන්නේ ඉන්දියාවද? ලංකාව ඉන්දියාවේ යටත් විජිතයක් හෝ තවත් ප්‍රාන්තයක්ද? මහ කොමසාරිස්වරයා ලංකාවේ ආණ්ඩුකාරයාද? ඉන්දියාව මෙවැනි ප්‍රකාශයක් කිරීමට බලපෑ තත්වය අපි පැහැදිලි කරන්නම්.

මේ වනවිට භාවිතා වන ජාතික හැඳුනුම්පතේ තිබෙන්නේ අපේ නම, ලිපිනය, උපන්දිනය, උපන් ස්ථානය වැනි ජීව දත්ත, බයෝ ඩේටා. මේ වෙනුවට ජනතාවගේ ජෛවමිතික ලක්ෂණ, Biometrics ඇතුලත් හැඳුනුම්පත් නිකුත් කරන්න 2015දී පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනතට සංශෝධනයක් සිදු කළා. ඒ අනුව රජයට පුළුවන් ජනතාවගේ ඇඟිලි සලකුණු, මුහුණේ දත්ත, ඇස් වල අනන්‍යතා ලක්ෂණ වැනි ජෛවමිතික ලක්ෂණ ලබාගෙන ගබඩා කරන්න. මේක ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක්. ඉස්සර වැඩවසම් සමාජ ක්‍රමය පැවතුනු කාලයේ රජය ගැන තිබුණේ දේව වරම්වාදය. ඒකට අනුව රජයට බලය ලැබෙන්නේ දෙවියන්ගෙන් නිසා පුරවැසියාගේ ශරීරයට රජයට මැදිහත් වෙන්න පුළුවන්. නමුත් ධනවාදයේ ආරම්භයත් සමග වර්ධනය වුනු ලිබරල් අදහස් වල තිබුණේ සමාජ සම්මුතිවාදයක්. රජය යනු සමාජය විසින් ඇති කර ගන්නා සම්මුතියක් නිසා රජයට පුරවැසියාගේ ශරීරයට අත තියන්න බෑ කියන මතය  ආවා.ලංකාවේ නීතිය හදලා තියෙන්නෙත් ඒ මතය අනුව. ඒ නිසා රජයට පුද්ගලයෙකුගේ ජීව දත්ත ගන්න පුළුවන්, ඒත් ශරීරයට අදාළ ජෛවමිතික ලක්ෂණ ගන්න බෑ. ඒ සඳහා විශේෂ අධිකරණ නියෝග අවශ්‍යයි. 2015දී යහපාලන ආණ්ඩුව අවුරුදු 350ක් තිබුණු පුරවැසියාගේ ශරීරය සඳහා වන අයිතිය උදුරා ගනිද්දී පාර්ලිමේන්තුවේ ඒකට එරෙහිව තිබුණේ එක ඡන්දයක් විතරයි. ඒ පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරයාගේ ඡන්දය. අද පොදුජන පෙරමුණේ සිටින, අද එජාපයේ සිටින, අද ශ්‍රීලනිපයේ සිටින, අද සමගි ජන බලවේගයේ සිටින, අද ජාතික ජන බලවේගයේ සිටින, අද වෙනත් ඕනෑම පක්ෂයක සිටින මන්ත්‍රීවරුන් එදා ඒ ප්‍රජාතන්ත්‍රවිරෝධී පනත් සංශෝධනයට පක්ෂව අත එසෙව්වා.

එදා ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පතේ ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ ප්‍රශ්නයක්. අද ඒක ජාතික ආරක්ෂාව, මහජන ආරක්ෂාව, ලංකාවේ ස්වෛරීත්වය පිලිබඳ ප්‍රශ්නයක් බවට පත් වෙලා.දැන් හැඳුනුම්පත් ටෙන්ඩරයක මුවාවෙන් ඉන්දියාව ලංකාවේ ජනතාවගේ ජෛවමිතික ලක්ෂණ සියල්ල අත්පත් කර ගන්න හදනවා. මේක ආරම්භ වුණේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව 2021 ජුලි මාසයේ නව ඉලෙක්ට්‍රොනික ජාතික හැඳුනුම්පත සැකසීම සඳහා ප්‍රසම්පාදන පිරිවිතරයන් සකස් කිරීමත් සමග. ඉන් අනතුරුව 2022 ජනවාරි 28 වැනිදා ඉන්දියානු සමාගමකින් නව ඩිජිටල් හැඳුනුම්පතක් සකස් කිරීමට ගෝඨාභය රාජපක්ෂගේ අත්සනින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර සම්මත කර  ගත්තා.එතනින් තමයි ඉන්දියාවට මේ අවකාශය විවෘත වුනේ. ඉන් අනතුරුව 2023 මැයි 8 වැනිදා රනිල් – රාජපක්ෂ ආණ්ඩුව ඒ සඳහා ටෙන්ඩර් කැඳවීමක් කළා. මෙම ටෙන්ඩරයට ඉල්ලුම් කළ හැක්කේ ඉන්දියානු සමාගම් වලට පමණයි කියලා ඒ දැන්වීමේ තිබෙනවා. එහෙම කරන්නේ කොහොමද? මේ සමස්ත ව්‍යාපෘතිය සඳහා ලංකා රුපියල් බිලියන 41.09ක්  යනවා, ඒකෙන් ලංකා රුපියල් බිලියන 22.33ක් ඉන්දියාවෙන් දෙන්නම් කියලා. ඉන්දියාව සොච්චම් මුදලක් වැය කරලා ලංකාවේම ජනතාවගේ දත්ත ටික ගන්නවා. මේ ටෙන්ඩරය සඳහා 2023දී ලංසු ඉදිරිපත් කළේ ඉන්දියානු සමාගම් දෙකයි. ඒ මැඩ්‍රාස් සෙකියුරිටි ප්‍රින්ටර්ස් සමාගම සහ ප්‍රෝටීන් ටෙක්නොලොජීස් සමාගම. ඒ අතරිනුත් ඉතාම වැරදි ක්‍රියා සඳහා අසාදු ලේඛනගත වී සිටින මැඩ්‍රාස් සෙකියුරිටි ප්‍රින්ටර්ස් සමාගමට ටෙන්ඩරය ලබා දීමට යද්දී අපගේ හඬ නැගීම නිසා ටෙන්ඩරය අවලංගු කළා. දැන් නැවත අලුතෙන් ටෙන්ඩර් කැඳවා වෙනත් ඉන්දියානු සමාගමකට දත්ත ලබා දෙන්න උත්සාහ කරනවා.

මොන සමාගම ආවත් රටේ ජනතාවගේ අතිශය සංවේදී තොරතුරු හා දත්ත විදේශීය රටක් සතු  වෙනවා. ඒක ඉතාම අවදානම් සහගත ක්‍රියාවක් සහ එමගින් මහජන ආරක්ෂාව අනතුරට ලක් වෙනවා. ලෝකයේ කිසිම රටක් මේ විදියට තමන්ගේ ජනතාවගේ දත්ත විදෙස් රටක් සතු කරලා නෑ. යුරෝපා රටවල් ජනතා විරෝධය නිසා ජෛවමිතික ලක්ෂණ සහිත හැඳුනුම්පත් ව්‍යාපෘති අවලංගු කළා. දැනට ජෛවමිතික ලක්ෂණ එකතු කරන සිංගප්පූරුව වැනි රටවල පවා ඒ සඳහා මැදිහත් වෙන්නේ රජය. පෞද්ගලික සමාගම් වලට හෝ විශේෂයෙන් විදේශීය සමාගම් වලට ඒ දත්ත ලබා දෙන්නේ නෑ. අපි ජීවත් වන යුගයේ රටවල් යටත් කරන්න, මෙල්ල කරන්න භාවිතා වනා ප්‍රධාන අවිය තොරතුරු සහ දත්ත. අපි ඉන්නේ තොරතුරු යුගයක. රටක ජනතාවගේ තොරතුරු වෙනත් රටක් විසින් අත්පත් කර ගැනීම මගින් පමණක් පවා ඒ රට යටත් කරන්න පුළුවන්. ඉන්දියාව අද ඒ උපායමාර්ගික මැදිහත්වීම ලංකාවට සිදු කරමින්  සිටිනවා. ඉන්දියානු මහ කොමසාරිස් වරයා ලංකාවේ ආණ්ඩුකාරවරයා වගේ හැසිරෙන්නේ ඒකයි. ආණ්ඩුව සල්ලි ටිකක් ලැබෙනවානම් ඕන පාවාදීමක් කරනවා. ඉන්දියාවේ මානසික අල්ලස් වලට යටවී විපක්ෂය නිහඬව මේවාට අනුමැතිය ලබා දෙනවා. මේ විනාශයට එරෙහිව ජනතාව පෙරට පැමිණිය යුතුයි. ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් වගේම රටේ දේශපාලන ස්වෛරීත්වයත් විනාශ කරන විද්‍යුත් හැඳුනුම්පත් මගඩිය පරදවන්න පෙලගැසෙමු. ඉන්දියානු සමාගම් වලට කොල්ලකෑම සඳහා තමන්ගේ ශරීරයේ තොරතුරු, ජෛවමිතික ලක්ෂණ ලබාදීම වර්ජනය කරන ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”

SendShareShare
Previous Post

සනත් නිශාන්ත‌ගේ මළගෙදරට කෑම උයලා තියෙන්නේ හමුදාවෙන්! ප්‍රශ්නවලට හමුදා මාධ්‍ය ප්‍රකාශක උත්තර දෙයි! I Sri Lanka Latest News

Next Post

ඉම්රාන්ට ආසන 99යි! නවාස්ට ආසන 75යි! ආණ්ඩුවක් පිහිටුවන ආසන 134 කාටවත්ම නෑ! පාකිස්තාන අලුත් ආණ්ඩු‌ව කාට යයිද?  I Sri Lanka Latest News

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.