රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ අවමංලෝත්වසය පැවති දින කිහිපයේ දී, ඔහුට අවසන් ගෞරව දැක්වීම සදහා පැමිණි පිරිස් වෙත ආහාර සැපයීම කරන ලද්දේ ශ්‍රී ලංකා යුද හමුදාව මගින් බවට ප්‍රචාරය වූ අතර, එවැන්නක් සිද්ධ වූ වා නම්, එය කෙතරම් දුරට සදාචාරාත්මක ද යන ප්‍රශ්නය ද පැන නැගුණි.Sri Lanka Latest News
මේ සම්බන්ධයෙන් ද මෝර්නිං වෙබ් අඩවිය හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රසික කුමාර මහතාගෙන් විමසා ඇති අතර, ඔහු පවසා ඇත්තේ, ආහාර පිසීමේ කාර්යය සදහා පමණක් ශ්‍රී ලංකා යුද හමුදාව සම්බන්ධ වූ බවයි.
ආහාර පිසීමට අවශ්‍ය අමුද්‍රව්‍ය එකී පවුලේ අය සහ වෙනත් පාර්ශ්ව විසින් සපයා ඇති බව ද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා තිබේ.
යුද හමුදාව මෙවැනි කාර්යයන් සදහා මැදිහත් වීම සාමාන්‍ය තත්ත්වයක් දැයි වෙබ් අඩවිය විමසා ඇති අතර, එහිදී හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා ඇත්තේ, හමුදාපතිවරයාට ඉදිරිපත් වන එබදු ඉල්ලීම්වලදී සිය අභිමතය පරිදි කටයුතු කිරීමට හමුදාපතිට බලය ඇති බවයි.
ආපදා අවස්ථාවන්වලදී ද ශ්‍රී ලංකා යුද හමුදාව මෙවැනි සේවාවන් සපයන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකරවයා වැඩිදුරටත් පවසා තිබේ.










