පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ පැවති පාකිස්ථාන මහමැතිවරණයේ අවසන් ඡන්ද ප්‍රතිඵලය මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ.Sri Lanka Latest News
ඒ අනුව, ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුතු පාකිස්ථාන තෙහෙරික් ඊ ඉන්සාෆ් පක්ෂය සමග සන්ධානගතවූ ස්වාධීන අපේක්ෂකයන් ආසන 99 ක් දිනා ගනිමින් ඉදිරියෙන්ම සිටිති.
නවාෆ් ෂෙරීෆ් ගේ නායකත්වයෙන් යුතු පාකිස්ථාන මූස්ලිම් ලීගය ආසන 75 ක් දිනා ඇති අතර, පාකිස්ථාන මහජන පක්ෂය ආසන 54 ක් දිනා ඇත.
රජයක් පිහිටුවීම සදහා එකදු පක්ෂයක් හෝ සුදුසුකම් ලබා නැති අතර, සෑම පක්ෂයකටම, අනෙක් පක්ෂ සමග සම්බන්ධ වී සභාග ආණ්ඩුවක් පිහිටුවීමට බලකෙරී ඇත.
ආණ්ඩුවක් පිහිටුවීම සදහා ආසන 134 ක බහුතරයක් අවශ්‍ය වේ.










