• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපතිවරණය ගැන විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශයක්! විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියන මුවාවෙන් මේ වසරේ පවත්වන්න නියමිත ජනාධිපතිවරණය නොපවත්වන්න හදනවා නම්… ජනතාවගේ ඡන්ද අයිතිය නැති කරන්න.. ජනවරම නැතිකරන්න හදනවා නම් අපි ඒකට ඉඩ තියන්නේ නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

February 10, 2024
in Exclusive
Reading Time: 13 mins read
A A
ජනාධිපතිවරණය ගැන විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශයක්! විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියන මුවාවෙන් මේ වසරේ පවත්වන්න නියමිත ජනාධිපතිවරණය නොපවත්වන්න හදනවා නම්… ජනතාවගේ ඡන්ද අයිතිය නැති කරන්න.. ජනවරම නැතිකරන්න හදනවා නම් අපි ඒකට ඉඩ තියන්නේ නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය කාලයේත් අද දවසේත් විවිධ අවස්ථාවල දී පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය, නිදහස, දේශපාලනය කිරීමේ අයිතිය පැහැර හැරීමේ හා පැහැර ගැනීමේ ප්‍රධාන ආයුධය ලෙස විධායක ජනාධිපති බලතල පත්කර ඇති නිසා සමගි ජන බලවේගය පක්ෂයක් ලෙස ප්‍රතිපත්තියක් ලෙස විශ්වාස කරන්නේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් වීම සහ විධායක ජනාධිපති ක්‍රමය සංශෝධනය විය යුතු බව විපක්ෂ නායකවරයා පැවසීය. Sri Lanka Latest News

මීට වසර කිහිපයකට පෙර සමගි ජන බලවේගයේ මහලේකම්වරයා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනසක් කර විධායක ජනාධිපති ක්‍රමය සංශෝධීකරණය කිරීමේ පුළුල් වැඩසටහනකට මුල පිරූ බවත් පක්ෂය එම ප්‍රතිපත්තියේම තවමත් රැදී සිටින බවත් විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කිරීමේ මුවාවෙන් වත්මන් ජනාධිපතිවරයා ජනතාවගේ ජනවරම, ඡන්ද අයිතිය නැති කරන්න උත්සාහ කරනවා නම් එයට ඉඩ නොදෙන බවත් 2024 වසරේ පැවැත්වීමට ඇති ජනාධිපතිවරණය සහ මහමැතිවරණයත් අනිවාර්යෙන් සිදුවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වත්මන් ජනාධිපතිවරයා, ජනාධිපතිවරණයක් පැවැත්වීම අවශ්‍ය නොවන බවත් පවතින ක්‍රමය වෙනස් කිරීමෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා යැයි පවසා විවිධ පාර්ශ්වවලට වරදාන වරප්‍රසාද ලබා දී තමන්ගේ න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමට අවකාශය දී තම දේශපාලන පඹයන් හරහා ජනාධිපතිවරණය පැවැත්වීමට බාධා කරනවා නම් සමගි ජන බලවේගය එයට ඉඩ නොදෙන බවත් 2024 අනිවාර්යෙන් ජනාධිපතිවරණය පවත්වා එම වරමින් අවංකව පිරිසුදුව විධායක ජනාධිපති ක්‍රමයේ පැහැදිලි වෙනසක් ඇති කර වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන නිදහස සහිත නව ක්‍රමයකට ප්‍රවේශ විය හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (9) සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 91 වැනි අදියර යටතේ මැද කොළඹ ශාන්ත ආනා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

ජනපතිගේ සටකපට දේශපාලන ගුණ්ඩුවලට අපි අහුවෙන්නේ නෑ

කවුරුන් හෝ සිතනවා නම් සමගි ජන බලවේගය ජනාධිපතිවරණයක් ඇති වසරක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා සංශෝධී කරනවා යැයි කියා දේශපාලන ආයුෂ දීර්ඝ කර ගන්න හදන ජනාධිපතිවරයකුගේ සටකපට දේශපාලන ගුණ්ඩුවලට හසුවෙනවා කියා සිතනවා නම් එය එසේ නොවන බවත් මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය අනිවාර්යෙන් පැවැත්විය යුතු බවත් ජනවරමට බිය ඇතැම් පාර්ශ්වයන්ගේ හිතේ තියෙන දේවල් ඉටු කර ගන්න ඉඩ නොදෙන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

රජය, සමගි ජන බලවේගය අනුගමනය කරමින් සුහුරු අධ්‍යාපනය ප්‍රවර්ධනය කරන එක හොද දෙයක්

රජයෙන් සුහුරු පන්ති කාමර විශාල ප්‍රමාණයක් ආරම්භ කරන බවට අධ්‍යාපන ඇමතිවරයා ප්‍රකාශ කිරිම සුබ ආරංචියක් බවත් රජය සමගි ජන බලවේගය අනුගමනය කරමින් එවන් වැඩසටහනකට අවතීරණ වීම ගැන සතුටු වන බවත් සියලු දෙනාම එකට එකතු වී මෙරට සුහුරු අධ්‍යාපනය ගොඩ නැගීමට එක්වන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 91ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 896ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

ළමයි ප්‍රචණ්ඩ වෙලා! ගෙදර වලි! Sri Lanka Latest News

Next Post

ඊයේ අයෝධ්‍යාවේ රාම් කෝවිල වැඳපුදා ගත් නාමල් අද උත්තර් ප්‍රදේශ් මහඇමැතියි නියෝජ්‍ය මහඇමැතියි හමුවෙලා! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.