ඉන්දියාවේ දෙදින පෞද්ගලික සංචාරයක නිරතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා උත්තර ප්‍රදේශ් මහඇමති, යෝගී, ආධිත්‍යනාත් හමු වී තිබේ.Sri Lanka Latest News
එමෙන්ම ඔහු, උත්තර ප්‍රදේශ් නියෝජ්‍ය මහ ඇමති බ්‍රාජේෂ් පතක් මහතාද හමු වී තිබේ.
මෙම හමුවීමෙන් පසුව, සිය නිල ෆේස් බුක්ගිනුමේ විශේෂ සටහනයක් තබා ඇති නාමල් රාජපක්ෂ මහතා, අර්බුද සමයේ වුවත් ඉන්දියාවේ 7%ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන බවත්, නමුත්, ජනපති මහින්ද රාජපක්ෂ යටතේ ලංකාවේ ආර්ථික වර්ධනය දෙවැනි වූවේ චීනයට පමණක් බවත් සදහන් කර තිබේ.
තවමත් ඉන්දීය රජයන්, මෙරට පැවති මහින්ද රාජපක්ෂ යුගය පිළිබදව ප්‍රශංසා කිරීම පිළිබදව තමන් නිහතමානීව සතුටුවන බව ද මන්ත්‍රීවරයා එහි වැඩිදුරටත් සදහන් කර තිබේ.
නාමල් රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිද ළිමිණී රාජපක්ෂ, ඊයේ දිනයේ දී අයෝද්‍යාවේ පිහිටි රාම් දෙවොළ වැදපුදා ගැනීම සදහාද ගොස් තිබුණි.