ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා හට 41%ක බහුතරයක් ඇති බව කියමින් සිදු කර ඇති ජනමත විමසුමක් සම්බන්ධයෙන් සජබ නියෝජිත නිරෝෂන් පාදුක්ක මහතා පසුගිය දිනෙක රටට කරුණු අනාවරණය කර සිටියේය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ දොස්තර රවි රන්නන් එලිය නැමැත්තකු විසින් කර ඇති මෙම මත විමසුමට උපයෝගී කරගෙන ඇත්තේ 542කගේ නියැදියක් බවය.
මේ පිළිබද ඉදිරියේදී තවත් තොරතුරු රටට හෙළිකරන බවද ඒ මහතා සදහන් කළේය.
ජාතික ජන බලවේගයට සියයට 50 ක ජන මතයක් තිබෙන බවට සඳහන් වන සමික්ෂණ වාර්තාවක් එළිදක්වලා තිබෙනවා. ඒ වාර්තා හදලා තියෙන්නේ අයි එච් පී ආයතනය. මේ ආයතනය පුද්ගලයින් 545 දෙනෙකු නියැදියක් තමයි මේ සමික්ෂණයට අරගෙන තිබෙන්නේ. ඒ නියැදියෙන් තමයි එක්කෝටි හතලිස්පන්ලක්ෂයක් ඡන්ද දායකයින්ගේ මතවාදය කියලා පෙන්වන්න හදන්නේ. මේ ආයතනයට එවැනි සමික්ෂණයක් කරන්න යටිතල පහසුකම් නෑ. මේ ආයතනයට එවැනි සමික්ෂණයක් කරන්න මුල්‍ය ශක්තියක් නෑ. මේ සමීක්ෂණයේ සෑබැ තොරතුරු අපි හෙළි කරනවා. එදාට මේ සමාගමේ නිරුවත හෙළි වෙයි. ‘‘










