• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සියලු දෙනාම පුදුමයට පත් කරවමින් ඊළඟ සජබ ආණ්ඩුවෙන් රට හදන හැටි-අධ්‍යාපනය හදන හැටි-හොරු අල්ලන හැටි-රටට සල්ලි ගේන හැටි-දුප්පත්කම නැති කරන හැටි-රස්සා හදන හැටි සජිත් රටට හෙළිකරයි! කරුණු 20කින් පාර්ලිමේන්තුවට කිව්වේ මෙහෙමයි! VIDEO I Sri Lanka Latest News

February 8, 2024
in Exclusive
Reading Time: 7 mins read
A A
සියලු දෙනාම පුදුමයට පත් කරවමින් ඊළඟ සජබ ආණ්ඩුවෙන් රට හදන හැටි-අධ්‍යාපනය හදන හැටි-හොරු අල්ලන හැටි-රටට සල්ලි ගේන හැටි-දුප්පත්කම නැති කරන හැටි-රස්සා හදන හැටි සජිත් රටට හෙළිකරයි! කරුණු 20කින් පාර්ලිමේන්තුවට කිව්වේ මෙහෙමයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රටේ ජනතාව විකල්ප මාවතක් අපේක්ෂා කරන බවත් එම විකල්පය, ප්‍රායෝගිකව හා නිවැරදිව රටේ ක්‍රියාත්මක විය යුතු 3 වැනි මාවත සම්බන්ධයෙන් කරුණු 20ක් එළි දැක්වීම සිදු කරන බවත් සමගි ජන බලවේගය අනුගමනය කරන්නේ අන්ත දක්ෂිණාංශක නව ලිබරල්වාදයත් අන්ත වාමාංශික සමාජවාදයත් අතර සමබර මැද මාවත බවත් ඒ සඳහා සංශිෂ්පත කරුණු 20ක් ඉදිරිපත් කරන බවත් එම ප්‍රතිපත්ති 20 තුළ අප රටට මීට වඩා සෞභාග්‍යයක් හා නවෝදයක් ස්ථාපිත කළ හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (8) පාර්ලිමේන්තුවේ දී ජනාධිපතිවරයාගේ රාජාසන කතාවට පිළිතුරු කතාවක් සිදු කරමින් රට සෞභාග්‍ය කරා ගෙන යා හැකි කරුණු 20ක් ඉදිරිපත් කරමිනි.

සමගි ජන බලවේගය ආර්ථික සංකෝචනයක් නොව ශීඝ්‍ර ආර්ථික වර්ධනය සහ ප්‍රසාරණය විශ්වාස කරන බවත් වේගවත් ආර්ථික සංවර්ධන රටාවකට රට ගෙනයාමට අපේක්ෂා කරන බවත් ඒ තුළින් ජීවන මට්ටම සහ ආර්ථික මට්ටම ඉහළ යාම තුළ සියල්ලන්ම අන්තර්ගත වූ වර්ධනයක් සහ සාමුහික සමෘද්ධියක් අපේක්ෂා කළ හැකි බවත් සමානාත්මතාව, සාධාරණත්වය, යුක්තිය යන ප්‍රතිපත්තීන් අනුගමනය කරන වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන් ‘විකල්ප මාවත-ප්‍රායෝගික මාවත’ යන වැඩපිළිවෙළ තුළ අන්තර්ගත කරුණු 20 පහත පරිදි දැක්විය හැකි ය.

  1. රජය අනුගමනය කරන ආර්ථික සංකෝචන වැඩපිළිවෙල ඉවතලා ආර්ථිකය ප්‍රසාරණය කිරීමේ වැඩ පිළිවෙලක් වෙත යොමුවීම. එහිලා වේගවත් ආර්ථික වර්ධන රටාවකට රට යොමු කරවමින් ජනතාවගේ ජීවන මට්ටම හා ආර්ථික මට්ටම විශාල ලෙස ඉහළ දැමීම උදෙසා පුද්ගලික අංශය කේන්ද්‍ර කොටගත් ආර්ථික වෘද්ධි දිශානතියකට යොමුවෙනු ඇත. ඒ හරහා සමානාත්මතාව, සාධාරණත්වය කේන්ද්‍ර කොටගත් සියල්ලන් අන්තර්ගත ආර්ථික වෘද්ධියක් අත්පත් කරගනු ඇත.
  2. මනා ක්ෂුද්‍ර හා සාර්ව ආර්ථික කළමනාකරණයක් උදෙසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමගින් දැනට පවත්නා ගිවිසුම වඩාත් මානුෂීය හා වර්ධනාත්මක වෙනසකට ලක් කරමින් අවබෝධාත්මක, පුලුල් ගිවිසුමකට ප්‍රවේශ වීම.
  3. සෘජු විදේශ ආයෝජන වර්ධනය කිරීම උදෙසා අවශ්‍ය පසුබිම සැකසීමට අවශ්‍ය ජාතික සැලැස්මක් සකස් කිරීම. ඒ සඳහා ව්‍යාපාර පහසුකරණ දර්ශකය හා දූෂණ දර්ශකය ආශ්‍රිත ශ්‍රේණිගතකරණ මට්ටම්වල ඉහළ තත්ත්වයක් අත්පත් කර ගැනීම.
  4. රටට දැවැන්ත දූෂණ විරෝධී වැඩසටහනක් අවශ්‍යව පවතී. එබැවින්, දූෂණ විරෝධී වැඩසටහන පනතකට පමණක් සීමා නොවී රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අත්‍යවශ්‍ය වගන්තියක් ලෙස ඇතුළත් කොට, දූෂණය පිටුදැකීමේ ක්‍රියාවලිය ස්වාධීනත්වයෙන් හෙබි වැඩසටහනක් බවට ස්ථිරසාරව ස්ථාපනය කිරීම (එනම්, එසේ හඳුන්වාදෙනු ලබන වගන්තිය පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් පමණක් වෙනස් කළ හැකි වගන්තියක් බවට ශක්තිමත්ව ස්ථාපනය)
  5. මේ වන විට අපනයන ක්ෂේත්‍රය බරපතල කඩා වැටීමකට ලක්ව ඇත. ප්‍රසාරණාත්මක ආර්ථික දැක්මක් තුළ අපනයන කේන්ද්‍රීය ආර්ථික වර්ධනයක් සාක්ෂාත් කර ගැනීම.
  6. ඒ උදෙසා ආර්ථිකයේ ඩයිනමෝව හෙවත් දළ ජාතික නිෂ්පාදිතයෙන් 50% කට හා සමස්ත රැකියා නියුක්තියෙන් 52% ක් ද ලෙස විශාලතම දායකත්වයක් ලබා දෙන කුඩා, ක්ෂුද්‍ර හා මධ්‍යම පරිමාණයේ කර්මාන්ත/ ව්‍යවසාය ප්‍රවර්ධනයට කටයුතු කිරීම.
  7. යුක්තිය හා සමාජ සාධාරණත්වය කේන්ද්‍ර කර ගත් බදු ප්‍රතිපත්තියක් (a fair and just tax structure) හඳුන්වා දෙනු ලබන අතර එහි දී අද පවත්නා ප්‍රතිගාමී බදු ප්‍රතිපත්තිය පූර්ණ වෙනසකට බඳුන් වනු ඇත.
  8. ආර්ථිකය ශක්තිමත් කරමින් දුගී බව තුරන් කරනු වස් සැබෑ ලෙසම දුගී දුප්පත් පිරිස් වෙත සහන ලබා දීමේ ‘ජාතික දුප්පත්කම තුරන් කිරීමේ ව්‍යාපාරයක්’ ආරම්භ කිරීම.
  9. රටට අහිමි වූ දේපළ හා සම්පත් නැවතත් රටට ලබා ගැනීම උදෙසා සොරකම් කළ වත්කම් අයකර ගැනීමේ (Stolen assets recovery) ව්‍යාපාරයක් ආරම්භ කිරීම. ජනතා මුදල් සොරකම් කළ පාර්ශ්වයන්ගෙන් එම මුදල් අයකර ගනිමින් රටේ ජනතාවගේ සංවර්ධන අවශ්‍යතා සඳහා එම මුදල් යෙදවීමට කටයුතු කරනු ඇත.
  10. අධ්‍යාපනයේ සාධනීය වෙනසක් ඇති කරමින් සුහුරු අධ්‍යාපන පද්ධතියක් රට තුළ ස්ථාපනය කිරීම. මේ වන විට ක්‍රියාත්මක කට පාඩම් අධ්‍යාපන ක්‍රමය (parrot learning system) වෙනුවට නව තාක්ෂණය උපයෝගයෙන් මෙම සුහුරු අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් සිදු කෙරෙනු ඇත.
  11. මූලික අයිතිවාසිකම් ස්ථාපනය – මෙහි දී මෙම ක්ෂේත්‍රය හුදෙක් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්වලට පමණක් සීමා නොකොට සමාජ, ආර්ථික, සංස්කෘතික, අධ්‍යාපන හා සෞඛ්‍ය අයිතීන් ද එතුළට ඇතුළත් කෙරෙනු ඇත.
  12. පරිසර හිතකාමී හරිත තිරසර සංවර්ධන රටාවක් නිර්මාණය කිරීම. මෙහි දී ලෝකයේ ක්‍රියාත්මක නව සංකල්ප තුළින් ද ආභාසය ලබමින් තිරසර වෘද්ධි සංවර්ධන සංකල්පයක් ක්‍රියාත්මක කරනු ඇත.
  13. තොරතුරු තාක්ෂණය කේන්ද්‍රීය බුද්ධි කේන්ද්‍රස්ථානයක් නිර්මාණය කොට තොරතුරු තාක්ෂණය ආශ්‍රිත අපනයන ප්‍රවර්ධනයට යොමුවීම.
  14. කෘෂි තාක්ෂණය හා පසු අස්වනු තාක්ෂණය ද ඇතුළත් තාක්ෂණයන්ගෙන් බලගැන්වුණු සුහුරු ගොවි පරපුරක් නිර්මාණය කිරීමට මුල පිරීම. අපගේ මුහුදු සීමාව ද ඇතුළත් සාගර කලාපය ද උපයෝගී කර ගෙන මුහුදු සම්පත් තිරසරව උපයෝජනය කර ගැනීමට ද මේ හරහා කටයුතු කරනු ඇත.
  15. පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය වේගවත් කිරීම.
  16. ඉඩම් හා නිවාස හිමිකම් කේන්ද්‍ර කර ගත් ඒකාබද්ධ ජාතික ගෘහ මූලික සංවර්ධන වැඩසටහනකට මුල පිරීම.
  17. නිපුනතාවයෙන් හා කුසලතාවයෙන් හෙබි සුහුරු ශ්‍රම බලකායක් නිර්මාණය. ඒ අනුව Indian Institute of Technology and Management ආයතනය හරහා ඉන්දියාවේ ක්‍රියාත්මක වන ආකාරයේ නව අධ්‍යාපන සංකල්ප මෙරටටද හඳුන්වා දී ක්‍රියාත්මක කෙරෙනු ඇත.
  18. ප්‍රජාතන්තත්‍රවාදයේ මූලික කුලුණු තුන වූ විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය හරහා සිදු කෙරෙන සංවරණ හා තුලන ක්‍රියාවලිය ශක්තිමත් කරමින් රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීම. මෙහිලා නිදහස් මාධ්‍ය ලෙස එන සිව් වන කුළුණ ද මේ වන විට හඳුන්වා දී ඇති මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත හරහා අභියෝගයට/ තර්ජනයට ලක්ව ඇති අතර, මෙම නීති සාකච්ඡා මාර්ගයෙන් ධනාත්මක දිශානතියකට සංශෝධනය කරමින් මෙම කුලුණ ද ශක්තිමත් කිරීමට පියවර ගනු ඇත.
  19. ජනාධිපති කාර්ය සාධක බලකායක් සහ ජාතික සංවර්ධන මෙහෙයුම් හරහා කාන්තා, තරුණ, ළමා විශ්‍රාමික/වැඩිහිටි, ආබාධිත, වතුකර, කාන්තා මූලික ගෘහ ඒකක ආදී කොටස් ඉලක්ක කොට අවදානමට ලක්වූ ජන කොටස් රැකබලා ගැනීමට අවශ්‍ය පියවර ගැනීම.
  20. ජාතික සමගිය, සංහිඳියාව, සහෝදරත්වය, මිත්‍රශීලිත්වය ශක්තිමත් කරමින් අන්තවාදය පිටුදැකීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම.
SendShareShare
Previous Post

සජිත් ගමේ ඉස්කෝලවලට පරිගණක-ස්මාර්ට් බෝඩ් දෙද්දි ආණ්ඩුවේ අය හිනාවුණා! මඩ ගැහුවා! දැන් ආණ්ඩුවත් තීන්දු කරලා ඉස්කෝල 3000කට ස්මාර්ට් බෝඩ් දෙන්න! I Sri Lanka Latest News

Next Post

‘ඔන්ලයින් පනතේ අඩුපාඩු තියෙනවා’! අධිකරණ ඇමැති විජයදාස පාර්ලිමේන්තුවේදී පිළිගනී! ‘සාකච්ඡා කරන්න සූදානම්!’ VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.