මෙරට සංචාරය කරන විදෙස් ජාතිකයන්ට වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන වෙළෙන්දන් අප රටේ බහුලව දකින්න ලැබෙනවා.
නියමිත මිලට වඩා කීයක් හෝ වැඩි මුදලකට තම වෙළෙඳ භාණ්ඩ එවැනි විදේශිකයන් මිලට ගනු ඇතැයි ඔවුන් සිතීම ඊට හේතුවයි.
එවැනි වෙළෙන්දන් අතර, එක්තරා විදේශිකයන් පිරිසක් විසින් වැඩිපුර මුදල් ලබාදෙද්දී එය ප්‍රතික්ෂේප කර නියමිත මිල පමණක් ලබාගැනීමට කටයුතු කළ කොළඹ ප්‍රදේශයේ තැඹිලි වෙළෙන්දෙක් පිළිබඳ කියැවෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වනවා.










