ඔන්ලයින් සේෆ්ටි පනත සම්මත කර ගැනීමට අදාල රජයේ ක්‍රියාපිළිවෙත පිළිබදව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය සිය දැඩි කණස්සල්ල ප්‍රකාශ කර තිබේ.Sri Lanka Latest News
කතානායකවරයා, පාර්ලිමේන්ත-ුව සහ නීතිපතිවරයා, මෙම පනත සම්මත කර ගැනීමට අදාලව පෙන්වූ සාහසිකභාවයෙන් තමන් කම්පනයට පත් වූ බව ට්‍රාන්ස්පේරන්ස්ි ඉන්ටර්නැෂනල් ආයතනය වැඩි දුරටත් පවසයි.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පවසන ආකාරයට, කතානායකවරයා අත්සන් තබා ඇත්තේ, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කරන ලද සංශෝදන ඇතුළත් කරන ලද පනතට නොවේ.
ඔන්ලයින් සේෆ්ටි පනත් කෙටුම්පත, 2023 වසරේ සැප්තැම්බර් මාසයේ දී ගැසට් කරන ලද අතර, පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පවසන ලදී.
ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයට අනුකූලව, පනත් කෙටුම්පත සංශෝධනය කරන බවට, රජය ඔක්තෝබරයේ දී පොරොන්දු විය.
පසුව ජනවාරියේ දී සංශෝධිත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, එය පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්තෙන් සම්මත කර ගන්නා ලදී.










