නිදහස් දිනය කළු දිනයක් ලෙසට හදුන්වමින් යාපනය විශ්ව විද්‍යාල සිසුන් හා උතුරෙ දේශපාලන නායකයින් අද(04) නිදහස් දිනය දා කිලිනොච්චිය ඉරණමඩු හි පැවැත්වූ විරෝධතාව පොලිසිය විසින් ක ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර විසුරුවා හරිනු ලැබීයSri Lanka Latest News
එහිදී විරෝධතාවයට එක්ව නොසන්සුන්ව හැසිරුණු යාපනය විශ්ව විද්‍යාල සිසුන් පස්දෙනකු අත්අඩංගුවටගත් බවත් පොලිසිය පැවසීය.
උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටළු වෙනුවෙන් ස්ථිර නිදහසක් නොලැබීම, මාධ්‍ය නිදහසට බාධා කිරීම, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බාධා ඇතිවන පනත් සම්මත කර ගැනීම හා වර්තමානයේ ජනතාවට දරා ගැනීමට නොහැකි ගැටළු වෙනුවෙන් විසදුම් නොලැබීම යන කාරණා හේතුවෙන් නිදහස් දිනය සැමරීමට නොහැකි තත්වයක් උදාවි ඇති බව සඳහන් කරමින් යාපනය විශ්ව විද්‍යාල සිසුන් හා දේශපාලන නායකයින් නිදහස් දිනය කළු දිනයක් ලෙස හදුන්වමින් විරෝධතාවයෙහි නිරත වූහ.











