• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇයි දෙයියො මේ තරම් නිදහසක් I Sri Lanka Latest News

February 4, 2024
in Exclusive, News
Reading Time: 6 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

76යි. රටට ජයයි. සුබවාදීව ඉතාම සුන්දරව දකින්නට පටන්ගත යුතු සුබ දිනයක් අපිට එනවා. ඒ තමයි පෙබරවාරි මාසේ 04 වැනිදා. සුද්දාගෙන් අප නිදහස ලැබූ අභිමානවත් දිනය. දැන් මේ වෙනකොට අප අභිමානවත් ජාතියක් විදියට 76 වසරක් තිස්සේ නිදහස සමරනවා. ඒ අභිමානය කොච්චර ලොකුද කියලා පෙන්වන්න අපි ගෝල්ෆේස් එකේ ලොකු පෙළපාළියක් යනවා. ඒකෙ ලොකුකම තව ටිකක් ලොකු කරලා පෙන්වන්න හමුදාවේ කොල්ලෝ කෙල්ලෝ විශාල ප්‍රමාණයක් හෙට දවසේදී තමන්ගේ කැමැත්තෙන් තමන්ගේ ආශාවෙන් ඉතා උනන්දුවෙන් පෙළපාළියක් යනවා.(Sri Lanka Latest News)

ඒ අයට අවු රශ්මියක්වත් නොවැටෙන විදියට ඉරට යටින් විශාල කුඩ කොඩි සේසත් ඉහළලා මහ පොළොවේ රස්නයක් ගොරෝසුවක් නොදැනෙනා ආකාරයට ඒ අයගේ පාදවලට පාවඩ එළලා ගාලුමුවදොර පිටිය සූදානම් කරන අතරතුරේ අපි දන්නවා පාලකයෝ සියලු දෙනා අවුකාෂ්ටකේ වේළෙමින් මේක බලනවා. ඒගොල්ලෝ එහෙම අවුකූටකේ වේළෙන්නේ මේ සෙබළුන් සඳහා උත්තමාචාරය දක්වන්න. ඉතිහාසේ ඉඳලම එහෙමයි.

නිදහස් දින සැමරුම් උළෙලේදී කිසිම පාලකයෙක් කිසිම අවස්ථාවක විශේෂ පීඨිකාවක් ඉදිකරලා ඒ.සී. මැෂින් සවිකරලා, වටේපිටේ කූලර් තියලා නිදහස් උත්සවයට සහභාගි වෙලා නෑ. ඒගොල්ලෝ හැමදාම කළේ තමන්ට තියෙන සියලු පහසුකම් සින්දු කියන්න එන දරුවන්ටයි, පෙළපාළි යන නිලධාරීන්ටයි දීලා ඒගොල්ලෝ අවුකාෂ්ටකේ වේළිච්ච එක. ඉතින් ඒ නිසා එහෙව් අසිරිමත් ජාතිය පිනෙන් උදාරයි කියලා සින්දු කෑල්ලකුත් කියාගෙන අපි ගෝල්ෆේස් එකේ නිදහසේ අභිමානය ගැළවිලා ඒක හිතේ තියාගෙන, අභිමානවත් ජාතියක් විදියට ලංකාවේ අපට නිදහස සමරන්න තියෙන අයිතිය ගැන කතාකරන්නයි යන්නේ.

කවුරු හරි කෙනෙක් කියනවා නම් කට කැඩිච්ච කතාවක්, ‘මොන නිදහසක්ද ඕයි’ වගේ එකක්. ඒකට උත්තරේ ගිහින් අහන්න සජිත් ප්‍රේමදාස මහත්තයාගෙන්. ගිහිල්ලා අහන්න මුජිබර් රහුමාන් මහත්තයාගෙන්. ගිහිල්ලා අහලා බලන්න එදා පෙළපාළියට ආපු සමගි ජන බලවේගයේ පාක්ෂිකයන්ගෙන්. මොන තරම් නිදහසේ එහෙට දුවන්න, මෙහෙට දුවන්න, උඩ පනින්න, නාන්න, මූණ හෝදන්න, ඇඟ හෝදන්න ඉඩ දුන්නද? ඒ වගේම අඬන්නත් ඉඩ තිබ්බා. සාමාන්‍යයෙන් රටක මිනිස්සුන්ට හිනාවෙන්නයි, අඬන්නයි නිදහස තියෙනවා නම් ඊට වඩා නිදහසක් නෑ.

මේ මිනිස්සුන්ව එක පොකුරට එකට තියලා පෙරළි පෙරළි අඬන්න, පෙරළි පෙරළි හිනාවෙන්න පුළුවන් විදියේ පරිසරයක් පාලකයෝ නිර්මාණය කරලා ඉවරයි. පෙළපාළි යන්න, තැන් තැන්වල රස්තියාදු ගහන්න, පාරේ විකාර කරන්න ඉඩ නොදී චූටි තරවටුවක් කරලා ගෙදර යන්න කියලා කියන තරමට ආණ්ඩුව ප්‍රගතිශීලී වෙලා. මොකද, කවුරු හරි කෙනෙක් කියනවා නම් පාරක් දෙකක් ගැහුවට පස්සේ ඒක හරි නරකයි, එහෙම ගහන මිනිස්සු ම්ලේච්ඡයි කියලා, ඉස්කෝලේ විදුහල්පතිලා, ගුරුවරු ඉගෙනගන්න කාලේ අන්තේවාසිකව ඉගෙනගන්න කාලේ පාරක් දෙකක් ගහලා නැත්තේ නෑ. එහෙම පාරක් දෙකක් ගහන්නේ හදාගන්න ආදරේට කියන එක තමයි මේ මොහොතේ අපි කියන්න ඕනේ.

මොකද එහෙම පාරක් දෙකක් ගැහුවට ප්‍රශ්නයක් නැත්තේ, අපිට කොච්චර නිදහසක් මේ වෙනකොට මේ රටේ හිමිකරලා දීලා තියෙනවද? අපේ ජීවන තත්ත්වය කොච්චර ඉහළ නංවලා තියෙනවද? අද බලන්න තෙල් ටික ගහගන්න ෂෙඩ් එකට ගියාට පස්සේ ඕනෙ ඕනෙ තරම් තෙල් ගහගන්න පුළුවන්. හැබැයි මේ රටේ මිනිස්සු හිතුවක්කාර විදියට තෙල් ටික නාස්ති කරයි කියලා බයට පාලකයෝ තෙල් මිල චුට්ටක් වැඩිකරලා තියෙනවා.

ඒ වැඩිකරලා තියෙන්නේ රටේ මිනිස්සුන්ට ඕනෙ තරම් සල්ලි තියෙන බව දන්න නිසා. තෙල් මිල චුට්ටක් වැඩිකළාම තමයි මිනිස්සු රස්තියාදු ගහන එක නවතින්නේ. රස්තියාදු ගහන එක භයානකයි. තැන් තැන්වල ඇවිදලා, අනියම් සබඳතා හදාගෙන, වාහන හප්පගෙන, පාරේ වේගෙන් ගිහිල්ලා, ටි්‍රප් ගිහිල්ලා සතුටු වෙන්න ගියාම කොයි වෙලාවකවත් මිනිස්සුන්ට මතක නෑ තමන් කවුද, කරන්නේ මොනවද, මොන තරාතිරමකද කියන එකවත්. ඒක නිසා තමයි තෙල් මිල චුට්ටක් වැඩිකරලා තියෙන්නේ.

ඒ අස්සේ අපි හොඳටම දන්නවා ලයිට් බිල ආයෙත් අඩුකරන්න යන්නේ කියලා. මෙහෙම ලයිට් බිල් අඩුකරලා කොහොමද කරන්නේ කියලා අපිට අහන්න හිතෙනවා. මොකද, රටේ මිනිස්සුන්ට මිල මුදල්වල හිඟයක් නෑ. අපේ 76 වැනි නිදහස සමරද්දී අවුරුදු 76ක් තිස්සේ අපේ පාලකයෝ නොකා නොබී දාඩිය මහන්සියෙන් මේ රට සුරපුරයක් කරන්න වෙහෙසුණු බව අපි දන්නවා. සුනාමි සහන මණ්ඩලය, සුනාමියට ආපු සල්ලිවලින් සත පහක් තියාගන්නේ නැතුව තමන්ගේ අතේ තිබුණු සල්ලිත් ඒකට එකතු කරලා මිනිස්සුන්ට සෙත සලසන්න අපේ පාලකයන්ට පුළුවන් වුණා.

ඒවා අපි මතක් කරන්න ඕනේ. සීනි බදු සම්බන්ධයෙන් කතා කරද්දී සීනි බද්ද ඉවත් කරන්න යද්දී සීනි ගෙන්වන මුදලාලිලයි, ඒ අයගේ යාළු ඇමැතිලයි උද්ඝෝෂණය කළා පිටකොටුවට ඇවිල්ලා. ‘සීනි බද්ද ගන්න’ කියලා. එහෙම නැත්නම් අපි මෙතනම ගිනිතියාගන්නවා වගේ දේවල් කියමින්. ඒ වගේම අපි දන්නවා පහුගිය කාලේ ඇතුළත පැනමා පත්‍රිකා වගේ දේවල් ගැන කියැවුණා. නමක් ගමක් කියැවුණු ගමන් අපේ පාලකයෝ මොකද කළේ? තනතුරුවලින් ඉල්ලා අස්වුණා. සමහරු සියදිවි හානි කරගන්න පවා ලෑස්ති වුණා. නමුත් අපි දන්නවා මේ කවුරුවත් හොරු නෙවෙයි කියලා. ලංකාවේ හොරු නෑ. ඒකට හේතුව තමයි ලංකාවේ ඩොලර් සම්බන්ධ ප්‍රශ්නවලදී අපේ මිනිස්සු පුදුම විනිවිදභාවයකින්නේ කටයුතු කරන්නේ.

මතක ඇති පොහොර නැවේ අබිරහස. පොහොර නැව ලංකාවට ගෙනල්ලා ඒ පොහොර නරකයි කියලා කිව්වාම පොහොර නැවට පයින් ගහලා එළවලා, පොහොර නැවට සල්ලිත් දීලා අපි ලැජ්ජා බය තියෙන ජාතියක්, ඒ නිසා අපිට තොපේ බඩුත් එපා, අපි තොපිට ණය වෙන්නෙත් නෑ කියලා චීනෙට රෙස්පට් එකක් දාන්න අපේ පාලකයන්ට පුළුවන් වුණා. චීනෙට රෙස්පට් දාන්න පුළුවන් නම් ඊට වඩා කතා කරන්න දෙයක් නෑ. පහුගිය කාලේ මුළු ලෝකෙම සුරංගනා ලෝකයක් වෙන්න පටන් ගනිද්දී අයි.එම්.එෆ්. වගේ ආයතන වැහිලා යන තත්ත්වෙට පත්වුණා. ඒකට හේතුව, අයි.එම්.එෆ්. එකෙන් කවුරුවත්ම ණය ඉල්ලන්නේ නැත්නම් ඒගොල්ලන්ට වෙන කරන්න වැඩක් නෑ.

ඒ නිසා ඒ වෙලාවේ ඒගොල්ලන්ගේ උදව්වට අපේ රටේ පාලකයෝ මැදිහත් වෙලා ඔයාලට දෙන්න කෙනෙක් නැත්තටම නැත්නම් ඔන්න ඔහේ අපිට දෙන්න කිව්වා. බය නැතුව කොන්ද කෙළින් තියාගෙන ණය ගත්තේ අපි විතරයි. අපි අසරණ වෙලා හිටපු බංග්ලාදේශයෙන් පවා ණය අරගෙන බංග්ලාදේශයට අභිමානයෙන් ඉන්න පුළුවන් රටක් බවට පත්කළා. එහෙම කළේ අපි. අපිට තෙල් ඕනේ නැති වුණත්, අපි තෙල් ගෙන්නගත්තා. ලෝකෙ අනෙක් රටවල් සතුටු වෙන විදියට තෙල් ගෙන්නගත්තා. අපි තෙල් සීමා කරන්න ගිහිල්ලා තෙල් ඕනේ නෑ කියලා හිතුණත් ආයෙත් අපි තෙල් ගෙන්නගත්තා. මේ ඔක්කොම කළේ අපේ රටේ මිනිස්සුන්ට සෑම පහසුකමක්ම දෙන අස්සේ.

පහුගිය කාලේ අපි දන්නවා අපේ රටේ මිනිස්සු මිල මුදල් අතින් බොහොම පොහොසත් වුණා. ඕනෙ තරම් සල්ලි තියෙන තැනට පත්වුණා. එහෙම ඉන්න අතරතුරේ පාලකයෝ මොකද කළේ? ගෙවන බදුත් එපා කියලා කෙළින්ම කියන්න ගත්තා. ඒ වෙලාවේ මිනිස්සු කිව්වා අපි ටින් එකක් අරන් හිඟාකන තත්ත්වෙක හිටපු මිනිස්සු. ඒ නිසා අපිව මේ තත්ත්වෙට උස්සලා තිබ්බේ මේ පාලකයෝ. ඒගොල්ලන්ට අපි ගෞරව කරන්න ඕනේ, ඒ නිසා අපි ටින් කියලා බද්දක් රජයට ගෙවනවා කියලා. ඒකට අපේ පාලකයෝ කැමැති වුණේ නෑ. ඒගොල්ලෝ හැම වෙලාවකම හිතුවේ මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න දෙන්න ඕනේ කියලා. මිල මුදල් තියෙන බව ඇත්ත.

සල්ලි බාගෙත් සරු බව ඇත්ත. අපිට රටේ මිනිස්සුන්ට අද වෙද්දී පාන් ගෙඩියක්, හාල් කිලෝ එකක්, එළවළු ටිකක් මිලට ගන්න එක කිසි ප්‍රශ්නයක් නැති වෙලා තියෙන්නේ. පහුගිය සතියේ දෙකේ දන්නවා අපේ රටේ මිනිස්සුන්ට කැරට් නිකන් දෙන තත්ත්වෙට පත්වුණා. මේ කතාව ලෝකෙට ගියොත් රටේ මිනිස්සු හාවො වගේ කියලා, කවුරු හරි හිතාවි කියලයි පාලකයෝ බයවුණේ. ඒකි නිසා ඒගොල්ලෝ කිව්වා රටේ මිනිස්සුන්ට හාවෝ කියයි කියලා බය නිසා මිනිස්සුන්ට තියෙන ආදරේ නිසා කැරට් මිල වැඩිකරන්න කියලා. එහෙම නැතුව එළවළු මිල ඉහළ දාන්න නෙවෙයි. මොකද අපි දැක්කනේ රාබු කිලෝ එක රුපියල් 100ට තිබ්බනේ.

මිනිස්සුන්ට කැරට් කන්නම ඕනේ කියලා නෑ, රාබු කාලාත් ජීවත් වෙන්න පුළුවන්. මිනිස්සුන්ට කැරට් අලේ අලේ ගානේ නොමිලේ දෙන්න බැරිකමට නෙවෙයි පාලකයෝ නිකන් හිටියේ. අපේ රටේ මිනිස්සුන්ට හාවෝ කියයි කියලා. නැත්නම් කැරට් නොදී ඉන්නේ නෑ. ඒ නිසා මෙහෙම රටක නිදහස සමරන එක ගැන අපි ආඩම්බර වෙන්න ඕනේ. මොකද, අද අපිට මොනවද අඩු? අද අපිට මොනවද නැත්තේ? අපේ රටේ කොහේ හරි මිනිස්සු බඩගින්නේ මැරෙනවද? කවදාවත් අපේ රටේ ඝාතනයක් ගැන අහන්න ලැබෙනවද? අපේ රටේ ඉන්න පාලකයන්ට, අපේ රටේ ඉන්න ප්‍රධානීන්ට කොතැනකදී හරි චෝදනාවක් තියෙනවද? කවදාවත් නෑ මිත්‍රවරුනි. අපේ රටේ පාලකයෝ, අපේ රටේ දේශපාලකයෝ ඔක්කොම ඉන්නේ පාරිශුද්ධ තත්ත්වයේ. ඒක සෙල්ලමක් නෙවෙයි.

අපි දන්නවා පහුගිය කාලේ එක එක පතිවරු පත්කළා. ඒ පතිවරු විදියට ඒගොල්ලෝ ගත්තේ පුදුම විදියට පාරිශුද්ධ, කිසිම චෝදනාවක් නැති කට්ටිය. මම හිතන්නේ නෑ ඇමෙරිකාවේ, එංගලන්තයේ, ස්වීඩනයේ, ස්විට්සර්ලන්තෙවත් ඔය වගේ සුපිරිසිදු මිනිස්සු පාලකයෝ විදියට පත්වෙලා නෑ, ඒක නිසා මේ නිදහස අපි සමරන්නම ඕනේ. මොකද, මෙහෙම නිදහසක් ලෝකෙ වෙන කොහෙවත් නැති හින්දා. දැන් අපි නිදහසට ලෑස්තියි.

මොකද, අද අපේ රට සුරංගනා ලෝකයක්. මේක සුරපුරයක්. මිනිස්සු කනවා, බොනවා, විනෝද වෙනවා, ටි්‍රප් යනවා, පුදුම විදියට සන්තෝෂෙන් ඉන්නේ. සාමාන්‍යයෙන් ලංකාවේ වාහනයක් පාවිච්චි කරන මිනිහෙක් හොයන්න ගියොත් පොඩි වාහනයක්, එයාර් බෑග් නැති වාහනයක්, ධාවන තත්ත්වයට නුසුදුසු වාහනයක්, අවුරුදු 20ක් 30ක් පරණ වාහනයක් ඇහැට දකින්න නෑ. බෙන්ස්, අවුඩි, බී.එම්.ඩබ්ලිව්. හැම ගෙදරකම. මිනිස්සුන්ගේ වැටුප ලක්ෂ ගානකින් වැඩිවෙලා.

මිනිස්සු ගාව සල්ලි අතිරික්තයක් විදියට ඉතුරු වෙනවා. කාලා බීලා නටලා විනෝද වෙලා ඒත් සල්ලි ඉතුරුයි. ඒ නිසා මිනිස්සු අද ඉන්නේ සල්ලිවලට කරන්න දෙයක් නැතුව. එහෙම මිනිස්සුත් නිදහස සමරන්නේ නැත්නම්, කවුද නිදහස සමරන්නේ? ඒ නිසා මේ නිදහසට අපි නම් එකෙන්ම සෙට්. ජයවේවා ජනාධිපතිතුමනි, ජයවේවා පාලකයනි. අවුරුදු 76ක් තිස්සේ ඔබ අපට සකස් කරලා දුන්නු මේ සුරපුරයේ ඉඳලා මේ මොහොතේ අභිමානයෙන් 76 වැනි නිදහස සමරනවා.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

නිදහස් දවසේ කාදිනල් හිමියන්ගෙන් සැර කතාවක්! දේශපාලන හා ආර්ථිකමය වශයෙන් රට පහළට වැටිලා! නායකයන් සමරන්නේ කාගේ නිදහසද? පාලකයන්ගේ නිදහසද? ජනතාවගේ නිදහසද? පිටරට නියෝජිතයින් ගෙන්වා රටේ ප්‍රභූවරුන් ඉදිරියේ බඩගින්නේ සිටින ජනතාව හෑල්ලු කිරීම නිදහසද? පීඩාකාරී නායකත්වයෙන් රට මුදාගෙන නව නායකයෙක් රටට පත්කර ගැනීමට කාලය එළැඹිලා! VIDEO I Sri Lanka Latest News

Next Post

අපේ රට විනාශ වුණේ එක පවුලක් කේන්ද්‍ර කරගත් ගජමිතුරු ආර්ථික ත්‍රස්තවාදයෙන්! රටේ සම්පත්-දේපොළ කොල්ලකෑවා! ඒ මංකොල්ලයට සම්බන්ධ සියලු දෙනා නීතිය හමුවට ගෙනවිත් නැවත එම සම්පත් රටට අරන් ඇවිත් අධ්‍යාපනයයි-සෞඛ්‍යයි දියුණු කරනවා! හොරු අල්ලන බවට විපක්ෂනායක සජිත් යළිත් සහතික වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.