• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අමෙරිකානු ඒජන්සියක් එක්ක ‌’‌නේවි’ එක මුහුද මැද ගහපු ‌කෝටි ප්‍රකෝටි ‌ගේම

April 7, 2020
in Exclusive, Uncategorized
Reading Time: 4 mins read
A A
අමෙරිකානු ඒජන්සියක් එක්ක ‌’‌නේවි’ එක මුහුද මැද ගහපු ‌කෝටි ප්‍රකෝටි ‌ගේම
Share on WhatsAppShare on Facebook

පාකිස්තානු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දැන් අසාධ්‍ය රෝගීන්ට ලබාදෙන කෙටමයින් නැමැති ඹෟෂධයද මත්ද්‍රව්‍යයක් ලෙස නිෂ්පාදනය කරන්නට පටන්ගෙන හමාරය. අපේ රටේ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් අයිස් සහ හෙරොයින් නැමැති මත්ද්‍රව්‍ය බහුල වශයෙන් භාවිත කළත් තවමත් අපේ රටේ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් නම් කෙටමයින් නැමැති මත්ද්‍රව්‍ය භාවිතා කරන බවක් අනාවරණය වී නැත. පාකිස්තානයේ නිෂ්පාදනය කෙරෙන කෙටමයින් නැමැති මත්ද්‍රව්‍ය බහුල වශයෙන් ප්‍රවාහනය කෙරන්නේ ඕස්ටේ්‍රලියාවටය. ඒ ඉන්දුනීසියාව හරහාය.
පකිස්තානු ජාවාරම්කරුවන් පිරිසක් ඉරානයට අයත් කුඩා නෞකාවක පටවාගෙන එසේ ඕස්ටේ්‍රලියාවට රැගෙන යමින් තිබුණු කෙටමයින් නැමැති මත්ද්‍රව්‍ය කිලෝ පන්සිය හැත්තෑනමයක් සහ අයිස් නැමැති මත්ද්‍රව්‍ය කිලෝ හයසිය පහක් අල්ලා ගැනීමට අපේ රටේ නාවික හමුදාව සමත් වන්නේ ගැඹුරු මුහුදේ කළ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙසිනි.
එම මත්ද්‍රව්‍ය තොගය නෞකාවට පැටවෙන්නේ ඉරානයත් පාකිස්තානයත් අතර දේශ සීමාවේ පිහිටි ධීවර වරායකදීය. එම මත්ද්‍රව්‍ය තොගය එම වරායට රැගෙන එන්නේ පාකිස්තානයේ සිටය. නෞකාව ඕස්ටේ්‍රලියාවට රැගෙන ඒමේ වගකීම පැවරෙන්නේ ඒ සදහා කප් ගැසූ පාකිස්තානු ජාවාරම්කරුවන් නව දෙනෙකුටය. මාසයකට දෙකකට ඒ අයට සරිලන ආහාර ද්‍රව්‍ය මෙන්ම ජලයද එම නෞකාවේ ගොඩ ගැසී තිබුණු අතර ඔවුන් ගමන් කරන්නට වූයේ ධීවරයන් ලෙසිනි. එහෙත් නෞකාවේ කිසිදු ධීවර ආම්පන්නයක් නොවීය.
මෙහි මත්ද්‍රව්‍ය තොගයට අමතරව මේ අයගේ භාවිතයට බාබුල් නැමැති මත්පුවක් පැකට් තොගයක්ද තිබුණේය. නෞකාව මත්ද්‍රව්‍ය තොගයද රැගෙන යාත්‍රා කරන්නේ මෙයට සති දෙකකට පමණ ඉහතදීය. නෞකාවේ ගමන් මග වැටී ඇත්තේ ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාවට නුදුරු ජාත්‍යන්තර මුහුදු තීරය ඔස්සේය. පළමු නවාතැන්පොළ බවට පත්වන්නේ ඉන්දුනීසියාවයි. අනාවරණය වෙමින් ඇති ආකාරයට අනුව නෞකාවේ ගමනාන්තය බවට පත්වන්නේද ඉන්දුනීසියානු මුහුදු තීරයයි. එතැන් සිට එම මත්ද්‍රව්‍ය තොගය භාරගෙන ඕස්ටේ්‍රලියාවට ගෙනයාමේ වගකීම ඇත්තේ වෙනත් ජාත්‍යන්තර ජාවාරම්කරුවන් පිරිසකටය.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා සඳහන් කරන ආකාරයට අනුව මේ නෞකාව ගැන අපේ රටේ නාවික හමුදාවට ඉව වැටෙන්නේ පසුගිය මාර්තු 20 වෙනිදාය. ඒ බුද්ධි අංශයට ලද තොරතුරකිනි. ශ්‍රී ලංකා නාවික හමුදාව ජාත්‍යන්තර මුහුදේ සිදුවන ජාත්‍යන්තර මත්කුඩු ජාවාරමක් මුලින්ම වටලන්නේ 2015 වසරේදීය. ඒ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ තොරතුරකට අනුව ශ්‍රී ලංකාවට දකුණු මුහුදේදීය. එදා එම මත්ද්‍රව්‍ය වැටලීමට නායකත්වය දෙන්නේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ වැටලීම් අංශයේ ප්‍රධානියාව සිටි පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීවය. අනතුරුව පොලිස් මත්ද්‍රව්‍ය කාර් යාංශයටත්, පොලිස් විශේෂ කාර්ය බළකායටත්, රාජ්‍ය බුද්ධි සේවයටත් විටෙන් විට ලද තොරතුරුවලට අනුව ජාත්‍යන්තර මුහුදු තීරයේ කෙරුණු මත්ද්‍රව්‍ය වැටලීම් කරනුයේ එකවර කිලෝ සිය ගණනින් අත්අඩංගුවට ගනිමිනි. ඒ පාකිස්තානුවන් සහ ඉරාන් ජාතිකයන් සමගිනි.
වැටලීම් රැසක් ජාත්‍යන්තර මුහුදේ කළ නාවික හමුදාවට දැන් මත්කුඩු ජාවාරම්කරුවන්ගේ යාත්‍රා හදුනා ගැනීමට සහ එම යාත්‍රාවල ගමන් මගින්ම ඒ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ යාත්‍රා බව හඳුනා ගැනීම එතරම් අපහසු නැත. ඉරානයේ සිට ඕස්ටේ්‍රලියාවට යාත්‍රා කරමින් තිබුණු නෞකාවද රේඩාර් තිර ඔස්සේ නාවික හමුදාවේ ගැඹුරු මුහුදේ ආරක්ෂක රාජකාරියේ නිරත සයුර නෞකාවේ රැඳී සිටි නාවිකයන්ට හඳුනාගැනීමට එතරම් අපහසු වූයේ නැත. එම නෞකාවේ ගමන් මග රේඩාර් තිර ඔස්සේ නිරීක්ෂණය කළ සයුර නෞකාවේ අණදෙන නිලධාරියා ඒ බව කොළඹට දැනුම් දෙන්නේ එකී නෞකාව ජාත්‍යන්තර මුහුදු මාර්ගයේ යාත්‍රා කරමින් ඇති බැවින් ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය නොවන ආකාරයට නිශ්චිත ලෙස එම නෞකාව හඳුනාගෙන වැටලීමක් කරන්නටය.

ඒ යැයි කියා නාවික බලධාරීන්ටත් ඒ ගැන පැහැදිලි නියෝගයක් සයුර නෞකාවට ලබාදීමට ඉඩක් නොවීය. ඊට ඉහළ බලධාරීන්වද දැනුවත් කරමින් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය නිවාරණ ඒජන්සියකින් නාවික හමුදාව සහය ඉල්ලා සිටින්නේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේද සහය ඇතිවය. එම ආයතනය ඇමෙරිකාව කේන්ද්‍රකරගත් ඒජන්සියකි. එම ඒජන්සියේ නියෝජිතයින් මෙරටද රැඳී සිටින්නේ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමේ කේන්ද්‍රස්ථානයක් බවට අපේ රට පත්ව ඇති බැවිනි. කොළඹ වරායේදී කොකේන් කිලෝ 1000ක් අඩංගු කන්ටේනරයක් පවා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් 2016 වසරේදී සොයා ගන්නේද එම ඒජන්සියේ ඔත්තුවකිනි. එම කොකේන් තොගය රැගෙන යාමට නියමිතව තිබුණේ ඉන්දියාවටය.
එම ඒජන්සිය තාක්ෂණික පහසුකම්වලින් සන්නද්ධය. සැකකටයුතු නෞකාවේ ගමන් මග නාවික හමුදාවෙන් ලබාදීමත් සමග එම ඒජන්සිය විසින් යාත්‍රා කරමින් තිබුණු එම යාත්‍රාවේ චන්ද්‍රිකා ඡායාරූපයක්ද නාවික හමුදාවට ලබාදුන්නේ එම නෞකාව සැකකටයුතු නෞකාවක් බවත් ජාත්‍යන්තර නෞකා නීති උල්ලංඝනය කරමින් ගමන් කරන බවටත් සහතිකයක් ලබා දෙමිනි. ඒ එම නෞකාවේ නෞකාව අයත් රටේ කොඩියක් නොමැති බැවිනි. ඒ වන විටත් දින ගණනාවක්ම මෙම සැකකටයුතු නෞකාව නාවික හමුදාවේ නිරීක්ෂණයට ලක්වෙමින් තිබුණේය. ජාත්‍යන්තර ඒජන්සියෙන් එම චන්ද්‍රිකා ජායාරූපය ලැබෙන විට එම කුඩා නෞකාව යාත්‍රා කරන්නට වූයේ ගාල්ලේ සිට මුහුදු සැතපුම් 465 ක් ඈතිනි.
මෙම කුඩා නෞකාවේ පකිස්තානුවන් 09 දෙනෙක් සිට ඇති අතර එම පාකිස්තානුවන් අතර සිටි අයෙක් කොවිඞ් 19 වෛරසය ආසාදනය වීමේ ලක්ෂණයක් පෙන්නුම් කළ බැවින් සියලු දෙනාම නිරෝධායනයට යොමු කළ බවය. ඒ අනුව ඔවුන් තංගල්ලේ පිහිටි නාවික හමුදා කඳවුරේදී නාවික නිලධාරීන්ගේ ආරක්ෂාව සහිතව නිරෝධායනයට යොමු වන අතර ඔවුන්ගෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් ප්‍රශ්න කෙරෙන්නේත් අත්අඩංගුවට ගන්නේත් දින 14කට පසුවය.
“ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි අංශ විසින් ලබාගත් යම් බුද්ධි තොරතුරක් විශ්ලේෂණය කිරීමේදී අපිට තේරුම් ගියා මාර්තු මාසේ පළමු හෝ දෙවැනි සතිය තුළ ගැඹුරු මුහුදේදි ශ්‍රී ලංකාවෙන් යන බහුදින යාත්‍රාවකට හෝ වෙනත් යාත්‍රාවකට මත්ද්‍රව්‍ය තොගයක් පටවන බවට. මේ තොරතුරු සනාථ කර ගැනීමට අපට සහය දක්වන විදේශීය ආයතනයක් සමග සම්බන්ධීකරණය වන්නට සිදුවුණා. චන්ද්‍රිකා තාක්ෂණයෙන් ලබා ගන්නා ලද ඡායාරූපයක් අපට ලැබුණා. ඒ අනුව අපිට නැවතත් අපේ මෙහෙයුම් වෙනත් අතකට යොමුකරන්න සිදුවුණා. ඒ අනුව නාවික හමුදාවට අයිති සයුර නෞකාව ගැඹුරු මුහුදට යොමු කරන්න සිදුවුණා. එහිදී මෙම සැකකටයුතු යාත්‍රාව සයුර නෞකාවේ රේඩාර් පද්ධතියේ නිරීක්ෂණය කරන්නට වුණා. එම යාත්‍රාව හඹායාමේදී අපට තේරුණා එය ලංකාව දෙසට හැරිලයි ගමන් කරන්නෙ කියල. එම යාත්‍රාවේ අය සමග කතාකරන්නට උත්සහ ගත්තත් ඒ අය සංඥා හුවමාරුවට සම්බන්ධ වුණේ නැහැ. නමුත් පසුව නිරන්තරයෙන් සම්බන්ධ වෙන්න හදද්දී ඔවුන් සිය ගමන් මග වෙනස් කරල වෙනත් ගමන් මගකට යන්න සූදානම් වුණා. ඒ අවස්ථාවේදී සයුරු නෞකාවේ අණදෙන නිලධාරියා තීරණය කළා මෙම යාත්‍රාවට ගොඩ බසින්න. ඒ අනුව ඔහු නෞකාවේ තිබූ කුඩා යාත්‍රා දෙක යොමු කරල මෙම සැකකටයුතු යාත්‍රාවට ගොඩ බැස්සා.“ නාවික හමුදාපති පියල්ද සිල්වා මේ වැටලීම ගැන පවසන්නේ එසේය.

නාවික හමුදාව මේ සැකකටයුතු නෞකාවට එකවර ගොඩ වන්නේ නැත. මේ දිනවල කොවිඞ් 19 වෛරසය ලෝකය පුරාම ව්‍යාප්ත වෙමින් ඇති බැවින් ඒ අය නෞකාවට ගොඩ වන්නේ ආරක්ෂක ඇඳුම් ආයිත්තම්වලින් සන්නද්ධවය. මුලින්ම නෞකාවේ රැඳී සිටින පුද්ගලයින් පවසන්නේ තමන් ධීවරයින් බවය. එහෙත් එහි ධීවර ආම්පන්න නොතිබුණු බැවින් ඒ බොරුවට නාවික හමුදාවේ නිලධාරීන් හසුකර ගන්නට එතරම් පහසු වූයේ නැත. ඒ මෙම නෞකාව ගැන කල්තියා නාවික හමුදාව තොරතුරුවලින් සන්නද්ධවද සිටි බැවිනි.
අනතුරුව නෞකාව පරීක්ෂා කරන්නේ එහි ධජය නොමැති වූ බැවිනි.ජාත්‍යන්තර මුහුදු මාර්ගයේ යම් යාත්‍රාවක් ගමන් කරන්නේ නම් එම නෞකාව හෝ යාත්‍රාව අයත් රටේ ධජය ප්‍රදර්ශනය කළ යුතුය. එම නීතියද උල්ලංඝනය කර තිබුණු බැවින් නාවික හමුදාවේ සයුර නෞකාවේ නාවිකයන් සිය බලය යොදා නෞකාව පරීක්ෂා කරන්නට ගත්තේය. ආරක්ෂිතව අසුරා එහි ස්ථාන කිහිපයක සඟවා තිබුණු මත්ද්‍රව්‍ය තොගය හමුවන්නේ එවිටය. මුලදී නාවික හමුදාව සැකකරන්නේ එහි ඇත්තේ අයිස් සහ කොකේන් තොගයක් බවය. එහෙත් ගොඩබිමට ඉකුත් 31 වෙනිදා එම මත්ද්‍රව්‍ය තොගය රැගෙන පැමිණීමෙන් පසු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සිය පරීක්ෂණ උපකරණ මගින් කළ පරීක්ෂාවේදී තහවුරු වන්නේ කොකේන් යැයි සැක කළ මත්ද්‍රව්‍ය කොකේන් නොව කෙටමයින් බවය.
අපේ රටේ මෙයට පෙර කෙටමයින් හමුවී අත්නම් ඒ 2010 වසරේදීය. ඒ ඩී.එච්.එල්. මගින් ඇමෙරිකාවට යැවීමට සූදානම් කර තිබියදීය. ඒ විශාල ප්‍රමාණයක් නොව, සුළු ප්‍රමාණයකි. ඩී.එච්.එල්. මගින් ඇමෙරිකාවට යැවීමට භාරදුන් එම කුඩ ගැන ඩී.එච්.එල්. සේවකයින් ප්‍රශ්න කිරීමේදී එය ඇමෙරිකාවට යැවීමට භාරදෙන තැනැත්තිය සඳහන් කර ඇත්තේ සුනඛයින්ගේ සිරුරට ආලේප කරන පවුඩර් වර්ගයක් බවය. මේ ගැන සැකයක් ඇතිවන ඩී.එච්.එල්. සේවකයින් මේ ගැන කියන්නේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයටය. පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු කණ්ඩායමක් එදා ඩී.එච්.එල්. නියෝජිතායතනයට ගොස් එම පාර්සලය පරීක්ෂාවට ලක්කළේය. ඒ තුළ ඇත්තේ කෙටමයින් යැයි තහවුරු වන්නේ එවිටය. ඒ පරීක්ෂණ උපකරණයකින් කළ පරීක්ෂාවකදීය. ඒ අනුව එම පාර්සලය තැපැල් කිරීමට ලබාදුන් කාන්තාව මෙන්ම ඇගේ ඇමෙරිකානු සැමියාවද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය අත්අඩංගුවට ගත්තේය. එහෙත් ඒ වන විට අපේ රටේ කෙටමයින් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට නීතියක් නොවීය. ඒ නීති හිඩැසින් ඒ අය නිදහස ලබා පොලිස් නිලධාරීන්ට එරෙහිව මූලික මිනිස් අයිතිවාසිකම් නඩුවක්ද ගොනු කර එයින්ද ජයග්‍රහණය කළේය. දැන් ඒ සිදුවීමෙන් වසර දහයක් ගෙවී ගොසිනි. තවමත් කෙටමයින් නැමැති මත්ද්‍රව්‍යයට එරෙහිව ක්‍රියාත්මක වීමට නීතියක් අපේ රටේ නැති තරම්ය. එපමණක් නොව, හෙරොයින්වලටත් වඩා භයානක මත්ද්‍රව්‍යයක් ලෙස මුළු ලෝකයම හඳුන්වන අයිස් නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව ක්‍රියාත්මක වීමට පවා නිසි නීතියක් අපේ රටේ නැති තරම්ය. හෙරෙයින් ග්‍රෑම් 02 ක් ළඟ තබාගෙන හසුවූ විට මරණීය දණ්ඩනයෙන් ඊට දඩුවම් ලබාදෙන අපේ රටේ අයිස් නැමැති මත්ද්‍රව්‍ය කිලෝ සිය ගණනක් ලඟ තබාගෙන හසුවූවත් ඇප ලබාගැනීමට පවා හැකියාව ඇත්තේය. අයිස් ළඟ තබාගෙන හසුවී වරදකරුවෙක්ට උපරිම දඩය ලෙස සැලකෙන්නේ රුපියල් 50000කි. කිලෝ කීයක් අල්ලා ගත්තත් දඩය එපමණය. ඒ අයිස් නැමැති මත්ද්‍රව්‍යයට එරෙහිව දැඩි නීති පැනවීමට අවශ්‍ය කෙටුම්පත් සකස්කර ඇතත් මෙතෙක් ඒ කිසිවක් බලාත්මක වී නැති බැවිනි.

අපේ රටේ තරුණ පරපුර මුලින්ම බිලිගනු ලැබුවේ හෙරොයින් නැමැති මත්කුඩුය. පසුව සමාජයේ ඉහළ පැලැන්තිය විවිධ පෙති වර්ග සහ අයිස් භාවිතයට ඇබ්බැහි විය. පාකිස්තානු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අයිස් නැමැති මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට පටන් ගැනීමත් සමග අපේ රටටද අයිස් නැමැති මත්ද්‍රව්‍ය සුලබව එන්නට ගත්තේය. දැන් අපේ රටේ තරුණ පරපුර බිලිවෙමින් ඇත්තේ අයිස් නැමැති මත්ද්‍රව්‍යයටය. අයිස් නමැති මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්නේ රසායානාගරවලය. ඒ රසායනික සංයෝගයක් ලෙසිනි. කොකේන් නිෂ්පාදනය වන්නේ බ්‍රසීලය ඇතුළු ලතින් ඇමෙරිකානු රටවල්වලය. එම රටවල්වල කොකේන් මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරයි. කෙටමයින් නැමැති ඹෟෂධය මත්ද්‍රව්‍යයක් ලෙස එළියට එන්නේ කොකේන්වලට ආදර්ශකයක් ලෙසිනි. දැන් මේ මත්ද්‍රවයත් පකිස්තානයේ නිෂ්පාදනය වන බැවින් වැඩි කල් නොගොස් අපේ රටේ තරුණ පරම්පරාවද මේ මත්ද්‍රව්‍ය විසින් බිලි ගනු ඇත.

රුවන් ‌වෙඩිවර්ධන

SendShareShare
Previous Post

පළමු ‌කොරෝනා සිරුර පිච්චූ ‌කොටිකාවත්තේ ‌සොහොන්පල්ලා ‘මව්රටට’ කතාකරයි

Next Post

මෛත්‍රී එක්ක ‌ගේම ඉල්ලපු ‌රොෂාන් දැන් ‌මෙන්න වවනවා… (PHOTOS)

MORE NEWS

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News
Exclusive

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.