රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා රිය අනතුරින් ජීවිතක්ෂයට පත්වීමත් සමග පුත්තලම දිස්ත්‍රික්කයේ පුරප්පාඩු මන්ත්‍රී ධූරය සඳහා ජගත් ප්‍රියංකර මහතා පත්වීමට නියමිතය.Sri Lanka Latest News
ඔහු පසුගිය මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වැදුණේ ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් වන අතර එම දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුවේ මීළඟට සිටින්නේ ඔහුය.
මේ වන විට ජාතික නිදහස් පෙරමුණ පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන බැවින් ජගත් ප්‍රියංකර මහතා ද විපක්ෂයේ අසුන් ගැනීමට නියමිතව තිබේ.
ඒ අනුව ආණ්ඩු පක්ෂයට අසුනක් අහිමිවී විපක්ෂයට අසුනක් එක් වීමට නියමිතය.









