ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්රීවරුන් කොළඹට කැදවීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා තීන්දු කර ඇත.
ඒ අනුව බදාදා සවස 6ට අරලිය ගහ මන්දිරයේදී විශේෂ ආණ්ඩු පක්ෂ රැස්වීමක් පැවැත්වීමට අගමැතිවරයා සැලසුම් කර තිබේ.
මෙහිදී විශේෂ තීන්දු තීරණ කිහිපයක් ගැනීමට අගමැතිවරයා බලාපොරොත්තුවෙන් සිටින බවද දැනගන්නට තිබේ.










