• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවලෝකිතේෂ්වර බෝධිසත්වයාගේ නඩුවේදී මරු මරු කතා එළියට ඇවිත්! සාමාන්‍ය පෙළත් අසමත්! දවස් 14ට ලක්ෂ 15ක් වියදම් කරලා! අමෙරිකාවෙදි බල්ලන් බලාගෙන! වීසා නැතිව දඩත් ගෙවලා ඊජිප්තුවෙන් පන්නලා! කැලණි ගියේ 25,000කට කුලියට ගත් ලිමොසින් කාරයෙන්! යූටියුබ් චැනල් 5ක්! බිරිය සහ දරුවන් ඊජිප්තුවේ! Sri Lanka Latest News

January 23, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
අවලෝකිතේෂ්වර බෝධිසත්වයාගේ නඩුවේදී මරු මරු කතා එළියට ඇවිත්! සාමාන්‍ය පෙළත් අසමත්! දවස් 14ට ලක්ෂ 15ක් වියදම් කරලා! අමෙරිකාවෙදි බල්ලන් බලාගෙන! වීසා නැතිව දඩත් ගෙවලා ඊජිප්තුවෙන් පන්නලා! කැලණි ගියේ 25,000කට කුලියට ගත් ලිමොසින් කාරයෙන්! යූටියුබ් චැනල් 5ක්! බිරිය සහ දරුවන් ඊජිප්තුවේ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අවලෝකිතේශ්වර බෝධිසත්ත්වයන් නම් බෝධිසත්ත්වයකු වශයෙන් පෙනී සිටිමින් අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය හරහා බුදු දහම විකෘති කරන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ඇතුළත් දේශනා පවත්වා බෞද්ධ ජනයා තුළ සිත් රිදවීම් ඇති කළ බව කියන මහින්ද කොඩිතුවක්කු නමැත්තා ලබන 24 වැනිදා තෙක් රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පසුගියදා නියෝග කළේය. පැමිණිල්ල වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව සහ සැකකරු වෙනුවෙන් ඔහුගේ නීතිඥයා කරුණු දක්වන අවස්ථාවේදී සැකකරු විත්ති කූඩුවේ සිට ප්‍රතිචාර දක්වමින් ඔහුගේ අංග චලනයෙන් කළ සංඥා අධිකරණය නිරීක්ෂණය කළ බවත් සැකකරු යම් මානසික ව්‍යාකූලතාවකින් පෙළෙන බවට ඉන් නිරීක්ෂණය වූ බවත් කී මහේස්ත්‍රාත්වරයා සැකකරු සිදු කළ ප්‍රකාශ හේතුවෙන් මහජන කැලඹීමක් සිදු වේ යැයි කියමින් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.Sri Lanka Latest News

පන්නිපිටිය වීර මාවතේ පිහිටි කුලී නිවෙසක සැඟවී සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මෙම නියෝගය නිකුත් කළේය.

නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි දිලීප පීරිස් මහතා අධිකරණයට කියා සිටියේ මොහු මානසික ආබාධයකින් පෙළෙන බවත් දඬුවම් ලබා නොදී අනුකම්පා කළ යුතු බවත්ය. සැකකරුට ප්‍රතිකාර දිය යුතු බව කී දිලීප පීරිස් මහතා සැකකරුට දඬුවම් අපේක්ෂා නොකරන බවත් ප්‍රතිකාර සඳහා යොමු කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. සැකකරුට ඇප ලබා දුනහොත් ප්‍රබල මහජන කැලඹීමක් සිදු විය හැකි බැවින් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් ඉල්ලා සිටියේය.

“රටේ වාසනාවට මෙම දින 12හිදී සිදු වීමට ගිය හානිය වළක්වා ගන්න හැකි වුණා. මේ වන විට දින 14ට රුපියල් ලක්ෂ 15ක මුදලක් ඔහු වැය කරලා. 2016දී විශේෂ ඥානයක් ලැබූ බව කියමින් ලංකාව පරිහානියට ලක් වීම නිසා මෙරටට පැමිණි බවට දේශනා සිදු කර තිබුණත් ඊජිප්තුවෙන් පිටුවහල් කර තිබෙන්නේ වීසා නැති නිසයි. සැකකරු කුලියට ගත් නිවෙස අයත් වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයකුගේ බිරියකටයි. සැකකරුට බෞද්ධ ජනයාගෙන් ජීවිත තර්ජන තිබෙන බැවින් සැලසුම්සහගතව මෙවැනි පරිසරයක සැඟවී සිට තිබෙන්නේ. යූටියුබ් නාලිකා 5ක් භාවිත කර තිබෙනවා. මොහුගේ ප්‍රධාන අනුගාමිකයන් කිහිපදෙනකු සිටිනවා. අග සව්වරුන් දෙදෙනකු සිටින බවට කියා තිබෙනවා. එක් අයකු පුණ්‍යසිරි කියන පොලිස් සැරයන්වරයෙක්. තවත් දෙදෙනකු වෛද්‍යවරුන්. ඔස්ට්‍රේලියාවේ පදිංචි අයකුත් සිටිනවා. අනුගාමිකයන් 300ක් සිටින බවට කියා තිබෙනවා“ යැයිද දිලීප පීරිස් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුර වාර්තාවක් ගොනු කරමින් මෙසේ කරුණු දැක්වීය.

සැකකරු අත්අඩංගුවට ගත්තේ පන්නිපිටිය වීර මාවතේ පිහිටි කුලී නිවෙසක සිටයි. 1979.6.23 බරවාකුඹුරදී ඉපදුණු සැකකරු අ.පො.ස. සාමාන්‍ය පෙළ අසමත් වී තිබෙනවා. 2011දී විවාහ වී 2012දී අමෙරිකානු කඳවුරක නිලධාරින්ගේ නිල නිවෙසේ සුනඛයන් බැලීමට ගොස් තිබෙනවා. ඊජිප්තුවේ වසර 4ක් වීසා නැතිව සිට අමෙරිකානු ඩොලර් 450ක දඩයක් ගෙවමින් ඒ රටෙන් මෙරටට පිටුවහල් කර තිබෙනවා. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් මෙරටට පැමිණි ඔහු විශේෂ අවසරයක් ලබාගෙන අමුත්තන් පැමිණීමේ පර්යන්තයෙන් පිටතට පැමිණ මල් මාල සහ සළු පලන්දවා රංගනයක් ක්‍රියාත්මක කරමින් රහතුන් 41ක් සිටින බවට දේශනයක් කර තිබෙනවා. ඉන් අනතුරුව තමයි කැලණිය විහාරස්ථානයට ගිහින් තිබෙන්නේ. එහිදී කිසිදු අවසරයක් ලබා නොගෙන තමයි මේ ප්‍රකාශ සිදු කර තිබෙන්නේ. එහිදී ඔහු බෞද්ධ මෙහෙණින් වහන්සේ නමක් ලවා වන්දනා කරගෙන තිබෙනවා. තවත් කාන්තාවන් ඔහුට වන්දනා කර තිබෙනවා. ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් ඇතුළු නාහිමිවරුන් පස් නමක් විසින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. බුදු දහම ආරක්ෂා කිරීමට ගත යුතු පියවර ගන්නා ලෙස ඉන් ඉල්ලා තිබෙනවා. බෞද්ධ ඉගැන්වීම් විවේචනයට ලක් කරන මේ පුද්ගලයා සම්බන්ධයෙන් ගත යුතු පියවර ගැනීම රාජ්‍ය වගකීමක් ලෙස එහි පෙන්වාදී තිබෙනවා. මුදල් පාලනය කර තිබෙන්නේ නිලන්තිකා කරුණාරත්න කියන අයෙක්. ඇගෙන් ප්‍රකාශ ගත්තා. ලක්ෂ 15ක් පමණ වැය වූ බවට කියා තිබෙනවා. ඔහු කැලණියට ගමන් ගත් ලිමොසීන් කාරය කැලණිය පුද්ගලයකුගෙන් රුපියල් 25,000කට කුලියට ගත් කාර් රථයක්. මවුපියන්ගෙන් ප්‍රකාශ ලබා ගත්තා. පියා සහ සහෝදරියක් කියා තිබෙන්නේ ඔහු 2013 විදේශගත වූ බවයි. ඔහු සමඟ එදා සිට සම්බන්ධතාවක් නැති බව කියා තිබෙනවා. ඔහුට නිවුන් දරුවන් දෙදෙනකු සිටින බවටත් දන්වා තිබෙනවා. බිරිය සහ දරුවන් ඊජිප්තුවේ සිටින බවට කියා තිබෙනවා. මෙවැනිම කළුතරින් මතු වූ තවත් බුදු කෙනකුන් ගැන සඳහන් වෙනවා. මොවුන් මුදල් පසුපසයි හඹා යන්නේ. වහා පියවර ගත යුතුයි. සැකකරුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස් ජනරාල් පේමසිරි රත්නායක, බෞද්ධ කේන්ද්‍රය, සිංහල රාවය සංවිධානය අගුළුගල්ලේ සිරි ජනානන්ද හිමියන් සහ බළන්ගොඩ කස්සප හිමියන්ගෙන් ලැබුණු පැමිණිලිවලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය මඟින් විමර්ශන ආරම්භ කළා.

මේ පුද්ගලයා විසින් යූටියුබ් නාලිකා 5ක් පවත්වාගෙන යනවා. ඒ ඔස්සේ සහ තම ෆේස්බුක් ගිණුම් ඔසසේ මේ දේශනා ප්‍රචාරය කර තිබෙනවා. දිගින් දිගටම නිවාසවලට යමින් මේ දේශනා සිදු කරන බවට තොරතුරු ලැබී තිබෙනවා. යූටියුබ් නාලිකා ඔස්සේ 180 දේශනා සහ 180 කෙටි දේශනා නමින් මේ දේශනා සිදු කර තිබෙනවා. බුදුන් වහන්සේට තිබූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ හෑල්ලුවට ගනිමින් කතා කර තිබෙනවා.

ඔහුට සර්වඥ බලයක් තිබෙන බවත් කියා තිබෙනවා. එහෙත් අද ඔහු අධිකරණයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක් සරණ ලබාගෙන තිබෙනවා. අධිකරණයේ පිහිට පතා තිබෙනවා. මේ පුද්ගලයාට විශාල මුදල් ප්‍රමාණයක් ලැබී තිබෙනවා. ඒ සම්බනධයෙන් විමර්ශන සිදු කරනවා. මිනිස්සුන් සූරා කමින් මොහු කටයුතු කර තිබෙන්නේ. යම් ආගමක් මතවාදයක් ඕනෑම කෙනකුට පවත්වාගෙන යා හැකියි. ඔහු මුදල් අල්ලන්නේ නැහැ කියමින් නිවෙසේ අමෙරිකානු ඩොලර් 110ක්, පවුම් 15ක් තිබී සොයාගෙන තිබෙනවා. බැංකු ගිණුම් 2ක් තිබෙනවා. අධිකරණ නියෝග ලබාගත් පසුවත් මොහුගේ චර්යාවේ වෙනසක් දකින්නට නැහැ. ඔහුට එරෙහිව පියවරක් ගත්තොත් රටට හෙණ ගහනව කියා තිබෙනවා. අත තිබ්බොත් රට විනාශ වන බව කියා තිබෙනවා. ඔහුගේ මානසික සෞඛ්‍ය පරීක්ෂා කළ යුතුයි. මනෝ වෛද්‍යවරයකුට යොමු කර මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවන්න. දීර්ඝ විමර්ශනයක් සිදු කරා. ප්‍රකාශ 10ක් ලබාගෙන තිබෙනවා. ඔහු සමඟ කටයුතු කරන පුද්ගලයන්ගෙන් ඔහුගේ විවිධ ක්‍රියාකාරකම් සම්බ්නධයෙන් ප්‍රකාශ ලබා ගනිමින් සිටිනවා. ඇප දීම සුදුසු නැහැ. එසේ වුවහොත් ප්‍රබල මහජන කැලඹීමක් සිදු වේවි. අධිකරණ නියෝගය හේතුවෙන් ඇතිව තිබූ කැලඹීම බොහෝ දුරට පහව ගියා. ඇප දීමට විරුද්ධයි.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා,

“ආගමික නායකයන්ට හානි වන අයුරින් මගේ සේවාදායකයා කිසිදු ප්‍රකාශයක් සිදු කර නැහැ. අද දේශපාලන සිවිල් ජාත්‍යන්තර සම්මුති පනත යටතේ නඩු දාන්නේ නැත්තේ ඇයි. නීතිපතිවරයා උපදෙස් දී තිබෙනවා එලෙස කටයුතු නොකරන ලෙසට. කිසිම ආගමික කැලඹීමක් නැහැ. බුදු වන සිතුවිලි මනසට ඕනෑම කෙනකුට එන්න පුළුවන්. මුදල් විශුද්ධිකරණය යටතේ චෝදනා ගොනු වී නැහැ. ඇප දිය හැකි වැරදි කර තිබෙන්නේ. සුදුසු ඕනෑම කොන්දේසියක් මත සැකකරු මුදා හරින්න.

මහේස්ත්‍රාත්වරයා,

අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය හරහා අවලෝකිතේශ්වර් බෝධිසත්ත්වයන් නමින් පෙනී සිටිමින් බුදු දහම විකෘති කරමින් විවිධ දේශනා පවත්වමින් බෞද්ධ ජනයා තුළ සිත් රිදවීම් ඇති කරමින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළ බවට පැමිණිලි රාශියක් ලැබී තිබෙනවා. මහනාහිමිවරුන් ඇතුළු නාහිමිවරුන් පස් දෙනකු කරුණු දක්වා තිබෙනවා. සමාජ මාධ්‍යයේ වරින්වර උඩුගත කළ ප්‍රකාශ හේතුවෙන් සමාජයේ මතභේදකාරී තත්ත්වයක් ඇති වී තිබෙන බවට කරුණු දක්වා තිබෙනවා. මහනාහිමිවරුන් ඇතුළු නාහිමිවරුන් පස් නමක් ලිපියක් නිකුත් කර තිබෙනවා. සමාජයේ මේ පිළිබඳ පුළුල් කතාවක් ඇති වී තිබෙනවා. ජනමාධ්‍ය ඔස්සේ පුළුල් සාකච්ඡාවක් ඇති වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සුළුකොට තැකිය නොහැකියි. මුදල් විශුද්ධිකරණය පරිගණක අපරාධ පනත ඇතුළු පනත් යටතේ තවදුරටත් විමර්ශන කරන බව කියා තිබෙනවා. එම ඇප දිය හැකි වැරදි ගණයේ ලා සලකන්න බැහැ. ඇප පනතේ 14-1 නොසලකා නියෝග නිකුත් කරන්න බැහැ.මේ සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම කරුණු දක්වන අවස්ථාවේ සැකකරු විත්ති කූඩුවේ සිට ඔහුගේ අංග චලනයෙන් කළ සංඥා අධිකරණය නිරීක්ෂණය කරා. ඒ තුළින් ඔහුට යම් මානසික ව්‍යාකූලතාවක් ඇති බවට නිරීක්ෂණය කරා. එලෙස සැකකරු ඇප මත මුදා හැරියහොත් යම් මහජන කැලඹීමක් ඇතිවිය හැකියි. සැකකරු ලබන 24 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කරමි. සැකකරු අංගොඩ මානසික විද්‍යායතනයට යොමු කොට ප්‍රතිකාර සඳහා යොමු කරන ලෙසත් ගොනු කරමි. ඊට අදාළ වාර්තාවක් ගොනු කරන ලෙස එහි අධ්‍යක්ෂවරයාට නියෝග කරමි.

සැකකරු සම්බන්ධයෙන් විමර්ශන කර ඉදිරි දින අධිකරණයට වාර්තා කරන්න යැයි ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ජනවාරි මස 10 වැනිදා ලැබුණු පැමිණිලිවලට අනුව තාලිගල බරවාකුඹුර පදිංචි කොඩිතුවක්කු කංකානම්ලාගේ මහින්ද කොඩිතුවක්ක යන අය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවත් 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණ පනත, 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වගන්තිය හා සාක්ෂි ආඥා පනතේ (ඉ) (1) වගන්ති ප්‍රකාරව චෝදනා ගොනු කරනු ලබන බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දර්ශිකා කුමාරි සහකාර පොලිස් අධිකාරි චන්දිමා යන නිලධාරින් ඇතුළු පිරිසක් පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියහ.

SendShareShare
Previous Post

අමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් ජී.එල්.ගේ ගෙදරට ගිහින් ‘ජවිපෙ ගැන බයක් තියෙනවා… රනිල්-සජිත් එකතු වෙන්න ඕන කියලා කිව්වද? ජී.එල්. පාර්ලිමේන්තුවේදී ඇත්ත නැත්ත පැහැදිලි කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ගාසා තීරයේ රතු කුරුස සංවිධාන මූලස්ථානයට ඊශ්‍රායලයෙන් දරුණු ප්‍රහාරයක්! VIDEO

MORE NEWS

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News
Exclusive

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News
Exclusive

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

Load More
අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

ගැසුවා කී බෙරයෙ බල මැන පළුත් නැත! මල් පැළ වෙලා වල් පැළ මහ ගෙදර අදවල් පැළ එදා මල් පැළ ලෙස...

Read more
‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.