ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දින 11ක විදෙස් සංචාරයකින් අනතුරුව අද (23) දිවයිනට පැමිණෙයි.Sri Lanka Latest News
ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වුණු ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා ඉකුත් 13 වැනිදා දිවයිනෙන් පිටත්ව ගිය අතර ස්විට්සර්ලන්තයේ සිට උගන්ඩාවට18 වැනිදා පිටත්ව ගියේ නොබැඳි ජාතීන්ගේ සමුළුවේ (NAM) 19 වැනි රාජ්‍ය නායක සමුළුව සහ G77 සහ චීනය කණ්ඩායමේ 3 වැනි දකුණු සමුළුවට (3rd South Summit of the Group of 77 & China) සහභාගී වීම සඳහායි.











