• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සාගල නෙළුම් පොකුණේ ප්‍රජා පොලිස් හමුවට එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

January 21, 2024
in Exclusive
Reading Time: 7 mins read
A A
සාගල නෙළුම් පොකුණේ ප්‍රජා පොලිස් හමුවට එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විපක්ෂය කුමන විවේචන එල්ල කළ ද රජයේ නව ආර්ථික ප්‍රතිසංස්කරණවල සුබවාදී ප්‍රතිඵල ඉදිරියේදී ජනතාවට අත්දකින්නට ලැබෙන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය. (Sri Lanka Latest News)

රට සංවර්ධනය කරා ගෙන යාමේදී මත්ද්‍රව්‍ය උවදුර පිටුදැක නීතිය හා සාමය තහවුරු කළ යුතු බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

සාගල රත්නායක මහතා මෙම අදහස් පළ කළේ කොළඹ දකුණු කොට්ඨාසයේ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් දැනුම්වත් කිරීම සඳහා ඊයේ (19) කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී සංවිධානය කළ උත්සවය අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාගල රත්නායක මහතා මෙසේද පැවසීය.

රටක් සංවර්ධනය කිරීමට නම් එරටේ නීතිය හා සාමය ආරක්ෂා කර තහවුරු කළ යුතුයි. ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කළ යුතුයි. ඒ වගේම ආයෝජකයන්ට, ව්‍යාපාරිකයන්ට සිය කටයුතු කරගෙන යෑමට සුදුසු පරිසරයක් නිර්මාණය විය යුතුයි. අනාගත පරපුර ආරක්ෂා කර ගැනීමටත්, නීතිය හා සාමය කියන අංශ වැඩිදියුණු වීම අත්‍යවශ්‍යයි.

දියුණු රටවල්වල නීතිය හා සාමය ක්‍රියාත්මක වීම පිළිබඳව විනිවිදභාවයක් තිබෙනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රාග්ධනය, මානව සම්පත, තාක්ෂණය පිළිබඳව විශේෂ අවධානයක් ද යොමු කර තිබෙනවා. අප රට ද එම තත්ත්වයට ගමන් කළ යුතුව තිබෙනවා.

අපි භාර ගත්තේ ආර්ථිකමය වශයෙන් කඩාවැටුණු රටක්. මීට වසර දෙකකට පෙර මේ රටේ තිබූ තත්ත්වය අද ඇතැමුන්ට අමතක වී තිබෙනවා. එදා පැවති තත්ත්වය තුළ රටේ ඉන්ධන, ගෑස් පෝලිම් තිබුණා. අත්‍යවශ්‍ය ඖෂධ වර්ග තිබුණේ නැහැ.

එදා එවැනි අර්බුදයක් තිබුණත් අද රට සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබෙනවා. ආර්ථිකමය වශයෙන් යම් අපහසුතා පැවතියත්, ජීවිතයේ හෙට දවස ගත කරන්නේ කෙසේද යන අවදානම පහව ගොස් තිබෙනවා.

වර්තමානයේ ස්ථාවර වී තිබෙන රටේ ආර්ථිකය වේගයෙන් වර්ධනය කර ගැනීමේ වගකීම අපට තිබෙනවා. පසුගිය වසර දෙක රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට ගත වුණා. ඒ කාලය තුළ රටේ ජනතාව ද රජයට විශාල සහායක් ලබා දුන්නා. ඒ වගේම මේ ගමනේ ඉතිරි කොටසත් ඉතා පරිස්සමින් යා යුතුයි. අපහසුතා දරාගෙන සිටි ජනතාවට සහන ලබා දීම සඳහා අප කටයුතු කරමින් සිටිනවා. කඩාවැටී තිබූ කෘෂිකර්මාන්තය නැවත නඟාසිටුවීමට පොහොර ප්‍රතිපත්තිය වෙනස් කළා.

එසේම ආර්ථික ප්‍රතිසංස්කරණ ගණනාවක් රට තුළ සිදු කළා. එදා රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 5%කට වඩා අඩු මට්ටමක තිබුණේ. එම ප්‍රමාණය එය 16%ක් දක්වා වැඩි කර ගැනීමට අපට හැකියාව ලැබුණා.

සංචාරක ව්‍යාපාරය අපට පහසුවෙන් දියුණු කළ හැකි කේෂ්ත්‍රයක්. අද වන විට රටේ සංචාරක ව්‍යාපාරය යම් දියුණු මට්ටමක පවතිනවා. මේ වසරේ ලක්ෂ 25ක සංචාරකයන් ප්‍රමාණයක් මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරනවා. එදා අපේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට ක්‍රියාත්මක කළ සැලසුම්වල ප්‍රතිඵල අද දක්නට ලැබෙනවා. ඒ වගේම විදේශ සංචිත වැඩි වෙමින් පවතිනවා.

එමෙන්ම කොළඹ වරාය තවදුරටත් සංවර්ධනය කිරීම, බහාලුම් හුවමාරු වැඩි කර ගැනීම වැනි සැලසුම් ද සකස් කරමින් පවතිනවා. මෙහිදී සැලසුම් සකස් කිරීමට වඩා වැදගත් වන්නේ විශ්වාසය ආරක්ෂා කිරීම බව කිව යුතුයි. කොළඹ වරායේ පර්යන්ත ප්‍රමාණය තවදුරටත් වැඩි කරගත යුතුයි.

අප රටේ තරුණ පරපුර තාක්ෂණය අතින් ඉතා දියුණු මට්ටමක සිටිනවා. එමඟින් විදේශ ආදායම් වැඩි කර ගැනීම වැනි විවිධ වැඩසටහන් සකස් කර තිබෙනවා. අපේ රටට, තරුණ පරපුරට හොඳ අනාගතයක් තිබෙනවා. නමුත් ජනතාව සහ රජය අතර විශ්වාසයක් නොමැති නම් රටක් දියුණු කළ නොහැකියි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කිරීම රටට ඉතා වැදගත්. රට නැවතත් ආර්ථිකමය වශයෙන් ඇද වැටීමට ඉඩදිය නොහැකියි. විපක්ෂය මොන තරම් විවේචන කළත්, රජයේ නව ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵල ඉදිරියේදී ජනතාවට අත්දකින්නට ලැබෙනවා. ජාත්‍යන්තරයට අප රට කෙරෙහි විශ්වාසයක් ඇතිව තිබෙනවා. ඒ විශ්වාසය ගොඩනඟාගෙන රට ඉදිරියට ගෙන යෑමේ වැඩපිළිවෙළට සියලුම දෙනාගේ සහාය අවශ්‍යයි.

ඒ වගේම රටක් දියුණු වීමේදී මත්ද්‍රව්‍ය උවදුර ද මේ සමාජයෙන් බැහැර කළ යුතුයි. රට සංවර්ධනය කරා ගෙන යෑමේ විශාල කාර්යභාරයක් පැවරී තිබෙන තරුණ පරපුර මත්ද්‍රව්‍ය හේතුවෙන් විනාශ වෙනවා. අද අප ඇස්පනාපිටම ඒ තත්ත්වය අත්දකිනවා. ඒ නිසා තමයි රටෙන් මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා ‘යුක්තිය’ මෙහෙයුම ආරම්භ කර තිබෙන්නේ.

මත්ද්‍රව්‍ය උවදුර අපේ රටට පමණක් නොව ලෝකයටම තර්ජනයක් බැවින් එය නතර කළ යුතුයි. ඒ සඳහා ද සියලුම දෙනාගේ සහාය අවශ්‍යයි. රටේ මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ වැඩසටහන වෙනුවෙන් කැපවී සිටින පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවලට මා ස්තුතිය පුද කර සිටිනවා.

මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයන්, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, අණදෙන නිලධාරී විශේෂ කාර්ය බළකාය – ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර යන මහත්වරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්, ප්‍රජා පොලිස් කමිටු සාමාජික – සාමාජිකාවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය

SendShareShare
Previous Post

පාස්කු ප්‍රහාරයට අවුරුදු 5යි! කාදිනල් හිමියන් දැඩි තීන්දුවක් ගනී! VIDEO I Sri Lanka Latest News

Next Post

නාරම්මලදී ‌සිවිල් පිට හිටපු පොලිස් නිලධාරියෙක් දරුවො තුන්දෙනෙක්ගේ තාත්තා කෙනෙකුට වෙඩි තියලා මරලා ඒ පවුලේ අයගේ අතට සල්ලි දීලා සිද්ධිය යටගහන්නද හදන්නේ? තවම ලංකාවට පොලිස්පති කෙනෙක් නැත්තේ ඇයි? තවම ‘වැඩබලන’ ඇයි? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

මේ වෙනකන් කතා කරපු කිසි කථිකයෙක් කතා කරාද ඒ මරාගෙන මැරෙන බෝම්බකරුවාගේ තාත්තා ජවිපෙ ජාතික ලැයිස්තුවේ කියලා.මරාගෙන මැරෙන බෝම්බකරුවා වෙනුවෙන්...

Read more
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.