• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටම දුක් විඳිද්දී ආණ්ඩුවේ මැති ඇමැතිවරු නැව්වලින් ගිහින් මුහුද මැද ගත් මහ රෑ ෆන් එක I Sri Lanka Latest News

January 18, 2024
in Exclusive, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘මන්ත්‍රීවරුන්ට මුහුදු මැද පාටියක්’(Sri Lanka Latest News)

ඒ සිරස්තලය පළවූයේ මේ දවස්වල සෝෂල් මීඩියාව කලඹමින් වයිරල් වන රජ නිවුස් එකක් ගැන සවිස්තර ගෙන එන්නටය.

අපේ රටේ මන්ත්‍රීවරුන්ට පාටි කියන්නේ නම් ඉතින් අලුත් දෙයක් නෙවෙයි. මහ ලොකු දේකුත් නෙවෙයි. රටේ බහුතරයක් පිරිස බත් වේල කන්න හිඟා නොකා හිඟා කෑවට මන්ත්‍රී ඇත්තන්ට ඕනෙ තරමට ජය පහට කන්න බොන්න සල්ලි තියෙනවා. ඒ හින්දා එයාලට කොහොම වුණත් හැමදාමත් පාටි තමයි. ඉතින් මේ කියන පාටියත් එහෙම එකක් වෙන්නැති.

නොදන්න දේ කතා නොකර පාටියෙ විස්තරය අහන්නකෝ. ඔක්කොටම කලින්, මේ කියන්නේ මන්ත්‍රී ගෙදරක සාලේ මැද්දේ තියාපු නිකන්ම නිකන් පාටියක් ගැන එහෙම නෙවෙයි. මේක ඇවිදින් රජ පාටියක්. මුහුද මැද්දේ ලතාවට එහා මෙහා නැලවෙන නැව් දෙකක පැවැත්වුණු පාටියක්. නැව් දෙකේ නම විදියට සටහන් වෙලා තියෙන්නේ එකක් ‘හංසකාවා’ අනෙක ‘දිය කොවුලා’.

හරි අපූරුයි නේද? නම් විතරක් නෙවෙයි, ඒ පාටියත් හරිම අපූරුයි. ආරාධනා පත්‍රයත් ඒ වගේම අපූරුයි. මුහුදු සංචාරයත් එක්කම පාටිය සංවිධාන කරලා තිබුණේ වරාය සහ ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මැතිතුමාය කියලයි ආරංචිය යන්නේ. ආරාධනාව මන්ත්‍රීතුමන්ලා 50කට ඇවිදින් තියෙනවා. පාටිය තිබුණේ අලුත් අවුරුදු උණුසුමත් එක්ක ජනවාරි 09 වැනිදා. මුහුදු සංචාරයත් එක්ක පාටිය පටන් අරන් තියෙන්නේ හැන්දෑ යාමේ 6ත් 7ත් අතර ටයිම් එකටයි.
පාටිය යන අතරවාරයේ ‘සුමිහිරි පානෙත්’ පදමට තියෙන්න ඇති ඔය කියන විදිය.

සුමිහිරි පානේ ගැන නම් සඳහනක් තිබුණෙ නැහැ. හැබැයි ඒ වාගේ සැර ජාතිය තිබුණද නැද්ද කියලා හරි හැටි එළිදරව්වක් නැහැ. කොහොමත් සුමිහිරි පානේ ඇතා නැතා වුණත් පාටිය නම් සුපිරි ආහාර පාන එක්ක හරි ජයට තිබිලා තියෙනවා. සරලවම කියනවා නම් බහුතරයක් මිනිස්සු ‘කනවට’ වැඩිය ‘ලෙවකන’ රටක මේ මුහුද මැද පාටිය චීස් හැම් බේකන් එක්ක හරිම ජයට ගියා කියලා තමයි ඉතා විශ්වාසදායක ආරංචි මාර්ග කියලා තියෙන්නේ. වරාය අධිකාරියට අයිති හංසකාවා සහ දිය කොවුලා කියන පුංචි නැව් දෙකේ රෑ යාමේ තිබුණු මන්ත්‍රීවරු 50කගේ මේ සුන්දර මුහුදු පාටියට රුපියල් ලක්ෂ 25කට වඩා මුදලක් නාස්ති වෙලා තියෙනවා.

ලක්ෂ 25ක්, එක රෑක පැය ගණනකට?

එයට වැඩිය වියදම් වුණා කියලයි කියන්නේ.

18%ක වැට් බද්දක් සම්මත කළ තුන්වැනි පන්තියේ රටක ලයිට් බිල් ගෙවාගන්න බැරිව පහුගිය මාසේ ගෙවල් දහස් ගානක විදුලිය කප්පාදු කළ රටක, උදේට දවාලට කන්න දෙයක් නැති හින්දා සිසුන් ලක්ෂයක් විතර පාසල් නොයන ගම්මාන තියෙන රටක, සමස්තයක් වශයෙන් ගන්නවා නම් වේලක් කාලා වේලක් නොකා ඉන්න, එහෙමත් නැතින්ම කනවට වඩා ලෙවකන මිනිස්සු ඉන්න රටක, ක්ලිනික් එකක හරියකට ගන්නය කියලා බෙහෙත් නැති රටක, කොටින්ම කියනවා නම් උහුලන්න බැරි ජීවන වියදම නිසා අන්ත අසරණ විදියට පීඩාවට පත්ව සිටින මිනිස්සු ඉන්න රටක මේ තාලෙට ලක්ෂ 25ක් 30ක් එක රැයකින් නැති නාස්ති කරන එක මොන තරම් පාපයක්ද? ඇත්තෙන්ම කියනවා නම් ඒක සහගහන අපරාධයක්.

මන්ත්‍රීවරු මන්ත්‍රී පදවියක් ගන්නේ කොහොමද? මන්ත්‍රීවරු මන්ත්‍රී පදවියක් ගන්නේ මිනිස්සුන්ගේ ඡන්දයෙන්. එහෙව් එකේ ඡන්දය දුන්න මිනිස්සු පීඩාවට පත්ව ඉන්න පසුබිමකදී මන්ත්‍රී පදවිය ගත්ත උදවිය මේ විදියට ජෝගි නටන එක කොයි තරම් අසාධාරණයිද? බලනකොට මේ වැඩෙත් අර ‘මාස්ටර් සර්’ සින්දුවේ පසුබිම් කතාවට ගැළපෙන තවත් කතන්දරයකි. මතකයිනේ පත්තර මල්ලි කිව්වා මාස්ටර් සර් සින්දුව හැදුණේ වතු කම්කරුවො වෙනුවෙන්, හැබැයි වතු කම්කරුවෝ කවදාවත් ඒ සින්දුව රසවින්දෙ නැහැ, සින්දුව රසවිඳිමින් ඒකෙන් ෆන් එක ගත්තේ වතු කම්කරුවාව තලලා පෙළලා පාගලා දාපු ධනවත්තු. රුපියල් සීයේ නෝට්ටුවකින්වත් ඒ අසරණයන්ගේ වැටුප වැඩි කරපු නැති පාලකයෝ. මුහුද මැද සාජ්ජේ ගත්තත් එහෙම තමයි.

පීඩිත මිනිස් සමූහය කවදාකවත් කිසිම සැපක් නැතව, කිසිම ලැබීමක් නැතුව, හැමදාමත් රැවැටෙමින් නරුම දේශපාලුවන්ව පාර්ලිමේන්තුවට යවන්නෝය. පාර්ලිමේන්තුවට ගිය මන්ත්‍රීවරයා සුර සැප විඳිනවා. ඡන්දදායකයා හැමදාම මහමග බාගෙට ඉරුණු පන් මල්ලත් අතේ තියාගෙන දත නියවාගෙන බලන් ඉන්නවා. පාලකයෝ රට සවාරි යනවා. බාල් නටනවා. මුහුද මැද පාටි දානවා. ඒ සුඛිත මුදිත ජීවන රටාවට උන්ට මග පාදලා දුන්නේ වේලක් ඇර වේලක් කන දුප්පත් ඡන්දදායකයා කියන එක කවදාවත් උන්ගෙ ඔළුවට එන්නේ නැහැ.

රැවැටිල්ලට අහුවෙන ඡන්දදායකයත් එහෙමයි. මැතිවරණ කාලෙට කැම්පේන් ඇවිදින් එවුන්ගේ දරුවෙක්ව වඩාගෙන නළල ඉම්බම එවුන්ටත් ඔක්කොම අමතකයි. කාටූන් කලාවෙත් ඔය ටික හරි අපූරුවට ප්‍රවීණ කාටූන් ශිල්පී කැමිලස් පෙරේරා මිනිස්සුන්ට කියා දුන්නා. ඒත් වැඩක් වුණේ නැහැ. අපේ මිනිස්සු හැමදාමත් රැවැටෙනවා. මුහුදු මැද ඊයේ පෙරේදා ජෝගි නටපු අයත් ඒක දන්නවා. ඒ හින්දම තමයි උන් ලක්ෂ 30ක් 35ක් එක රැයකට නාස්ති කරමින් සව්දිය පිරුවේ.

අනේ ඇත්තටම එතැන හිටපු එකම එක දේශපාලුවෙක්ටවත් හෘදය සාක්ෂියක් කියලා එකක් තිබුණේ නැද්ද? රාත්‍රී සාදයක් මුහුදු මැද නැවක පවත්වන්න මේක ලංකාව මිස හිරු නොබසින අධිරාජ්‍යය නෙවෙයි කියලා උන්ට නොහිතුණේ ඇයි? මේ නරුම දේශපාලුවො අන්දකයිප්පු කාලා හිටියද? එහෙම නැත්නම් ඒක උන්ගේ නරුමකමද? තවත් විදියකට හිතනවා නම් උන්ට ඡන්දදායකයව පේන්නේ ජෝකර්ලා විදියටද? කොහොමත් ඔය කාරණා තුනෙන් අන්තිම එක හුඟක් දුරට හරිය.

කාටද මේ අවනඩුව කියන්නේ? රට විනාශයට පත්කරවමින් දූෂණය මැරකම් රජකරවන දේශපාලුවන් නටන මේ නෙයියාඩගම දෙවියන්ටවත් පේන්නේ නැද්ද?

‘පාටි දාන එක මහා ලොකු වරදක්දැ’යි සිතනවා වෙන්නට පුළුවන. එක අතකට ඒකත් හරිය. බාල් නටන මන්ත්‍රීවරුන් හිතන ක්‍රමයට අනුව උන් මේ සැප විඳින්නේ උන් ගෙන ආ පින් මහිමය අනුවය. එහෙම හිතනකොට උන්ට ඡන්දදායකයා ගහපු කතිරය මතක නැත. කඩදාසි කොලයක බෝල්පොයින්ට් පෑනකින් හරිම ලෙහෙසියට ගහන්න පුළුවන් වුණාට ඒ කතිරයේ වටිනාකම ගැන නරුම දේශපාලුවාට ගානක් නැත. ඡන්දදායකයාටත් තමා ගහන කතිරය ගැන වගක් නැත. දේශපාලකයන් රෑ පානේ නැව් තටාකවල ජෝගි නටන්නේද ඒකය.

‘මයි කාර් මයි පෙට්‍රල්’

බොහෝ විට උන්නේ තියරිය ඒකය.

එතකොට උන්ට නැව්වල ජෝගි නටන්න ඡන්ද ලයිසන් එක දුන් අසරණ අවාසනාවන්ත ඡන්දදායකයාගේ තියරිය විය යුත්තේ කුමක්ද?

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

VAT හින්දා දුක නම් මෙන්න කතා I Sri Lanka Latest News

Next Post

2024 ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග පහක් I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.