පිලිපීනයේ පසුගියදා පැවති ජාතික මාස්ටර් සහ ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා උළෙලේදී මීටර් 5000 සහ මීටර් 1500 යන ඉසව්වලදී රන් පදක්කම් දෙකක් ද, මීටර් 800 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක්ද හිමි කර ගත් මුලතිව්, මුල්ලියාවලෙයි හි පදිංචි අකිලා තිරුනායක මහත්මිය ඊයේ (06) උතුරු පළාත් ආණ්ඩුකාර නිල නිවසේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.Sri Lanka Latest News
72 වියෙහි පසුවන විශ්‍රාමික බන්ධනාගාර නිලධාරිනියක වන ඇය පාසල් වියේ සිටම මලල ක්‍රීඩාවට දක්ෂතා දක්වා ඇති අතර මෙරට නියෝජනය කරමින් තායිලන්තය, ජපානය, සිංගප්පූරුව, මැලේසියාව සහ ඉන්දියාව යන රටවල පැවති ප්‍රවීණයන්ගේ තරගාවලි කිහිපයකදී රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගෙන ඇත.
අකිලා තිරුනායක මහත්මියගේ ක්‍රීඩා කටයුතු පිළිබඳ විමසමින් සුහද පිළිසඳරක නිරතවූ ජනාධිපතිවරයා ඇය දිරිගැන්වීමක් ලෙස තිළිණපතක් ද ප්‍රදානය කළේය.
එසේම ඇයගේ ධෛර්යවන්ත ක්‍රීඩා දිවිය අගය කළ ජනාධිපතිවරයා ඉදිරි කටයුතු වෙනුවෙන් සුබපැතුම් පිරිනැමීය.
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික් එක්සත් ජාතික පාක්ෂිකයන් අතර හමුවක් අද (07) යාපනය, වාලම්පුරි හෝටලයේ දී පැවැත්විණි.










