• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘ලක් අම්මයි යක්ඛ පුතයි…!’ දමිතා අබේරත්නගෙයි ඩෑන් ප්‍රියසාද්ගෙයි ෆොටෝ සමාජ මාධ්‍ය ජාලා හොල්ලයි! දෙන්නා කසාද බැඳලද? බබෙක් හම්බවෙන්න ඉන්නවද? Sri Lanka Latest News

January 3, 2024
in Exclusive
Reading Time: 9 mins read
A A
‘ලක් අම්මයි යක්ඛ පුතයි…!’ දමිතා අබේරත්නගෙයි ඩෑන් ප්‍රියසාද්ගෙයි ෆොටෝ සමාජ මාධ්‍ය ජාලා හොල්ලයි! දෙන්නා කසාද බැඳලද? බබෙක් හම්බවෙන්න ඉන්නවද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඇතැම් අවස්ථාවදී සමාජයේ යම් ප්‍රසිද්ධියක් උසුලන පුද්ගලයන්ගේ වෘත්තිමය ජීවතයත්, දේශපාලනමය නැඹුරුතාවන් සහ පෞද්ගලික ජීවිතයත් අතර දෝලනය වන තොරතුරු අළලා නොමග යවන සුළු හෝ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා. එලෙසින් නොමග යන සුළු කරුණු ඇතුළත් සමාජ මාධ්‍ය ඡායාරූප සටහනක නිවැරදි කරුණු සොයා අප සිදු කළ විමර්ශනයයි මේ.Sri Lanka Latest News

සමාජ මාධ්‍ය සටහන් :

“ලක් අම්මයි යක්ඛ පුතයි” යනුවෙන් සඳහන් කරමින් දමිතා අබේරත්න මහත්මිය සහ ඩෑන් ප්‍රියසාද් මහතාගේ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ එම ඡායාරූප මෑතකදී ලබා ගත් ඡායාරූපයක් බව හඟවමින්.

මෙම තේමාවෙන් බහුල ව පළ වූ ෆේස්බුක් සටහන් කිහිපයක් පහතින්

මෙම සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාරවලින් ද, පෙනී ගියේ මෙය මෑතකදී ලබා ගත් ඡායාරූප බවට බොහෝ දෙනා උපකල්පනය කර තිබූ බවයි.

මෙහි නිරවද්‍යතාවය සෙවීමට අප පියවර ගත්තේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

2022 වසරේ සිදු වූ ‘අරගලයේ’ ක්‍රියාකාරී සාමාජිකාවක ලෙස කැපී පෙනෙන චරිතයක් වූ දමිතා අබේරත්න, එවකට පැවති ආණ්ඩුවට පක්ෂපාතීත්වයක් දැක්වූ ඩෑන් ප්‍රියසාද් සමගින්, අරගලයෙන් අනතුරුව මෙලෙස සුහදව කටයුතු කරන බව ව්‍යංගාර්ථයෙන් ගෙනහැර දැක්වීමට මෙම සටහන් මඟින් උත්සහ දරා තිබුණා.

සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඉහත ඡායාරූප වල පසුබිම් කතාව සෙවීම සඳහා අප එම ඡායාරූප Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.

වසර 6 කට පෙර පළවූ වීඩියෝවක රූප රාමු පෙළක්!

ඒ අනුව, එම ඡායාරූප මීට වසර 6කට පෙර එනම් 2017 වසරේ YouTube වෙත පළ කර තිබූ ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ නව සිංහලේ ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් රංගනයෙන් දායක වූ, මෙරට පැවති යුද්ධයේ අතුරුකතාවක් දැක්වෙන සංගීතමය වීඩියෝවකින් ලබා ගත් රූපරාමු බවට අනාවරණය වුණා.

සුසන්ත දන්දෙනිය ගී පද රචනය කළ,  නවරත්න ගමගේ ශූරීන්ගේ සංගීතය සපයන, ෂාහි පෝරුතොට ගායනය කරන ඉහත දර්ශන පෙළ අඩංගු ‘අප්පච්චී’ වීඩියෝව මෙතනින්.  ඒ පිළිබඳව මෙහි ගායිකාව විසින් 2017 මාර්තු පළකර තිබු ෆේස්බුක් සටහනක් ද මෙතනින්.

නොමඟ යවන සුළු සටහන් ගැන දමිතා අබේරත්න සහ ඩෑන් ප්‍රියසාද්ගේ අදහස්

අප මේ පිළිබඳව වැඩි දුරට ත් තොරතුරු තහවුරු කර ගැනීම සඳහා දමිතා අබේරත්න මහත්මිය දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගත්තා. සමාජ මාධ්‍ය ඔස්සේ නොමඟ යවන සුළු කෝණවලින් හුවමාරු වන ඡායාරූප පෙළ, අරගලයට බොහෝ කලකට පෙර තමන් රංගනයෙන් දායක වූ වීඩියෝවක් බවත්, එහි දැක්වෙන්නේ වෘත්තීමය රංගන ශිල්පිනියෙකු ලෙස තමන් ට රංගනයෙන් දායක වීමට ඇරයුම් ලැබුණු, නිෂ්පාදක විසින් තීරණය කර ඇති පිරිස සමගින් රංගනයෙන් දායක වූ අවස්ථාවක් බවයි. 

තවද තමන් පෞද්ගලිකව ඩෑන් ප්‍රියසාද් සමග කිසිදු අයුරකින් සම්බන්ධතාවයක් නොමැති බවත්, දේශපාලනික වශයෙන් ඔහුගේ දේශපාලනයට තමන් විරුද්ධ වූවත්, තමන් වෘත්තීමට රංගන ශිල්පිනියෙකු බැවින් මොන යම් හෝ රංගන කටයුත්තකදී  නිෂ්පාදක මණ්ඩලය විසින් තෝරාගත් පුද්ගලයෙකු සමගින් රංගනයෙන් දායක වීමට සිදුවේනම්, එය තමන් එය ඉටු කරන බවත්, එහිදී දේශපාලන මතය එයට බාධාවක් කර නොගන්නා බවත්, දමිතා අබේරත්න වැඩිදුරටත් පවසා සිටියා.

ඩෑන් ප්‍රියසාද් මහතාගෙන් ද, අප මේ පිළිබඳව විමසා සිටි අතර ඔහු සඳහන් කළේ ද, යුධමය වාතාවරණයෙන් අනතුරුව බොහෝ කලකට පෙර තමන් දමිතා අබේරත්න මහත්මිය සමගින් රංගනයෙන් දායක වූ වීඩියෝවක් මෙලෙසින් මෑතකදී සිදු කරන ලද වීඩියෝවක් බවට දක්වමින් මෙලෙසින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බවයි. කෙසේ වෙතත් කුමන දේශපාලන මත දැරුවත් ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන දමිතා අබේරත්න මහත්මිය සමඟ රංගනයෙන් දායක වීම තමන් ප්‍රතික්ෂේප නොකරන බවත්, ඇයගේ රංගනයේ ප්‍රවීණත්වයට තමන් ගරු කරන බවත්, ඔහු පවසා සිටියා.

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සහ නව සිංහලේ ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් මහතාගේ මෑතකදී සිදු කරන ලද වීඩියෝවක ඡායාරූප ලෙසින් දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූප නොමග යවන සුළු බවයි. 

මෙය ‘අරගලය’ ට පෙර 2017 වසරේ YouTube හි පළ වූ සංගීතමය වීඩියෝවක් වන අතර ඒ බවට ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සහ ඩෑන් ප්‍රියසාද් මහතා ද, තහවුරු කරනු ලැබුවා.

factcrescendo

SendShareShare
Previous Post

වැට් එක ගැන කතා කළොත් හිරේ දානවාලු! එහෙම කියන්න මේක ඒ අයගේ අම්මගේ තාත්තගේ රටද? ආණ්ඩුව කියපු කතාවකට මරික්කාර් දීපු උත්තරේ! VIDEO I Sri Lanka Latest News

Next Post

රාජ්‍ය බැංකුවලින් ණය අරන් ‌බිලියන 625කට පොල්ල තියලා! බැංකුවලට පොල්ල තියපු කෝටිපති ව්‍යාපාරිකයන්ගේ නම් ලිස්ට් එක අනුර කියාගෙන කියාගෙන යයි! එක්කෙනෙක් ‌හෙලිකොප්ටරයක් අරන් දැන් උස්සන් යයි කියලා කටුනායක හංගලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

යාපනය – වවුනියාව බස් එකක් ඇතුළේ විශාල නයෙක්! මගීන් බසයෙන් බැස සීසීකඩ දුවයි! Sri Lanka Latest News
Exclusive

කැළණියේ නයා මදිවාට මෙන්න තවත් නයෙක්! VIDEO I Sri Lanka Latest News

Load More
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මේ වනවිට අනුර පාලනය අසමත් වී ඇති බව පැහැදිලි වී ඇති බැවින් 'අනේ ප්ලීස් අනුර යන්න' යැයි වරුණ දීප්ත රාජපක්ෂ...

Read more
මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.