වැට් එක ගැන කතා කළොත් නඩු පවරන බවට ආණ්ඩුවේ ප්‍රබලයන් කී කතාවකට පිළිතුරු ලබා දීමට සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පියවර ගත්තේය.Sri Lanka Latest News
වැඩිදුරටත් අදහස් දැක්වූ එස්. එම් මරික්කාර් මහතා මෙසේ පැවැසීය.
‘‘වැට් බදු වැඩිවීම පිළිබඳ කතා කළොත් හිරේ දානවා කියලා ආණ්ඩුවේ පිරිස් කියනවා. එහෙම කියන්න මේක ඒ අයගේ අම්මගේ තාත්තාගේ රටද? තමන් විඳින පිඩනය , තමන්ගේ දරුවන් විඳින පීඩනය , තමන්ගේ අනාගතය ගැන බලාපොරොත්තුවක් නොතිබීම ගැන , රට විනාශ වී තිබීම පිළිබඳව , රටේ සිදුවන අපරාධ ගැන කතා කිරීමට රටේ ජනතාවට අයිතියක් තිබෙනවා. ඒක ජන මතයක් නැති ආණ්ඩුවට නැති කරන්න බෑ. අද වෙද්ද දෙමාපියන්ට තමන්ගේ දරුවන්ට සපත්තු දෙකක් අරන් දෙන්න නොහැකි වෙලා තිබෙනවා. දරුවන්ට අවශ්‍ය පොත් ටික අරන් දෙන්න නොහැකිව දෙමාපියන් අසරණ වෙලා තිබෙනවා.










