• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක් නිර්මාණය කොට සැමට සාධාරණව ජීවත්වීමේ අයිතියක් රටේ ඇති කරනවා! සමගි ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය මරික්කාර් ප්‍රසිද්ධ කරයි! VIDEO I Sri Lanka Latest News

January 2, 2024
in Exclusive
Reading Time: 7 mins read
A A
ඩොලර් එක අඩු වෙලා තියෙන්නේ විකෘතියකින්! මේ රට තනි මිනිහෙකුට ගොඩදාන්න බෑ! හොඳ වැඩපිළිවෙළක් එක්ක හොඳ කණ්ඩායමක් දැන් රටට ඕනේ! ඉදිරි මාස 6 ඇතුළත මහමැතිවරණයක් තියන්නම වෙනවා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉදිරියේදී නිර්මාණය කිරීමට යෝජිත සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්තිය වන්නේ රටතුළ සමාජ වෙළඳපොල ආර්ථිකයක් ඇති කිරිම බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පැවැසීය.Sri Lanka Latest News

අද (02) දින කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් එස්.එම් මරික්කාර් මහතා මේ බව සඳහන් කළ අතර මෙම මාධ්‍ය හමුවට නාලක ගොඩහේවා මහතාද එක්විය.

1990 න් පසුව රටේ බිහිවී ඇත්තේ සන්ධානගත ආණ්ඩු පමණක් බවත් සමගි ජනබලවේගයටත් සන්ධානයක් නිර්මාණය කිරිමෙන් පමණක් මැතිවරණ ජයග්‍රහනය කළ හැකි බවත් පාර්ශ්වකරුවන් ගණනාවක් සමඟ මේවනවිට සන්ධානගතවීමට සාකච්ඡා කර ඇති බවත් කුමන බාධා පැමිණයත් ඒ සන්ධානය නිර්මාණය කිරිමේ වැඩපිළිවෙල නතර කරන්නේ නැති බවත් මරික්කාර් මහාත පැවැසීය.

සමගි ජනබලවේගයේ සැලුන් දොරක් නැති බවත් චෝදනා එල්ල වුණ කිසිදු අයෙක් සමගි ජන සන්ධානයට එකතු කරගන්නේ නැති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ එස්. එම් මරික්කාර් මහතා මෙසේ පැවැසීය.

‘‘වැට් බදු වැඩිවීම පිළිබඳ කතා කළොත් හිරේ දානවා කියලා ආණ්ඩුවේ පිරිස් කියනවා. තමන් විඳින පිඩනය , තමන්ගේ දරුවන් විඳින පීඩනය , තමන්ගේ අනාගතය ගැන බලාපොරොත්තුවක් නොතිබීම ගැන , රට විනාශ වී තිබීම පිළිබඳව , රටේ සිදුවන අපරාධ ගැන කතා කිරීමට රටේ ජනතාවට අයිතියක් තිබෙනවා. ඒක ජන මතයක් නැති ආණ්ඩුවට නැති කරන්න බෑ. අද වෙද්ද දෙමාපියන්ට තමන්ගේ දරුවන්ට සපත්තු දෙකක් අරන් දෙන්න නොහැකි වෙලා තිබෙනවා. දරුවන්ට අවශ්‍ය පොත් ටික අරන් දෙන්න නොහැකිව දෙමාපියන් අසරණ වෙලා තිබෙනවා.

ආණ්ඩුවේ ඉන්න ආර්ථික විශේෂඥයෝ දන්නේ රටේ ඉන්න ජනතාවගෙන් බදු අයකරගෙන රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීම පමණයි. රටේ අපනයනට වැඩි කරන්න කිසිදු පියවරක් නෑ. විදේශ ආයෝජන ගෙන්වා ගන්න කිසිදු විදේශ ප්‍රතිපත්තියක් නෑ. දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ පාලන කාලය තුළ අසීමිත බදු වැඩි කරලා ජනතාව අපහසුතාවයට පත් කළේ නෑ. ජනතාවට සහන ලබාදෙන්න ඇඟලුම් කර්මාතශාලා ඇති කර ඩොලර් මිලියන 19 ක අපනයන ආදායමකින් රාජ්‍ය ආදායම වැඩි කළා. සජිත් ප්‍රේමදාස මහතාගෙනුත් මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ මෙවැනි වැඩපිළිවෙලක්. රටේ ජනතාවට අවශ්‍ය තමන් උපයන ආදායමෙන් ණය නොවී ජීවත් වීමට හැකි රටක්. එවැනි රටක් නිර්මාණය කරන්න බදු අඩු කළ යුතුයි , භාණ්ඩ මිල අඩු කළ යුතුයි. මේ දේවල් කරන්න රටේ අපනයන ආදායම වැඩි කළ යුතුයි , සෘජු විදේශ ආයෝජන ගේනන ඕන. හැබැයි රටේ දූෂණය වංචාව නැති වුනොත් තමයි විදේශ ආයෝජන ගේන්න පුලුවන් වෙන්නේ. වංචාව දූෂ්‍ය නැති වුණොත් තමයි ආයෝජකයන්ට රට ගැන විශ්වාසයක් ඇති වෙන්නේ.

රට තුළ සමාජ වෙළඳපොල ආර්ථියක් ඇති කිරිම තමයි සමගි ජනබලවේගයේ ප්‍රතිපත්තිය වෙන්නේ. සමාජ වෙළඳපොලක් ඇති කිරීමෙන් සාධාරණව මුදල් ඉපයීමේ අයිතියක් , සාධාරණව ජීවත් වීමේ අයිතියක් සහ සාධාරණය තමන්ගේ වැඩ කටයුතු කර ගැනීමේ අයිතියක් ලැබෙනවා. ඒ වගේම සමගි ජනබලවේගයේ මූලිකත්වයෙන් සමගි ජන සන්ධානය නිර්මාණය කරන්නේ එළඹෙන මැතිවරණ ජයග්‍රහය කිරීමට සහ ජනතාව පීඩාවට පත්කරන වර්තමාන ආණ්ඩුව පලවා හැරීමට. කුමන බාධන පැමිණියත් සමගි ජන සන්ධානය නිර්මාණය කර ඉදිරියේදී එන ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ජය ගැනීමට අවශ්‍ය වැඩපිලිවෙල නිර්මාණය කරනවා. රට ගොඩ ගන්න බලය අවශ්‍ය වෙනවා. විපක්ෂයේ සිට කළ හැකි වන්නේ විවේඡනය කිරීම සඳහා වැඩපිළිවෙලවල් ඉදිරිපත් කිරීම පමණය. 1990 පසුව රටේ බිහිවුණේ සන්ධානගත ආණ්ඩු පමණයි. අපිටත් සන්ධානයක් නිර්මාණය කරලා තමයි ජයග්‍රහනය කරන්න සිදුවෙන්නේ. පාර්ශ්ව කරුවන් ගණනාවක් සමඟ සාකච්ඡා කරලා සන්ධානය නිර්මාණය කිරීමේ වැඩ කටයුතු ආරම්භ කරලා තිබෙන්නේ. මොන බාධා ආවත් ඒ සන්ධානය නිර්මාණය කිරිමේ වැඩපිළිවෙල නතර කරන්නේ නෑ. ආණ්ඩුවේ සිටින අදූෂිත චෝදනා එල්ල නොවුන පිරිස් එකුවන පෙරහර ඊයේ ආරම්භ වුණා. සමගි ජනබලවේගය සැලුම් දොර ඇරලත් නෑ සල්ලිවලට මිනිස්සු ගන්නෙත් නෑ. චෝදනා එල්ල වෙලා තිබෙන කිසිදු අයෙක් අපි ගන්නේ නෑ.

සජිත් ප්‍රේමදාස , අනුර කුමාර දිසානායක සහ ධම්මික පෙරේරා තමයි 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ.
රට ගොඩ ගන්න තනි පුද්ගලයෙකුට කරන්න බෑ. ඒ සඳහා
නිර්මාණශිලි , අද්දැකීම් තිබෙන , ක්‍රියාශිලි , ජවසම්පන්න කණ්ඩායමක් අවශ්‍ය වනවා. ඒ කණ්ඩායම ඉන්නේ සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානය සතුවයි. සමගි ජන සන්ධානය බලයට පත්වන මාස 60 ඇතුළත රට ගොඩගන්නා වගකීම භාරගන්න සූදානම්.

වර්තමාන පාර්ලිමේන්තුව කෘතිමව හදපු ජන මතයක් නැති පාර්ලිමේන්තුවක්. ඒ පාර්ලිමේන්තුවෙන් තමයි රටට අහිතකර අණ පනත් සම්මත කර ගත්තේ. ඒ පාර්ලිමේන්තුවේ පිරිස් තමයි ජත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අනවශ්‍ය කොන්දේසි වලට එකඟ වුණේ. වැට් බද්ද ඇතුළු සියලු දේවල් වැඩි කරන්න අත ඉස්සුවේ මේ කෘතිම පාර්ලිමේන්තුව. ඒ නිසා විපක්ෂයේ වගකීම තමයි ඉදිරියේදී ගෙන ඒමට නියමිත භායානක අණ පනත් පරාජය කරන්න එකතු විය හැකි කණ්ඩායම් එකතු කරගැනීම.

රටේ සංචාරක ව්‍යාපාරය සහ ධීවර කර්මාත්තය කියන්නේ ලංකාවේ පිහිටිම අනුව ස්වභාවිකව ලැබෙන ආදායම් මාර්ග. eco tourism , wildlife tourism ,medical tourism , IT tourism දියුණු කළාද කියලා අපි ආණ්ඩුවෙන් අහනවා. medical tourism දියුණු කිරිමේන් දකුණු ඉන්දියානු වෙළදපොල සහ මාලදිවයිනේ වෙළඳ පොල ලංකාව තුළට ගේන්න පුලුවන්.
අයවැයෙන් මිලියන 50 ක් වෙන් කරලා තියෙනවා රටේ තොරතුරු තාක්ෂණය දියුණු කරන්න පරිගණක කියද ඒ මුදලින් ගන්න පුලුවන්.‘‘

පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා මාධ්‍ය හමුවේදී මෙසේ අදහස් දැක්වීය.

‘‘2015 – 2019 කාලයේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවට කිව්වේ යහපාලන ආණ්ඩුව කියලා. වර්තමාන ආණ්ඩුවට කියන්න වෙන්නේ බදු පාලන ආණ්ඩුව කියලා මොකද ජනතාවට පීඩාවන ආකාරයේ බදු ප්‍රතිපත්තියක් වර්තමාන ආණ්ඩුව අනුගමනය කරන නිසා.

රජය ගන්නා ඕනෑම තීරණයකට විරුද්ධ වෙන්නේ නැති පාරට බහින්නේ නැති පිරිසක් රට තුළ සිටි නිසා ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගන්න හරි දෙයක් කරන්න පුලුවන් ස්වර්ණමය අවස්ථාවක් වර්තමාන ආණ්ඩුවට තිබුණා. නමුත් අවසනාවකට රනිල් වික්‍රමසිංහට හරි දෙයක් පසුගිය වසර කිහිපය තුළ සිදුකරන්න නොහැකි වෙලා තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජනාධිපති වූ පසු කරලා තිබෙන්නේ ණය නොගෙවා සිටිම සහ බදු අසීමිත ලෙස වැඩි කිරීම පමණයි. රට බංකොලොත් කියන දෙය ප්‍රකාශ කරලා ණය ගෙවීම නතර කරලා තිබෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණ දවසේ ඉදන් රටේ ආර්ථිකය සංකෝචනය වෙමින් තිබෙන්නේ. රටේ ජීවන වියදම දිගින් දිගටම කඩා වැටෙමින් තිබෙන්නේ. අපනයනය කඩා වැටෙමින් තිබෙන්නේ. ලක්ෂ ගණනාවකට රැකියා අහිමිවෙලා තිබෙන්නේ.

රජය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරනවා කියලා සිදුකලේ රටේ වැඩකරන ජනතාවගේ ඊ ටී එෆ් සහ ඊ පී එෆ් පහර දුන්න එකට පමණයි. ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් වෙන කිසිදු දෙයක් සිදුවෙලා නෑ. බදු වැඩි කළාම , ණය ප්‍රතිව්‍යුගත කළාම ලංකාවේ සමස්ථ ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 16 ක් අවුරුදු 5 ක් තුළ කපා හරවා ගන්නට පුලුවන් කියලා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කිව්වා. ඒ නිසා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන කියන සියලු දේවල් රජය සිදුකළා. නමුත් ඩොලර් බිලියන 16 ක කපා හැරිමට රජය කටයුතු කරන්නේ නෑ. ඒ වෙනුවට ණය කල් දමා ගැනීමක් රජය සිදුකරලා තිබෙනවා. ණය කල් දමා ගැනිමත් 2024 මැද භාගයෙදී ගෙවන්න පටන්න අරගෙන තිබෙනවා.

රටේ ණය කවුරුත් කපා හැරීමට සුදානම් නෑ. ඒ වගේම ණය ගෙවා ගැනීමට රජයට ආදායමක්ද නැ. ආදායමක් ලබා ගන්න පසුගිය අවුරුදු කිහිපය තුළ ඇති කරලත් නෑ. ආර්ථිකය සක්‍රීය කරන ආකාරය , සුලු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයා ගොඩ ගන්න ආකාරය , ස්වයං රැකියා ගොඩගන්න ආකාරය , සමාගම්වල ආදායම වැඩි කරන ආකාරය ගැන කිිසිදු වැඩපිළිවෙලක් රජය ඉදිරිපත් කරලා නෑ. ඒ නොකරපු දේවල් වල ප්‍රතිඵල ඉදිරියේදී දකින්න පුලුවන් වෙයි.

මේ සියලු ප්‍රශ්න වලට විසඳුම වන්නේ රට ගොඩ ගන්න පුලුවන් කණ්ඩායමකට රට භාර දිමයි. දූෂණය නැති වංචාව නැති පලපුරුද්දක් තිබෙන , පිරිසක් එකතු කළ යුතුව තිබෙනවා. ජනතාව විදින පීඩනය දන්න නායකයෙක් සහ නායකයන් කණ්ඩායමක් රටට අවශ්‍ය වෙලා තිබෙනවා.

රටේ ආර්ථිය ගොඩ ගන්න පුලුවන් ඒ සඳහා විශාල වැඩ කොටසක් පසුගිය කාලය පුරා කරන්න තිබුණා. නමුත් අවාසනාවකට වර්තමාන රජය කිසිදු දෙයක් කළේ නෑ. රට ගොඩ ගන්න අවුරුදු 25 ක් බලාගෙන සිටිය යුතු නෑ. අපට අවශ්‍යයි රට ගොඩගන්න පුලුවන් පුළුල් සන්ධානයක්. ඒ සඳහා නිදහස් ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තීරණයක් අරගෙන තිබෙනවා රට ගොඩගන්න නිර්මාණය කරන පුලුල් සන්ධානයේදී ප්‍රධාන කාර්ය භාරය ඉටු කළ යුත්තේ ප්‍රධාන විපක්ෂය බව. ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමඟ සාකච්ඡා ගණනාවක් පැවැත්වුවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 20 කට ආසන්න ප්‍රමාණයක් සමගි ජන සන්ධානයට එකතු වෙන්න මේ වනවිට සාකච්ඡා පවත්වමින් සිටිනවා. ඒ අනුව අපි සමඟ වංචා දූෂණ චෝදනා නැති හොද කණ්ඩායමක් එකතුවීමට නියමිතයි. ජනතාවටත් අපි කියන්නේ අපි සමඟ එකතු වෙන ලෙසයි. රට ගොඩ ගන්න බැරි නෑ ඒ සඳහා නිවැරදි තින්දු තීරණ ගත යුතුයි.

රට ගොඩ ගන්න පුළුල් සංධානයක් ඇති කළ යුතු බව පාර්ලිමේන්තුවේ කණ්ඩායම් කිහිපයකට දැන් වැටහෙමින් තිබෙනවා. පුළුල් සන්ධානයට පාර්ලිමේන්තුවේ බහුතරයක් එකතු වෙයි කියලා මම විශ්වාස කරනවා.

සමගි ජන බලවේගය දෙස බැලුවහම පේනවා සමගි ජනබලවේගය තුළ ඉන්නේ තරුණ මන්ත්‍රිවරු පිරිසක්. ඔවුන් රට වෙනුවෙන් හැමදාම පාර්ලිමේන්තුවේදී කතා කළ පිරිසක්, ඔවුන් ජනතාව අතරට ගිහින් ඡන්දය ලබාගත්ත පිරිසක්. ඒ නිසා අපිට ඔවුන් සමඟ වැඩ කරන්න පුලුවන්. නමුත් ඒ පිරිසට පමණක් රට ගොඩ ගැනීමට කාර්යය සිදුකරන්න බෑ. ඒ නිසා පාර්ලිමේන්තුවේ සිටින දූෂණ වංචාවලට සම්බන්ධ නැති පිරිසක් සන්ධානයට එකතු කර ගත යුතුයි. අපි තෝරාගත් දේට අගය එකතු කිරීමක් මේ මොහොතේ සිදුකරමින් සිටිනවා.

ජනතාවට ඇතිවෙලා තිබෙන ආර්ථික පිඩනය තේරුම් ගන්න පුලුවන් වෙන්නේ සාමාන්‍ය ජනතාව සමඟ සිටින දේශපාලඥයින්ට පමණයි. සාමාන්‍ය ජනතාව නොසිටින පුද්ගලයින්ට සාමාන්‍ය ජනතාවගේ දුක තේරුම් ගන්න බෑ.
ඒ පිළිබඳව ඔවුන්ට කියා දීමට උත්සහ කරලා වැඩකුත් නෑ. තව මාස කිහිපයකින් පන්නලා දාන එක තමයි කරන්න තියෙන්නේ. ‘‘

SendShareShare
Previous Post

කලින් මහඡන්දයක් තියලා ප්‍රතිපල නිකුත් වූ වහාම රනිල්ට ජනාධිපති පුටුවෙන් යන්න වෙන හැටි නාලක මාධ්‍යයට කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

හෝටලය හදන්න ලයිසන් 11කට වඩා අරන් තියෙනවා! ලිකර් ලයිසන් තියෙනවා! ත්‍රීපේස් කරන්ට් එක තියෙනවා! ටුවරිස්ට් බෝඩ් අනුමැතිය තියෙනවා! සේවකයන් 92ක් වැඩ කළා! ලක්ෂ 3000ක බඩුමුට්ටු විනාශයි! කාගෙ වුවමනාවටද ‌පොලිසිය මෙහෙම කළේ? රට පැනලා ඉන්න ජාවාරම්කාර බාසික්ගේ කියලා කඩපු Soul Beach හෝටලයේ කළමනාකාර අධ්‍යක්ෂගෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

Load More
දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

වැසිකිළියකට මුල්ගල තැබීම ගැන කියපු අගමැතිනි. ''ප්‍රදේශයේ මන්ත්‍රීවරයකුට අවට පාසලක උත්සවයකට යන එක අපි තහනම් කරලා නෑ'' Sri Lanka Latest...

Read more
බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.