ලංකා සතොස ආයතනය වසර 10කට පසුව 2023 වසර සඳහා රුපියල් මිලියන 200 කට අධික ලාභයක් ලබා ඇතිබව ලංකා සතොස අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. Sri Lanka Latest News
වෙළඳ වාණිජ්‍ය හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අමාත්‍යාංශය භාරගත් අවස්ථාවේදී ලංකා සතොස ආයතනය පාඩු ලබන ආයතනයක් ලෙස පැවතුණි.
පසුගිය අසීරුම සමයේ අමාත්‍යවරයා විසින් ලංකා සතොස සභාපති රයා ලෙස පසඳ යාපා අබේවර්ධන මහතා පත්කර ලංකා සතොස ලාභ ලබන ආයතනයක් කිරීමේ අභියෝගය ඔහු වෙත පවරන ලදී.
නලීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාද ලංකා සතොස හිටපු සභාපතිවරයෙකි. ඔහුගේ කාලසීමාවේදීද ලංකා සතොස ලාභ ලබන ආයතනයක් ලෙස පත් කළ පලපුරුදු අමාත්‍යවරයෙකි.
එයින් වසර 10කට පසුව 2023 වසරේ ලංකා සතොස මෙහෙයුම් ලාභය ලෙස ලක්ෂ දොළොස් දහසක් ( බිලියන 1.2 ) වාර්තා වෙයි.
පසුගිය කාලයේ ලංකා සතොස ලබා ගත් ණය සඳහා ගෙවිය යුතු පොළිය රුපියල් බිලියනයක් බව වාර්තා වෙයි.
මෙම සියලු ණය, පොලී, බදු ගෙවීමෙන් අනතුරුව 2023 වසර සඳහා රුපියල් මිලියන 200ක වාර්ථාගත ලාභයක් ලබා ඇත.
2024 නව වර්ෂය සඳහා ලංකා සතොස සේවකයින් සඳහා දිරි දීමනාවක් ලෙස රු 5000 ක මුදලක්ද , රුපියල් පන්දහසක් වටිනා භාණ්ඩ වව්චර් පතක්ද ලබා දීමට ලංකා සතොස අධ්‍යක්ෂක මණ්ඩලය තීරණය කර ඇත.










