ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන දැනට විදේශ ගතව සිටින ශිරාන් බාසික් නැමැත්තාට අයත් දෙහිවල පොලිස් වසමේ පිහිටි Soul beach නැමැති හෝටලය අනවසර ඉදිකිරීමක් බවට හදුනාගෙන වෙරළ සංරක්ෂණ නිළධාරීන් විසින් පොලිස් නිළධාරීන්ගේ සහාය ඇතිව අද දින එම හෝටලයේ සියලුම අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත්කිරීමට කටයුතු කරන ලදී.Sri Lanka Latest News
මෙම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට යාමේදී එම හෝටලයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු සහ තවත් දෙදෙනෙකු රජයේ නිළධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.










