ලිට්‍රෝ ගෑස් මිල වැඩි කරන බව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.Sri Lanka Latest News
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 685කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 4,250කි.
කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 276කින් වැඩි කර ඇති අතර, එහි නව මිල රුපියල් 1,707ක් වේ.
කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 127කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 795කි.
මෙම මිල ගණන් සංශෝධනය අද සිට ක්‍රියාත්මක වේ.










