‘යුක්තිය’ මෙහෙයුම යටතේ රට පුරා පසුගිය පැය 24 තුළ ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලදී සැකකරුවන් 1229 ක් අත්අඩංගුවට ගත් බවත් ඉන් සැකකරුවන් 86 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන කරන බවත් වාර්තා වේ.Sri Lanka Latest News
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවු පුද්ගලයින් 40 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කළ බවත් එම අමාත්‍යංශය කියයි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 100 ක් ද ඊයේ අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී හෙරොයින් ග්‍රෑම් 400 ක්, අයිස් ග්‍රෑම් 260 ක් සහ ගංජා කිලෝ 15 යි ග්‍රෑම් 300 ක් ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බවද දැනගන්නට ඇත.










