නිදහස් වෙළඳ ගිවිසුමකට (FTA) අත්සන් තැබීම සඳහා තායිලන්ත අගමැති ශ්‍රේත්තා තාවිසින් මහතා නිදහස් දින මෙරටට පැමිණීමට නියමිත බව තායිලන්ත වාණිජ අමාත්‍යාංශය පවසයි.Sri Lanka Latest News
දෙසැම්බර් 18-20 දිනවල ව්‍යාපාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සහ FTA සාකච්ඡා කණ්ඩායමේ උපදේශක අවුරමන් සුප්තවීතුම් සමඟ පැවැති FTA සාකච්ඡා නවවැනි වටයට සත්කාරකත්වය ශ්‍රී ලංකාව ලබාදුන් බව එම අමාත්‍යාංශයේ වෙළඳ සාකච්ඡා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චෝටිමා ඉම්සාවාස්ඩිකුල් ජනමාධ්‍ය වෙත පවසා ඇත.
කොවිඩ්-19 වසංගතය සහ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් වසර හතරකට අත්හිටුවා තිබූ දෙර අතර FTA සාකච්ඡා පසුගිය නොවැම්බර් මාසයේදී නැවත ආරම්භ විය.
නවතම සාකච්ඡා වටයේදී වෙළඳාම, සේවා, ආයෝජන සහ ආර්ථික සහයෝගීතාව පිළිබඳ නීති රීති පිළිබඳව එකඟ වූ බව අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරාධනයකට අනුව ලබන පෙබරවාරි මාසයේ දී මෙම ගිවිසුම අත්සන් කිරීම සඳහා තායිලන්ත අගමැතිවරයා මෙරටට පැමිණීමට පෙර වාණිජ අමාත්‍යාංශය එහි ප්‍රතිඵල කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව චෝටිමා ඉම්සාවාස්ඩිකුල් පවසයි.
මේ වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර ද්වි-මාර්ග වෙළඳාමේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 320.37 (බාට් බිලියන 10.9 ක් පමණ) විය.










