ආන්දෝලනයට තුඩු දුන් කතරගම මහ දේවාලයෙන් අතුරුදන් වූබව කියන පවුම් තිස්අටක බරකින් යුත් රන්තැටිය හම්බන්තොට ව්‍යාපාරිකයකුට විකුණා තිබියදී ප්‍රධාන කපුවාගේ දියණියක් යැයි කියන අයකු රුපියල් ලක්ෂ හැත්තෑවකට එය මිලදී ගත් බවට පොලිස් බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇතැයි කතරගමින් වාර්තා වේ. Sri Lanka Latest News
මෙම රන්තැටිය ප්‍රධාන කපුවාගේ දියණියක විසින් හම්බන්තොට ව්‍යාපාරිකයකුට රුපියල් ලක්ෂ පනහකට මීට පෙර විකුණා ඇතැයිද ආරංචි මාර්ග සඳහන් කළේය.
බොහෝ දුරට මෙම රන්තැටිය හමුවීමත් සමග සැකකාර ප්‍රධාන කපුවා අද (27දා) දින නීතිඥයකු මාර්ගයෙන් අධිකරණයට භාරවීමට යන බවද එම ආරංචි මාර්ග පවසයි.










