පාදුක්ක, තුන්නාන ප්‍රදේශයේ පිහිටි වෙන්දේසි ඉඩමක තිබී වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු අද (25) අලුයම පොලිසිය සොයාගනු ලැබුවා. (Sri Lanka Latest News)
එහිදී ඝාතනයට ලක්ව ඇත්තේ සංවිධානාත්මක අපරාධ කිහිපයකට සම්බන්ධ බවට සැක කෙරෙන මන්න රොෂාන් නමැත්තකු සහ සුපුන් නමැත්තෙකි.
මෙම ඝාතන පිටුපස සැඟව ඇති, මාධ්‍යයට මෙතෙක් වාර්තා නොවූ තොරතුරු කිහිපයක් අද පැවැති මාධ්‍ය හමුවකදී හෙළිකිරීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා කටයුතු කළා.









