අඹගස්දෝව දන්ගමුව ප්‍රදේශයේ වගාවකට ඇද තිබු විදුලි රැහැනක පැටලීමෙන් අද (25) අලුයම පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි. (Sri Lanka Latest News)
මෙලෙස මියගොස් ඇත්තේ මිරිස්වත්ත, පහල දන්ගමුව, අඹගස්දෝව ලිපිනයේ පදිංචි 29 හැවිරිදි කසුන් නිරන්ජන නැමැත්තෙකි.
එම ප්‍රදේශයේ පදිංචි ගොවි මහතෙකු විසින් තම බෝංචි වගාව ආසන්නයේ වන සතුන් දඩයම් කිරීමට ඇද තිබු අනවසර විඳුලි රැහැනක පැටලි මෙම අනතුර සිදුව ඇති බවට මුලික විමර්ශනවලදි කරුණු අණාවරණ වී ඇත.
ඒ අනුව අදාල වගාව හිමිකරු බව කියන එම ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකු සැකපිට අත් අත්අඩංගුවට ගත් බවද පොලිසිය පැවසීය.
dinamina









