• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

‘සන්ධානයට බයයි මල්ලියේ….!’ උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

December 23, 2023
in Exclusive, Gurudawa
Reading Time: 10 mins read
A A
‘සන්ධානයට බයයි මල්ලියේ….!’ උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

1964 ආණ්ඩුවව පෙරළන්න යූ.ඇන්.පී. නායක සහ විපක්ෂ නායක ඩඩ්ලි අගමැතිනි බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුවේ සභානායක සී.පී. ද සිල්වා සමග රහසිගත එකඟතාවක් ඇති කරගෙන තිබිණි. ඒ රහසිගත එකඟතාව නම් සී.පී. ද සිල්වාට අගමැති ධුරය දීමය. Sri Lanka Latest News

ආණ්ඩුව පෙරලුණි. මහ ඡන්දයෙන් ඩඩ්ලි දින්නේය. මහ ඡන්දයෙන් පසු පවත්වන පළමු පක්ෂ නායක රැස්වීමේදී ඩඩ්ලි සී.පී. සමග ඇතිකරගත් රහසිගත ගිවිසුම හෙළි කළේය.

‘සී.පී. තමයි අගමැති…’ ඩඩ්ලි කීවේය. යූ.ඇන්.පී. ජ්‍යෙෂ්ඨයෝ ඇස් උඩ තියාගෙන බලා සිටියහ.

‘මම මේ තීන්දුව ගත්තේ නැතිනම් අපි තවමත් විපක්ෂයේ’ ඩඩ්ලි කීවේය. සී.පී. නැගිට්ටේය.

‘ඒ ගිවිසුම අහෝසි කරමු. මට මම කලින් දරපු අමාත්‍යාංශය පුළුවන් නම් දෙන්න. ඒ ඇති…’ සී.පී. කීවේය. ඩඩ්ලිගේ ඇස්වලට කඳුළු ආවේය.

1988 ජනාධිපතිවරණයට ශ්‍රීලනිප නායිකා බණ්ඩාරනායක මැතිනියට සහාය පළකරන්න මුස්ලිම් කොංග්‍රස් නායක අෂ්රෆ් කොන්දේසියක් ඉදිරිපත් කළේය. එනම් ශ්‍රීලනිපය මැද කොළඹට අපේක්ෂකයෙක් නොදැමිය යුතු බවත්, මුස්ලිම් කොංග්‍රස් පක්ෂය දමන අපේක්ෂකයාට ශ්‍රීලනිපය සහාය දිය යුතු බවත්ය. ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ නායකයන් වූ ෆවුසි, හලීම් ඉෂාක්, අලෙවි මවුලානා යකා නැටූහ. මැතිනිය අසරණව අෂ්රෆ්ව අතහැරියාය. අෂ්රෆ්ව රැගෙන යූ.ඇන්.පී. ජනාධිපති අපේක්ෂක අගමැති ප්‍රේමදාස හෙලිකොප්ටරයේ නැගෙනහිර පළාතට ගියේය. ප්‍රේමදාස දිනන්න එක් හේතුවක් වූයේ අෂ්රෆ් නැගෙනහිරින් අරන් දුන්න මුස්ලිම් ඡන්දය. මැතිනිය පැරදිණි.

මේ කතාව චන්ද්‍රිකා දැන සිටියාය. ඇය 1994 මහ ඡන්දයට මුස්ලිම් කොංග්‍රසය සමග ගිවිසුම් ගහද්දී කාටවත් කීවේ නැත. ගිවිසුම දැන සිටියේ ඇය සහ අෂ්රෆ් පමණි. අවුරුදු 17කට පසු ශ්‍රීලනිපය ජයග්‍රහණය කරනු ලැබීය.

2008 මහින්දගේ ආණ්ඩුවේ අයවැය පරද්දන්න රනිල් මහින්දගේ ආණ්ඩුවෙන් ආ මංගල – ශ්‍රීපති සමග රහස් ගිවිසුමක් අස්සන් කළහ. මංගලට නියෝජ්‍ය අගමැති ධුරය දෙන්න රනිල් පොරොන්දු විය. මෙම ගිවිසුම පක්ෂ ලේකම් තිස්සවත් දැන සිටියේ නැත.

2015 ශ්‍රීලනිප ලේකම් මෛත්‍රිපාලට ජනාධිපති අපේක්ෂකත්වය දෙන යෝජනාව පක්ෂ නායක රනිල් කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඉදිරිපත් කළේ මෛත්‍රී ආණ්ඩුවෙන් එළියට ඇවිත් තමා යූ.ඇන්.පී. පොදු අපේක්ෂකයා කියා ප්‍රකාශ කළාට පසුවය.

ඡන්ද දිනන්න සන්ධාන ගහන්නේ එහෙමය. එහෙම සන්ධාන ගහන්න බැරි නම් මැරෙනකම් විපක්ෂයේ ඉන්න පුළුවන්ය. මේ පරණ කතා මතක් වන්නේ සජිත් පක්ෂ අනුමැතිය අරන් සන්ධාන ගහන්න යන විදිය දකිනකොටය. සජිත් සහ නිදහසේ ජාතික සභාව හදන්න යන සන්ධානය ඓතිහාසික සන්ධානයකි.

ඇයි ඒ…?

රනිල් මැද්දට පැනලා අගමැතිකම ගත්තේ නැති නම් අද රට ආණ්ඩු කරන්නේ සමගි ජන බලවේගය සහ පොදුජන පෙරමුණෙන් කැඩුණු නිදහසේ ජාතික සභාවයි. මේ සන්ධාන ආණ්ඩුව හදන්න සාකච්ඡා පවත්වද්දී රාජපක්ෂලත් රනිල්ගේ යූ.ඇන්.පී.යත් බය විය. රාජපක්ෂලා බයවෙලා රනිල්ව අගමැති කරලා ඒ සන්ධාන ආණ්ඩුව ලත් තැනම ලොප් කළේය.

ගෝඨාභය ජනාධිපති ධුරයෙන් ඉවත් වූ පසු යළිත් මේ සන්ධානය කරළියට ආවේය. සාකච්ඡා සාර්ථක විය. අන්තර්වාර පාලනයකට කතානායක ජනාධිපති කරන්න සියල්ලන් එකඟ විය. ජවිපෙද එකඟ විය. රාජපක්ෂලාත් රනිල්ගේ යූ.ඇන්.පී.යත් හොඳටම බය විය. අගමැති රනිල් වැඩබලන ජනාධිපති කොට ජනාධිපති කරන්න රාජපක්ෂලා තීරණය කළහ. සන්ධානයත් ගේමට බැස්සේය. ඩලස් ජනාධිපති අපේක්ෂක කරන්න සජිත් එකඟ විය. ඒත් රාජපක්ෂලා රනිල්ව දිනවනු ලැබීය. ඉන්පසු නිදහසේ ජාතික සභාව විපක්ෂයේ අසුන් ගත්තේය. එතැන් සිට ඊළඟ මැතිවරණයකට එකට එක්වී තරග වදින්න සමගි ජන බලවේගය සහ නිදහසේ ජාතික සභාව සාකච්ඡා ආරම්භ කළහ. මේ සාකච්ඡා කඩාකප්පල් කරන්න රනිල් සහ රාජපක්ෂ පවුල කරන්න පුළුවන් හැම දෙයක්ම කළහ. මේ සඳහා ඔවුන් පාවිච්චි කළේ ලංකාවෙ ප්‍රධාන පෙළේ මාධ්‍යයය.

‘සජබය සමග සන්ධානගත වීම ගැන නිදහසේ සභාවේ මතභේද…’

‘ඩලස් සජබ සන්ධානයට නෑ…’

‘අපි සජබය සමග සන්ධානගත වෙන්නේ නැහැ. නිදහසේ සභාවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් කියයි.’

‘සන්ධානයට සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයන්ගේ විරෝධය..’

‘ඩලස් නියෝජ්‍ය නායකකම ඉල්ලයි…’

‘සජබය සමග සන්ධානගත වෙන්නේ නිදහසේ සභාවේ මන්ත්‍රීවරු හතරයි…’

මේ රනිල් සහ රාපජක්ෂලාගේ මාධ්‍ය පසුගිය කාලයේ ප්ලාන්ට් කළ නිවුස්ය.

‘රනිල්ට පොහොට්ටුවේ මන්ත්‍රීවරු 60ක්…’

‘නිමල් ලන්සා රනිල්ට සහාය දෙන මන්ත්‍රීවරු හමුවේ…’

‘අනුර යාපා රනිල්ට සහාය දෙන පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායම සම්බන්ධීකරණයට….’

‘පොහොට්ටුවේ පදාසයක් ගලවාගෙන රනිල් අලුත් සන්ධානයක් හදයි…’

‘රනිල්ගේ සන්ධානයේ පළමු රැස්වීම ළඟදීම…’

මේ සමගි ජන බලවේගයයි, නිදහසේ ජාතික සභාවයි අතර සන්ධානය කුඩුපට්ටම් කරන්න නිවුස් ප්ලාන්ට් කරමින් රනිල් සහ රාජපක්ෂ හවුලේ මාධ්‍ය රනිල් හදන්න යනවාය කියන සන්ධානය උස්සපු හැටිය.

හැබැයි තවම රනිල් සමග එකතු වෙන පොහොට්ටු මන්ත්‍රීවරයෙක් එළියට පැමිණ අපි රනිල් එක්ක සන්ධාන ගහනවා කීවේ නැත. රනිල් ජනාධිපති අපේක්ෂක විය යුතු යැයි කී කංචන විජේසේකරද දැන් දැන් කට තදකරගෙන සිටී. අභියෝග භාරගත් රනිල් එක්ක යන්න කියා පාක්ෂිකයන් කියනවා කියපු ප්‍රසන්න රණතුංගද දැන් ගහන්නේ වෙන බයිලාවක්ය. අඩුම තරමේ රනිල්ගේ මන්ත්‍රීවරු 60 මේන්ටේන් කරනවා කියන නිමල් ලන්සාවත් මම රනිල් ජනාධිපති කරන සන්ධානයකට යනවා කියා නැත.

අවුරුද්දක් පුරා මේ රටේ ප්‍රධාන මාධ්‍ය මේ බයිලාව ගහද්දී සමගි ජන බලවේගයයි නිදහසේ ජාතික සභාවයි සාකච්ඡා කොට එකඟතාවකට ඇවිත් තිබේ. දැන් එහි මන්ත්‍රීවරු පිරිසක් සමගි ජන බලවේගය සමග සන්ධානගත වෙන්න සූදානම්ය.

දැන් ගැරඬියාට භූමිතෙල් වීසි කළා වගේ රනිල් සහ රාජපක්ෂ මාධ්‍ය සමගි ජන බලවේගයයි නිදහසේ සභාවයි අතර බිහිවන සන්ධානයට අතට අහුවෙන දේකින් ගහන්න පටන්ගෙන තිබේ.
‘සන්ධාන ගැහුවාම සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට ඒම අමාරු වෙනවා…’

මේ සන්ධානය කඩාකප්පල් කරන්න සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු අවුස්සන්න ගහන එක් ගල් කැටයකි.

පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඕනා ඊළඟ මහ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වීම විතරක් නම් ඒ පක්ෂය හැමදාම විපක්ෂයේය. පක්ෂයක් ගේම ගහන්න ඕනා ඊළඟ ආණ්ඩුව හදන්නය. ඊළඟ ආණ්ඩුව හදන්න යකාගේ අම්මා එක්ක වුණත් එකතු වෙනවා යැයි වරක් වාමාංශික නායක කොල්වින් ආර්. ඩි සිල්වා කීවේය. සමගි ජන බලවේගයට ආණ්ඩුවක් හදන්න ඕනෙ නම් අනෙකුත් පක්ෂ එකතු කරගත යුතුය. 2001 එස්.බී. සහ ජී.එල්.ලා යූ.ඇන්.පී.ය සමග සන්ධාන ගහන්න එන විට අපේ මන්ත්‍රීකම් නැතිවෙයි කියා කවුරුවත් කීවේ නැත. එස්.බී. පන්න පන්නා ගහපු හඟුරන්කෙත යූ.ඇන්.පී. පක්ෂ සංවිධායකයාත් ආණ්ඩුවක් හදන්න මම එස්.බී.ගේ පරණ තරහ මරහා අමතක කරන්න කැමැතියි කීවේය.

2015 යූ.ඇන්.පී.යට ආණ්ඩුවක් හදලා දෙන්න මෛත්‍රීලා එන විට අපෝ අපි ඉවරයි කියා මෛත්‍රි සමග එන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට යූ.ඇන්.පී. මන්ත්‍රීවරු බය වුණේ නැත. ඔවුහු මල් මාලා දමලා මෛත්‍රීගේ කට්ටිය පිළිගත්හ.

‘ඒ වුණාට නිදහසේ සභාවේ ඉන්නෙත් රාජපක්ෂලාව ආරක්ෂා කරපු කට්ටියනේ. රාජපක්ෂලාට කඩේ ගිය කට්ටියනේ. 18ටයි 19ටයි 20ටයි තුනටම අත උස්සපු කට්ටියනේ. ඒ අයව ගාවගත්තොත් සමගි ජන බලවේගය ඉවරයි…’

මේ ගහන තවත් ගලකි. 2001 යූ.ඇන්.පී.ය එක්ක එකතු වුණු එස්.බී. වයඹ ඡන්ද මංකොල්ලය, 1999 ජනාධිපතිවරණයේ හොර දූෂිත ඡන්ද මැෂිම මෙහෙයවපු එස්.බී.ය. රවීගේ ගෙදරට මිනී ඔළු එවපු එස්.බී.ය. සුසන්තිකාට ලිංගික බලපෑම් කරනවා යැයි යූ.ඇන්.පී.ය විශ්වාසභංගයක් ගෙනා එස්.බී.ය. එස්.බී. ආවාම එස්.බී.ගේ පවු යූ.ඇන්.පී.යට කරගහන්න වෙනවා යැයි කවුරුත් කීවේ නැත.
1994 සිට 2005 තෙක් මාධ්‍ය මර්දනය කළ මාධ්‍ය මර්දන අණ පනත්වලට අත ඔසවපු ඡන්ද මංකොල්ල සාධාරණීකරණය කළ මංගල 2008 යූ.ඇන්.පී.යට එක්විය. මංගලගේ පවු යූ.ඇන්.පීයට කරගහන්න වෙනවා යැයි මංගල එන විට කවුරුත් කීවේ නැත.

2015 මෛත්‍රී සමග මහින්දගේ ආණ්ඩුවෙන් එළියට ආ කණ්ඩායම 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයට, අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගයට අත් ඔසවපු අයය. මේ අය ගත්තොත් යූ.ඇන්.පී.යේ ලිබරල් ගතිය ඉවර යැයිද ඔවුන් රාජපක්ෂලාව බලයට ගෙනැවිත් රාජපක්ෂලාට කඩේ ගිය අය යැයි කවුරුත් කීවේ නැත. ජනාධිපතිවරණය දිනන්න ඔවුන් අවශ්‍ය යැයි හැමෝම කීහ.

ගල් ගහන්නේ ඵල ඇති රුකටය. මේ සන්ධානය අරගලය නමැති මව බිහිකරන්න හදපු සන්ධානයය. දැන් සන්ධානය බිහිවෙන වෙලාව හරිය.

සිංහයාට බයයි මල්ලියේ ගීතය ජනප්‍රිය ගීතයකි. අද සිංහයාට නොව සන්ධානයට බයයි මල්ලියේ කියන්න කාලය ඇවිත්ය. ඒ වගේම අරගලයේ දරුවා බිහිකරන්න කාලය ඇවිත් තිබේ.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

දිවයින කර්තෘ නාරද නිශ්ශංකගේ පුතණුවන් හදිසියේ අභාවප්‍රාප්ත වෙයි! අවසන් කටයුතු හෙට මාකොලදී! I Sri Lanka Latest News

Next Post

සජබ සන්ධානය කඩන්න ආණ්ඩුවෙන් කොන්ත්‍රාත් දීලා! තරාතිරම නොබලා පක්ෂයෙන් පන්නන්න! කඩන්න හදන අය රටට එළිදරව් කරන්න! දැඩි තීන්දුවක් ගන්න! කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මන්ත්‍රීවරු සජිත්ගෙන් එක හඬින් ඉල්ලයි! සියලු දෙනා අත් උස්සා සන්ධානය හදන යෝජනාව අනුමත කරයි! I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.