දිවයින දිනපතා පුවත්පතේ ප්‍රධාන කර්තෘ නාරද නිශ්ශංක මහතාගේ ජ්‍යෙෂ්ඨ පුතණුවන් වූ ඉසුර ලකිත නිශ්ශංක තරුණ මහතා හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත විය. Sri Lanka Latest News
කලක් ඒබීසී මාධ්‍ය ජාලයේ හිරු එෆ්. එම්. ගුවන් විදුලියේ මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ ඉසුර, මියයන තුරුම ඔහුගේම යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන ගියේය.
ඔහු ප්‍රදේශයේ ප්‍රකට තරුණ සමාජ ක්‍රියාකාරිකයකු ලෙස ද කටයුතු කළේය. රමණි සේනාධීර මහත්මියගේ ආදරණීය පුතණුවන් වූ ඉසුර, අභීන්ද්‍ර දක්ෂිත නිශ්ශංකගේ එකම සොහොයුරාය. ඔහු මියයන විට 31 හැවිරිදි වියෙහි පසුවිය.
පසුගිය 21 වැනිදා අභාවප්‍රාප්ත වූ ඉසුර ලකිත නිශ්ශංක තරුණ මහතාගේ දේහය මේ වන විට සපුගස්කන්ද මාකොළ දකුණ, තුරුසෙවණ පෙදෙස 198/6/ඊ දරන නිවසේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර ඇත.
දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට ඉරිදා (24දා) දින සවස 03.00ට මාකොළ, නෙල්ලිගහ පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.