• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

8 වැනි දකුණු චීන මුහුදු බෞද්ධාගමික ෂෙන්ජන් වටමේස සමුළුව කොළඹදී! PHOTOS I Sri Lanka Latest News

December 20, 2023
in News
Reading Time: 6 mins read
A A
8 වැනි දකුණු චීන මුහුදු බෞද්ධාගමික ෂෙන්ජන් වටමේස සමුළුව කොළඹදී! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook


චීනයේ Belt and Road වැඩසටහන හඳුන්වාදීමේ 10 වැනි සංවත්සරය සමරමින්, 8 වැනි දකුණු චීන මුහුදු බෞද්ධාගමික ෂෙන්ජන් වටමේස සැසිවාරය මෙවර ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්, 2023 දෙසැම්බර් 11 වැනි දින කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ‘සහජීවනයෙන් එක්ව, සේද මාවත හරහා එන ප්‍රඥාවෙන් ආලෝකය ලබාගන්න’ තේමාත්මකව පැවැත්වෙන මෙවර වටමේස සැසියෙහි මුලසුන හොබවන්නේ චීනයේ අතිශය ගෞරවාදරයට පත් සහ ජ්‍යෙෂ්ඨතම හිමිනමක් වන පූජ්‍ය මාස්ටර් යින් ෂුන් විසිනි. තවද මෙම උත්සවය සඳහා සත්කාරක දායකත්වය ලබාදෙනුයේ කොළඹ ගංගාරාම විහාරස්ථානයයි. (Sri Lanka Latest News)

2023 දකුණු චීන මුහුදු බෞද්ධාගමික ෂෙන්ජන් වටමේසය, ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ආචාර්ය ගල්බොඩ ඤාණිස්සර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සහ ගංගාරාම විහාරාධිකාරි ආචාර්ය කිරින්දේ අස්සජි හිමිපාණන්ගේ අරාධනයෙන් මෙසේ සංවිධානය කොට ඇත.

සමාජයේ විවිධ තරාතිරම් නියෝජනය කරමින්, ගෞරවනීය භික්ෂූන් වහන්සේලා, විද්වතුන්, දේශපාලන නියෝජිතයන් සහ වැදගත් පුද්ගලයින් එකට එක් කරමින්, ඒකීය සම්මුතියකින් මෙම සුවිශේෂී අවස්ථාවට දායක කරවීම මෙහි අරමුණ වේ. එළඹෙන දෙසැම්බර් 11 සිට 14 දක්වා අධ්‍යාපනය, පුණ්‍ය සහ තරුණ
කටයුතු යනාදී මාතෘකාවන් ඔස්සේ කොළඹදී පැවැත්වෙන වැඩසටහන් මාලාවක් සමගින් දේශීය මෙන්ම විදේශීය වශයෙන්ද බෞද්ධ ප්‍රජාවන් අතර බැඳීම් ශක්තිමත් කරවනු ඇත.

ගංගාරාම විහාරස්ථානයේ ආරාධනය පරිදි, රටවල් 32ක් නියෝජනය කරමින් නියෝජිතයින් 400කට වැඩි පිරිසක් මෙම වැඩසටහන සඳහා සහභාගී වන අතර, එමගින් රටවල් අතර සහයෝගීතාව වැඩිදියුණු කරවීම සහ මෙරට සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමත් සිදුකෙරෙනු ඇත. මෙසේ සහභාගී වන චීන දූත පිරිස මහනුවර ශ්‍රී දළඳා මාලිගාව වැඳපුදාගැනීමටද නියමිත අතර ඉන් අනතුරුව චීන නියෝජිත පිරිස් සහ ව්‍යාපාරික ප්‍රජාවේ ප්‍රමුඛ පෙළේ සාමාජිකයින් සහභාගීත්වයෙන් අරලියගහ මන්දිරයේදී විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පැවැත්වීමට නියමිතය.

2023 නන්හයි බෞද්ධ වටමේස සම්ප්‍රදාය භාරදීමේ උත්සවය 2023 ඔක්තෝබර් 20 වන දින හුබෙයි පළාතේ, සුයිහෝ නගරයේ ඩැහොන්ග් කන්දෙහි පැවැත්විණි. චීනයේ බෞද්ධ සංගමයේ උපසභාපති සහ ෂෙන්ජන් හි හොං ෆා විහාරස්ථානයේ අධිපති, කාම්භෝජියානු පූජ්‍ය වැන්ග් බුග්‍රි හිමියන් සහ ශ්‍රී ලංකාවේ ගංගාරාම විහාරාධිකාරි ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් ඇතුළු රටවල් සහ කලාප 20ක් නියෝජනය කරමින් පැමිණි ආගමික නියෝජිතයන් සහ විද්වතුන් සමගින් පවත්වන්නට යෙදුණි.

චීන මහජන දේශපාලන උපදේශක සමුළුවේ සාමාජික (ක්‍ඡඡක්‍ක්‍), චීන බෞද්ධ සංගමයේ උප සභාපති, හයිනාන් පළාතේ බෞද්ධ සංගමයේ සභාපති, හුබෙයි පළාතේ බෞද්ධ සංගමයේ ගරු සභාපති සහ ෂෙනජන් බෞද්ධ සංගමයේ සභාපති ඇතුළු විවිධ ප්‍රමුඛ භූමිකාවන් හොබවන, චීන බෞද්ධ ප්‍රජාව අතර අතිශය ගෞරවාදරයට පාත්‍ර වූ ජ්‍යෙෂ්ඨතම භික්ෂුවක් වන පූජ්‍ය යින් ෂුන් හිමියන් මෙහි මුලසුන හොබවන අතර උන්වහන්සේ මාස්ටර් බෙන් හුවාන් මාහිමියන්ගේ සහ චීන ලින්ජි බෞද්ධ නිකායේ 45 වැනි අනුප්‍රාප්තිකයාද වේ. තවද උන්වහන්සේ ෂෙන්සෙන් හොන්ග්ෆා ආශ්‍රමය, සන්යා න්ෂාන් ආශ්‍රමය සහ නේපාල සැන්ග්හ්වා ආශ්‍රමය ඇතුළු ධර්මායතන රැසකද අධිපතීත්වය දරයි. පූජ්‍ය මාස්ටර් යින් ෂුන් නූතන සමාජයේ සහ බෞද්ධ ආරාමවල පැවැත්ම හා සංවර්ධනය පිළිබඳ ක්‍රියාකාරීව ගවේෂණය කරන්නෙකි. අවිනිශ්චිතතාව ස්ථීර වූ ලෝකයක, ගෞරවනීය භික්ෂූන් වහන්සේලා, උතුම් චරිතයක් ඇති
පරහිතකාමීන් සහ බුදුන් වහන්සේගේ ධර්මය සරණ ගිය සිල්වත් ස්ත්‍රී පුරුෂ සියලු මිනිසුන් පොදු පදනමක් යටතේ සහජීවන පැවැත්මක් සඳහා සිය පරිශ්‍රමය වැය කරති. ඔවුන් ප්‍රඥාව සොයා යමින්, සම්මුතීන්ට එළඹෙමින්, සහජීවනයෙන් යුතුව, බෞද්ධාගමෙහි මෛත්‍රියෙන් මිනිසුන්ගේ හදවත්වලට සාමය ළඟාකරදීම අපේක්ෂා කරති.

පැවැතිවීමට නියමිත වැඩසටහන් පිළිබඳ අදහස් දක්වමින් පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් ප්‍රකාශ කළේ, “2023 කොළඹ වටමේස සැසිය, ශ්‍රී ලාංකේය බෞද්ධ ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරවන්නක්. විශේෂයෙන්ම චීනයේ සිට පැමිණි පූජ්‍ය මාස්ටර් යින් ෂුන් ජ්‍යෙෂ්ඨ නාහිමියන් ඇතුළු කලාපයේ ජ්‍යෙෂ්ඨතම නාහිමිවරුන් සහ අනෙකුත් ප්‍රභූවරුන් මෙම අවස්ථාව වෙනුවෙන් අප රටට පැමිණීම අපට ඉමහත් ගෞරවයක්. ශ්‍රීඝ්‍රයෙන් වෙනස් වන ලෝකයක බෞද්ධ ජීවන රටාවක් පෝෂණය කිරීමට අමතරව, මෙම වැඩසටහන් මාලාව ඔස්සේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ සහ සමස්ත ආර්ථිකයේ වර්ධනයටත් දායකත්වයක් ලබාදෙනු ඇත ̃ යනුවෙනි.

ගංගාරාම විහාරස්ථානය විසින් සංවිධානය කරන ලද මෙම උත්සව මාලාව සමගින් සුවිශේෂී ක්‍රියාකාරකම් රාශියක් පැවැත්වීමට නියමිතව තිබේ. ඒ අතර චීන ශල්‍ය වෛද්‍යවරුන් විසින් ලංකා හොස්පිටල්හි ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් 100ක් සිදුකරන “2023 සේද මාවතින් ආලෝකය කරා ̃ වැඩසටහන, 2023 දකුණු චීන මුහුදු බෞද්ධ වටමේස සැසියේ බෞද්ධ අධ්‍යාපනය පිළිබඳ උප සංසදය සහ කැලණිය විශ්වවිද්‍යාලය සමඟ එක්ව තරුණ උප සංසදය ආදිය පවත්වන්නට
කටයුතු යොදා තිබුණි. මීට අමතරව ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ආචාර්ය ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ගේ 80 වැනි ජන්ම දිනය වෙනුවෙන් පැවැත්වෙන දානමය පුණ්‍යකර්මයක්, වර්ණවත් පෙරහැරක් සහ ලෝක සාමය පතා සිදුකෙරෙන ආශි3⁄4වාද පූජාවක් ආදියද ඇතුළත් වේ. මේ සඳහා සියලු අමාත්‍යංශවල අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ සියලු අමාත්‍යාංශවල ලේකම්වරුන් සහභාගි වීමටද නියමිතය.

SendShareShare
Previous Post

අයවැයෙන් රනිල් දෙනවා කියපු ඔප්පු ඉල්ලලා කොළඹ මහල් නිවාසවල ජනතාව නිවාස අධිකාරියට එයි! ගෙවල් දෙන්න කලින් ලක්ෂ 16ක් ගෙවන්න කියලා ලියුම් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Next Post

ට්‍රම්ප් ඉවරයි! ජනාධිපතිවරණයට තරග කරන්න බැරි විදිහට උසාවිය තීන්දුවක් දීලා!  I Sri Lanka Latest News

MORE NEWS

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News
Exclusive

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

Exclusive

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

Load More
කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ලංකාවේ brand වෙන්න යන නගර හතර... කොළඹ නුවර අනුරාධපුරය කතරගම මහනුවර brand city එකක් වෙන්නේ මෙහෙමයි... Sri Lanka Latest News

Read more
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.