සීමා සහිත ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් බඩ ඉරිඟු ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.Sri Lanka Latest News
වෙළෙඳපොලේ ප්‍රමාණවත් බඩ ඉරිඟු තොග නොමැති වීම හේතුවෙන් කුකුළු කෑම නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යවල හිඟයක් පවතින බව රජය පවසයි.
ඒ සඳහා තාවකාලික පියවරක් ලෙස සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මඟින් බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 15000 ආනයනය කිරීම සඳහා රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාවට බලපත්‍ර ලබා දී ඇත.
මේ අතර දේශීය වෙළඳපොළේ බිත්තර මිල සීඝ්‍රයෙන් ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බැවින් සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කර ඇති ඉන්දීය වෙළඳපොල්වලින් තවත් බිත්තර එක්කෝටි අසූ ලක්ෂයක් ගෙන ඒමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
එමෙන්ම කීරි සම්බා සහල් වර්ගයට සමාන ජී.ආර් 11 සහල් වර්ගයෙන් සහල් මෙට්‍රික් ටොන් පනස්දහසක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වෙළඳපොලේ සහල් මිල පාලනය කිරීම සඳහා ආහාර ප්‍රතිපත්ති කමිටුවේ නිර්දේශය පරිදි සහල් මෙට්‍රික් ටොන් 50000ක් ආනයනය කිරීම පිණිස 2023/11/20 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී ඇත.










