පාතාල ක්‍රියා සිදුවී ඇත්තේ පොලිස් වසම් 43ක් පමණක් බවත් මෙම වසරේ දත්ත විශ්ලේෂණය කිරීමේදී ඒ බව අනාවරණය වෙන බවත් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.Sri Lanka Latest News
ඇල්පිටිය පොලිස් කොට්ඨාසයේ මහජන ආරක්ෂක වැඩමුළුවට එක්වෙමින් වැඩබලන පොලිස්පතිවරයා ඒ බව සඳහන් කළේය.
“පාතලේ නැතිකරන්න නම් පළාත් දෙකයි හදාගන්න ඕනේ. බස්නාහිර සහ දකුණු පළාත. ලංකාවේම පාතාල කාතාවක් නැහැ. පොලිස් වසම් 43ක පමණයි පාතාල ක්‍රියා සිදුවෙන්නේ. උදව් කරන්න… මාස කිහිපයකින් පාතාලය නැති කරන්නම්. පාතාලයට සම්බන්ධ වූ 1091 ක් ඉන්නවා. ඔවුන්ට එළියට බහින්න බැරි තත්ත්වයක් ඇති කරනවා. උදේ මිනී මරලා හවස ඩුබායි යනවා. මිනීමරුවෝ 23ක් ඩුබායිවල එකම මහල් නිවසක ඉන්නවා. ඔවුන්ව මෙරටට ගෙන්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. ජනවාරිවලින් පසු පාතාලයට සම්බන්ධ 1091 දෙනාට… ගුවන්තොටුපොළින් හොර පාස්පෝර්ට් හදන් යන්න බැහැ.”










