• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යුක්රේනයේදී වීරයෙක් වුණු රුසියාවට කළු හතුරා වුණු සදහටම අපෙන් වෙන් වුණු කවුද මේ රනිෂ් I Sri Lanka Latest News

December 15, 2023
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අපේ විස්සක් රුසියා යුද්ධයට ගිහින්… ලක්ෂ දහය දොළහෙ විශාල වැටුප්… තව හැත්තෑවක් යන්න සූදානම්…

ලෝකෙ පුරාම යුද්ධය පැවැත්වෙන කාලයක් තමයි මේක. වාසනාවකට අපිට යුද්ධයක් නෑ. අපිට යුද්ධයක් තිබුණු කාලේ අපි යුද්ධෙට කොච්චර බයයිද, යුද්ධෙ නිසා අපි කොච්චර සැකෙන් ජීවත් වුණාද කියන එක ඔබට සමහර විට දැන් මතක නැතුව ඇති. ඇත්තටම අපිට අමතක වුණාට සමහර දේශපාලකයෝ අපිට ඕවා කාලෙන් කාලෙට මතක් කරලා දෙනවා. ඒ මතක් කරලා දෙන්නේ යුද්ධෙ ඉවර කළේ මමයි කියන එක ලෝකෙට කියන්න. ඇත්තටම යුද්ධෙ ඉවර කළේ තනි කෙනෙක් නෙවෙයි.(Sri Lanka Latest News)

යුද්ධෙ ඉවර කළේ දහස් ගණනක් මිනිස්සුන්ගේ ශක්තියෙන්. මිනිස්සුන්ගේ ධෛර්යයෙන්. යුද්ධයක් ඉවර වෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මිනිස්සුන්ගේ ධෛර්යය, ශක්තිය, කැපවීම, ආයුධ සන්නද්ධව බය නැතුව ඇවිත් සටන් කරලා යුද්ධය ඉවර කරන එක. තවත් ක්‍රමයක් තියෙනවා. මිනිස්සුන්ට සත්‍යය අවබෝධ වෙලා යුද්ධය ඉවර කරනවා. ඇත්තටම ලේසි ක්‍රමය තමයි දෙවැනි ක්‍රමය. මිනිස්සුන්ට තේරෙනවා නම් අපි යුද්ධ කළ යුතු නෑ කියලා, එතැන යුද්ධයක් නෑ. ඒ නිසා යුද්ධයක් නැති වෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙන බව ඔබ මතක තියාගන්න ඕනෙ.

යුද්ධ කරලා ඉවර වෙලා එක කණ්ඩායමක් පරාජය කරලා දිනන යුද්ධයකට වඩා යුද්ධයක් අවශ්‍ය නෑ කියලා හිතලා දිනන යුද්ධයක් ඉතා සුන්දරයි කියලයි අපේ විශ්වාසය. ඒ නිසා ලෝකෙ ජාතීන්ට පුළුවන් නම් යුද්ධ කළ යුතු නැති බව අවබෝධ කරගන්න, ඒ යුද්ධෙන් දෙගොල්ලන්ටම දිනන්න පුළුවන්. හැබැයි යුද්ධ කරලා දිනන යුද්ධයක් නෑ. යුද්ධයක් ඉවර වෙලා දිනන පාර්ශ්වයක් නෑ. අපි යුද්ධෙ දිනුම් කියලා කිව්වට හැමෝම යුද්ධෙන් පැරැදිලා ඉවරයි. මෘත ශරීර ගොඩක් එක තැනකට ගොඩගහලා අතපය නැති මිනිස්සු රංචුවක් එක්ක සමරන යුද සැමරුමක් ජයග්‍රහණයක් වෙන්නේ කොහොමද කියලා අපි නම් තවමත් ප්‍රශ්න කරනවා. ඒකට හේතුව, යුද්ධයක් ජයගත්තෙක් මේ ලෝකෙ නැති නිසා. යුද්ධයකදී සිද්ධ වෙන්න ඕනේ හොඳම දේ තමයි යුද්ධය අවසාන වෙන එක.

ඔබට මම යුද්ධෙ ගැන කියද්දී ශ්‍රී ලංකාවේ යුද්ධෙ මතක් වෙන්න තියෙන ඉඩ ගොඩාක් අඩුයි. ඒ වෙනුවට ඔබට මතක් වෙන්න ඉඩ තියෙන්නේ මේ මොහොතේ නම්, ඊශ්‍රායලය, ගාසා තීරය, පලස්තීනය වගේ තැන්. හැබැයි මීට මාස කිහිපයකට කලින් මේ ගැන මං කතා කළා නම් ඔබට ඉන්තේරුවෙන්ම සිහිපත් වෙන්නේ යුක්රේනය සහ රුසියාව. අපිට අමතක වුණාට යුක්රේනයයි රුසියාවයි තාමත් පොරබදනවා. අහිංසක මිනිස්සු මැරෙනවා. ගේදොර අහිමි වෙනවා. අත පය කැඩෙනවා. තමන්ගේ ජන ජීවිතය නැතිවෙලා ගිය මිනිස්සු තැන් තැන්වල අඬනවා. ඒ මිනිස්සුන්ගේ ඇඬුම් අස්සේ යුද්ධෙ හඬ ඇහෙනවා.

පාලකයෝ රටවල ප්‍රධානියෝ යුද්ධෙට අණ දෙනවා. යුද්ධ කරන්නේ සෙබළු. ඒක ඒ සෙබළුන්ගේ වෘත්තිය. ඔවුන් වීරයෝ බවට පත්වෙනවා. සාමාන්‍යයෙන් යුද්ධෙකට ගිහිල්ලා ආයුධ දහස් ගණනක් අස්සේ ගිනි අවි සිය ගණනක් අස්සේ යුද්ධ කරන එක ලේසි වැඩක් නෙවෙයි. ඒ නිසා තමයි යුද්ධෙට යන මිනිස්සු වීරයෝ විදියට සලකන්නේ. මොකද අමතක කරන්න එපා යුද්ධයකට යන මිනිස්සු කවුරුවත් වෛරයෙන් තරහෙන් වැඩකරන මිනිස්සු නෙවෙයි.

ඒගොල්ලෝ කරන්නේ වෘත්තිය. ඒ වෘත්තියේදී ඔවුන්ගේ තියෙන අභිමානය තමයි පෙනෙන්නේ. මොකද ලේසි නෑ ආයුධයක් අත දරාගෙන පාරට බැහැලා මිනිස්සුත් එක්ක සටන් කරන එක. ලේසි නෑ යුද්ධයක් අතර තමන්ගේ නම කියවෙන එක. ලේසි නෑ යුද විරුවෙක් වෙන එක. ඒ නිසා යුධ විරුවන්ගේ කතාවක් විදියට මේ ලිපිය ආයෙත් අපි ඔබට කියන්නේ යුද්ධය උත්කර්ෂයට නගන්නට නම් නෙවෙයි.

අපි දන්නවා රුසියාව සහ යුක්රේනය කාලයක් තිස්සේ යුද්ධ කරනවා කියලා. ඇත්තටම මේ යුද්ධයේදී ලියුම්කරු වන මගේ පාර්ශ්වය වෙන්නේ මගේ හෘදසාක්ෂිය නැත්නම් මට හිතෙන දේ නම් යුක්රේනය පව් කියන එකයි. ඒකට හේතුව මේක ඇතුළේ තියෙන දේශපාලනික කතන්දරය 100%ක් අපි නොදන්නා නිසා වෙන්න පුළුවන්. නේටෝ සංවිධානයේ මැදිහත් වීම්, බෙලරුසියාව ඇතුළු සමහර රටවල් විසින් කරන උසිගැන්වීම්, වෙනත් රටවල් විසින් ලබාදුන්නු ලණු කාපු සෙලෙන්ස්කි කියන කතාව, මේ මොනවා තිබුණත් අපට දැනෙන්නේ රුසියාව කියන දැවැන්තයා විසින් යුක්රේනය කියන පුංචි අහිංසකයාව තළලා පොඩිකරලා දානවා වගේ හැඟීමක්.

ඇත්තටම යුක්රේනයයි රුසියාවයි කියලා කියන්නේ ඉතා කිට්ටුවන්ත නෑදෑයෝ. යාළුවො මල්ලි කියලා රන්ජන් රාමනායක කිව්වා වගේ අපටත් කියන්න තියෙන්නේ මේගොල්ලෝ යාළුවෝ, මේගොල්ලෝ හිතවත්තු. මේගොල්ලන්ට තරහා වෙන්න ඇනකොටා ගන්න දෙයක් නෑ. මේගොල්ලෝ හරි සුහදයි. නමුත් ඉතින් දැන් මේගොල්ලෝ පසමිතුරෝ. ගොඩක් ජනාවාස මෘත ශරීර ගොඩවල් බවට පත්වෙලා සුන්බුන් බවට පත්වෙලා දහස් ගණනක් මියගිහිල්ලා ඉවරයි.

ඒ අස්සේ අපිට ඇහෙනවා යුක්රේනයෙන් අපි කවදාවත් විශ්වාස නොකරන කතාවක්. ඒ තමයි ‘කළු හතුරා’ගේ කතාව. කවුද මේ කළු හතුරා? කළු හතුරා කියලා කියන්නේ යුක්රේනය වෙනුවෙන් සටන් බිමට පිවිසුණු අභීත සෙන්පතියෙක්. රුසියාව කියන දැවැන්තයා මේ කළු හතුරට බයේ හිටිය බව දැන් දැන් අපට අහන්න දකින්න ලැබෙනවා. කළු හතුරා මරාදැමීම රුසියාවේ සිහිනයක්ව තිබුණු බවත් අපට සමහර කතන්දර අස්සෙන් අහන්න ලැබෙනවා.

එහෙනම් මේ කළු හතුරා කවුද කියලා හඳුනාගත්තම ඔබ පුදුම වෙන, ඔබට අදහන්න බැරි කාරණාවක් එක පාරටම එළියට එනවා. ඒ මොකක්ද දන්නවද? නෝනාවරුනි, මහත්වරුනි, මේ කළු හතුරා විදියට හඳුන්වන කෙනාගේ නම ඔබට මම මුලින්ම කියන්නම්. එතකොට ඔබට කළු හතුරා කවුද කියලා හඳුනාගන්න පුළුවන් වෙයි. හැබැයි මම දන්නවා ඔබ කිසිම දවසක මේ කතාව විශ්වාස කරන එකක් නම් නෑ. ඇත්තටම අපි හිතුවෙත් නෑ ඒ වගේ දේවල් ලෝකෙ සිද්ධ වෙනවාය කියලා.

ඔහුගේ නම තමයි රනිෂ් හේවගේ. රනිෂ් හේවගේ කියලා කියන්නේ යුක්‍රේන යුද බිමේදී මියගිය ශ්‍රී ලාංකික නිලධාරියෙක්. රනිෂ්ගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට කතන්දර කියවෙමින් තියෙනවා. අපිට ආරංචි වෙනවා මේ කතාව මොකක්ද කියන එක අගමුල ඇතිව. ශ්‍රී ලාංකික සෙබළුන් කිහිප දෙනෙක් මේ වෙනකොට යුක්රේන යුද බිමට ගිහිල්ලා ඉන්නවා. ඔවුන්ට විශාල වැටුපක් ගෙවීමේ පොරොන්දුව මත තමයි ඔවුන්ව මේ හමුදා අනුඛණ්ඩවලට සම්බන්ධ කරගෙන තියෙන්නේ. මේ කතාව ඇතුළෙදී අපට දැනෙනවා තිදෙනකුගේ මරණ මෙහිදී කියවෙන හැටි. කොහොම නමුත් රුසියානු රජයේ හමුදාව ‘කළු හතුරා’ ලෙස හඳුන්වන්නේ කපිතාන් රනිෂ් හේවගේව.

ශ්‍රී ලංකා පාබල හමුදාවේ කොමාන්ඩෝ බළකායේ පුහුණුව ලබලා නීත්‍යනුකූල ලෙස ඉන් ඉවත් වෙලා 2022දී ඔහු යුක්රේන හමුදාවේ නිත්‍ය සාමාජිකයෙක් ලෙස එකතු වෙනවා. සටන් පෙරමුණේදී නව වතාවක් තුවාල ලැබුවත්, යුක්රේන රජයේ ආරක්ෂාව වෙනුවෙන් සටන් කරන රනිෂ්, එරට හමුදාව විසින් හඳුන්වනු ලබන්නේ කපිතාන් ඩෙන්ටිස්ට් යන නාමයෙන්. ඒ වගේම ඔහුට ජනාධිපතිවරයා විසින් ලබාදුන් විශේෂිත සම්මාන 5ක් ගැනත් මේ කතාබහේදී අපට දැනගන්න ලැබෙනවා.

සටන් පෙරමුණේදී මියගිය ශ්‍රී ලාංකික සෙබළ ප්‍රියන්තගේ මෘත දේහය රැගෙන එන්නට පහුගිය 04 වැනිදා පිටත්ව ගිය රනිෂ් එහිදී තමයි ජීවිතක්ෂයට පත්වූ බව කියන්නේ. ඔහුගේ සහායට තවත් ශ්‍රී ලාංකික භටයන් තිදෙනකු ගොස් ඇති බවත් කියැවෙනවා. මෙහිදී එක් සෙබළකුට පමණයි ආපසු එන්න ලැබිලා තියෙන්නේ. ඔහු කියනවා මෙන්න මේ විදියට.

‘අපි ෆෝ මෑන් ටීම් එකක් විදියට රනිෂ් සර් සමග බොඩි එක ගන්න ගියා. මගදී එක්කෙනෙක් තුවාල වුණු නිසා අපි තුන්දෙනා ඉස්සරහට ගියා. අපි ඉස්සරහින් ලයින් එකට යද්දීම කාලතුවක්කුවලින් ගහන්න ගත්තා. ඩ්‍රෝන් ඇටෑක් එකකුත් ආවා. හතර වැනිදා උදේ නවයට විතර කාලතුවක්කු බුලට් එකක් වැටිලා සර් එක්ක මාත් තුවාල වුණා. අපිත් එක්ක ගිය සිංහ රෙජිමන්ට් එකේ එක්කෙනා එතැනදීම මැරුණා. සර්ට තුවාල වෙලා හිටියේ. මම සර්ව කිලෝමීටර් 15ක් විතර අරගෙන ආවා.

මගේ අතට කාලතුවක්කු කෑලි වැදිලා තුවාල වෙලා තිබුණේ. රනිෂ් සර්ට වීරයෙක් වගේ සතුරු බිමේ මැරෙන්න දෙන්න බැරි නිසා මම කොහොම හරි එයාව අරගෙන ආවා. අතරමගදී ආයෙත් රුසියානු ඩ්‍රෝනවලින් ගහන්න ගත්තා. ඒ අස්සේ රනිෂ් සර් නැතිවුණා. සර් අපට හැමදාම කිව්වේ යුද්ධෙදී මැරුණොත් බොඩි එක ගන්න එපා කියලා. ඒත් මම උපරිම උත්සාහ කළා සර්ව අරගෙන එන්න. දිගටම ඩ්‍රෝනවලින් ගහද්දී මට තනියම පහුබහින්න සිද්ධ වුණා….’

මෙහෙම කියන්නේ යුක්රේන හමුදා රෝහලේ දැනට ප්‍රතිකාර ලබන, ශ්‍රී ලංකා යුද හමුදා කමාන්ඩෝ බළකායෙන් ඉවත්ව යුක්රේන හමුදාවට එක්වුණු හතුරුසිංහ මහත්තයා. ඔවුන් කමාන්ඩෝ පුහුණුවීම් ප්‍රගුණ කරන ලද සෙබළු.

කපිතාන් රනිෂ් එක්ක 20 දෙනකුට වැඩි ශ්‍රී ලාංකික භට පිරිසක් මේ වන විට යුක්රේන යුද බිමේ ඉන්න බව අපට දැනගන්න ලැබෙනවා. ඒ වගේම මෙරට හමුදාවෙන් නීත්‍යනුකුලව ඉවත්ව ගිය 70 දෙනකු පමණ යුක්රේන රජයේ හමුදාවට එක්වීම සඳහා අයැදුම්පත් යවලා තියෙන බවත් දැනගන්න ලැබෙනවා.

ශ්‍රී ලාංකික නිලධාරීන් සහ සෙසු නිලයන්වල 70ක් පමණ පෝලන්තය ඔස්සේ යුක්රේනයට යෑමට නියමිතව සිට ඇති බවත් දැනගන්නට ලැබෙනවා. මේ කරුණත් එක්ක අපට විශේෂ දේවල් ගොඩක් එළියට එනවා. මම දන්නෙ නෑ ඔවුන් ගැන කියන්න ඕනෙ මොනවද, ලියන්න ඕනෙ මොනවද කියලා. කොහොම නමුත් අපේ රටේ වීරයෙක් විදියට ඉඳලා, යුක්රේනයේදීත් වීරයෙක් විදියට මියගිය රනිෂ්ට අපි අපේ උත්තමාචාරය පුද දෙනවා යුද්ධය වෙනුවෙන් නෙවෙයි, මනුෂ්‍යත්වය වෙනුවෙන්.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

චීනයේ ‘ෂියෑන්ග් යැන්ග් හොන්ග් 3’ ජනවාරියේ ලංකාවට එන්න අවසර ඉල්ලයි! ඉන්දියාව යළි කැළඹෙයි! I Sri Lanka Latest News

Next Post

මේක අපේ රට! මේක අපේ මාතෘ භූමිය! දිවි හිමියෙන් රැකගත්ත රට! මේ රට කෑලිවලට කඩන්න දෙන්නෙ නෑ! පොහොට්ටුවත් එක්ක සියලු දෙනා එකතු වෙන්න රට ගොඩගන්න! මහින්ද රාජපක්ෂ පොහොට්ටු සමුළුවේ සිට කියයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.