තවත් චීන පර්යේෂණ නෞකාවක් ලබන ජනවාරි මාසයේ මෙරටට පැමිණීමට නියමිත බවත්, ඒ සඳහා චීන රජය විසින් ශ්‍රි ලංකා රජයෙන් ඉල්ලීමක් කර ඇති බවත් හින්දුස්ථාන් ටයිම්ස් වෙබ් අඩවිය පෙන්වාදෙයි.Sri Lanka Latest News
‘ෂියෑන්ග් යැන්ග් හොන්ග් ත්‍රී’ නම් එම පර්යේෂණ නෞකාව ජනවාරි මස 5 වෙනදා සිට මැයි මාසය තෙක් ඉන්දීය සාගරයේ ගවේෂණයක කටයුත්තක නිරත වීමට නියමිත බව එම වෙබ් අඩවිය වාර්තා කර ඇත.
අදාළ කාලය තුළ චින නෞකාව ශ්‍රි ලංකාවේ සහ මාලදිවයිනේ වරායන්හි නැංගුරම් ලා තැබීමට නියමිත අතර ඒ සඳහා චීන රජය විසින් ශ්‍රි ලංකා රජයෙන් මෙන්ම මාලදිවයින් රජයෙන් ද ඉල්ලීම් කර ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් වෙබ් අඩවිය පවසයි.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් කනස්සල්ල පළකරන ඉන්දීය රජය, සාගර ගවේෂණ කටයුතු සඳහා අදාළ නෞකාවට අවසර ලබාදීම කලාපයේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව පෙන්වාදී තිබේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු පැවසුවේ අදාළ නෞකාවේ පැමිණීම සඳහා මීට මාස කිහිපයකට පෙර චීන රජයෙන් ඉල්ලීමක් ඉදිරිපත්ව තිබූ නමුත් ඒ සඳහා අවසර ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවය.
චීන පර්යේෂණ නෞකාවක් වන ‘ෂී යෑන් සික්ස්’ නෞකාව ද පසුගිය ඔක්තෝබර් මාසයේ මෙරටට පැමිණි අතර ඒ සම්බන්ධයෙන් ද ඉන්දීය රජය කනස්සල්ල පළ කළේය.