ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සම්මේලනය අද (15) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.
එහිදී එම පක්ෂයේ නායකයා ලෙස දෙවැනි වරටත් මහින්ද රාජපක්ෂ මහතාව තෝරා පත්කර ගැනීම සිදුවිය.
පක්ෂ සම්මේලනය අමතමින් මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ දිවි හිමියෙන් රැකගත් මාතෘ භූමිය බෙදා වෙන්කිරීමට කිසිවකුටත් ඉඩ නොදෙන බවයි.
රට ආරක්ෂා කරගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සියලු දෙනා අත්වැල් බැඳගත යුතු බවද මහින්ද රාජපක්ෂ මහතා එහිදී අවධාරණය කර සිටියේය.