• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හාම්පුතුන්ට විරුද්ධව ලියැවුණු වතුකරයේ පීඩිතයන්ගේ ශෝකාලාපය…! ‘මාස්ටර් සර් මගේ හිමිතැන දෙනවාදෝ…’! අද හාම්පුත්තු විස්කි බීලා බජව් දාන්නෙත් ‘මාස්ටර් සර්’ සිංදුව කියාගෙන…! කවුරුත් නොදන්න ‘මාස්ටර් සර්ගෙ’ ඉතිහාසය! I Sri Lanka Latest News

December 10, 2023
in Exclusive, Heart, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පනම් අටෙන් මට වැඩිකර දුන්න
හැකි උනත් බත් මිටක් දරුවට කවන්න
මාස්ටර් සර් මගේ හිමිතැන දෙනවාදෝ
අනේ සර් අනුකම්පා නොසිතේදෝ(Sri Lanka Latest News)

කොතැනකදී ඇහුණත්, තාල අල්ලලා හෙමින් මුහුණන්න හිතෙන තරමට ඒ සින්දුව අපි හැමෝගෙම හිතට සමීපයි කිව්වොත් ඒක බොරුක් නෙවෙයි. නිහඬ රෑක ඇහුණත් බස් කොන්දොස්තරගේ නිමක් නැති කරච්චලය පිරුණු ප්‍රයිවට් බස් එකකදී ඇහුණත් ඒ සින්දුවේ වචන ළඟ, සංගීතය ළඟ අපි ඔයාලගේ හිත ‘ටක්’ ගාලා නතර වෙනවා. සමහරු ඔය සින්දුවට ‘පනම් අටෙන්’ සින්දුව කියනකොට තවත් අය ‘මාස්ටර් සර්’ සින්දුව කියලා කියනවා. කොහොම හැඳින්වුවත් මාස්ටර් සර් සින්දුව ධඩැර එයැ ඔදච නම්බර් එකක්.

අවුරුදු පනස් ගණනක් පරණ මාස්ටර් සර් සින්දුවේ සංගීතය තැනුවේ නිමල් මෙන්ඩිස් මහත්තයා. හිත කීරිගැහෙන වචන අහුරක් එකට එකතු කරලා පද රචනය කළේ ප්‍රවීණත්වයට පත් ගීත රචක කරුණාසේන අබේසේකරයන්. හදවත පතුලින්ම කාගෙත් ඇඟට හිතට දැනෙන විදියට ඒක හරිම අපූරුවට ගායනා කෙරුවේ ප්‍රවීණ ගායක නෙවිල් ප්‍රනාන්දු. අතිදක්ෂ සොඳුරු කලාකරුවන් තුන් දෙනකුගේ එක්කාසුවෙන් කැටයම් වුණු මාස්ටර් සර් සින්දුව හැදුණේ එක්දහස් නවසිය හැත්තෑවේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ මැණික් සන්ද්‍රසාගරයන් සිනමාවට ගෙන ආ ‘කළු දිය දහර’ චිත්‍රපටය වෙනුවෙනුයි. ඒ වගේම මේ කලාත්මක සින්දුව අලංකාරෙට හැඩ කරන්න මුල්වෙච්ච බොහෝ නිර්මාණකරුවන් අද ජීවතුන් අතර නැහැ. හැබැයි ‘මාස්ටර් සර්’ සින්දුව නම් අදටත් මේ මොහොතේත් අපි හැමෝගෙම හිත් තුළ ජීවත් වෙනවා.

ඒ කියන්නේ ‘මාස්ටර් සර්’ සින්දුව අමරණීයයි. ඒ අමරණීය සින්දුව ගැන මනෝරම්‍ය කතිකාවක් පසුගිය ඉරිදා හැන්දෑවේ චරණ ටීවී එකේ ‘කවි 10ට ගී 10ක්’ විද්‍යුත් ප්‍රසංගයේ විකාශය වුණා. අද ‘මව්රට’ට ලියන්න තනන මේ කතන්දරයට ‘ප්ලොට්’ එක හදලා දුන්නෙ අවංකවම කියනවා නම් ‘කවි 10ට ගී 10ක්’ වැඩසටහනයි. ඒ හින්දා ඒ ගැන පැරග්‍රාෆ් එකක් නොලියා ඉන්න එක හිතට හරි මදි කියලා හිතුණු නිසා ඒ ගැන අපි මේ විදියට පොඩි පෙළගැස්මක් කරනවා.

සත්තකින්ම කියනවා නම් ‘කවි 10ට ගී 10ක්’ කියන්නේ ටෙලිවිෂන් කලාවේ බහුබූත වැඩසටහන් අතර තවත් එක් විලම්බීතයක් නොවූ නිර්මාණ මෙහෙවරක්. ප්‍රවීණ මාධ්‍යවේදී වජිර ජයවර්ධන එය මෙහෙයවන ආකාරයද සිත්ගන්නාසුලුයි. කොටින්ම කියනවා නම් කවි 10ට ගී 10ක් ඉරිදා හැන්දෑවට ආලින්දයේ සිනමාව අතිශයින්ම හැඩගන්වන සිත්කලු කන්කලු සේම නෙත්කලු ශ්‍රව්‍ය දෘශ්‍ය ප්‍රසංගයක්. පසුගිය ඉරිදා හැන්දෑවක ඒ මනහර ප්‍රසංගයට වජිරගේ ආරාධනාව මත ආවේ ‘පත්තර මල්ලි’ කියන විරුදාවලියෙන් හඳුන්වන ප්‍රවීණ මාධ්‍යවේදී නුවන් ලියනගේයි. ඔහුගේ හිතට මනාප ගීත 10 අතර ‘මාස්ටර් සර්’ සින්දුවත් තිබුණා.

‘මාස්ටර් සර්’ සින්දුව එතැනට අදාළ ගායකයා විසින් ගයන්නට පළමුව නුවන් ලියනගේ ඒ ළයාන්විත ගී නිර්මාණය ගැන හරිම අපූරු විග්‍රහයක් කළා. ඒ සොඳුරු විග්‍රහය තුළ තිබුණේ අපි ඔයාලා දන්නෙ නැති කතාවක්. මාස්ටර් සර් සින්දුවට කොයි තරම් ඇලුම් කළත්, ගණන් කර බලන්නට බැරි වාර ගණනක් එයට සවන් දී තිබුණත් ඒ සින්දුව හැදුණේ කා වෙනුවෙන්ද, මොන විදියේ වස්තු බීජයක්ද එයට මුල් වුණේ කියන කාරණය ගැන බොහෝ දෙනකු බොහෝ විට දන්නෙ නැහැ. හැබැයි ඒක දැනගත යුතුම කතාවක්. අනෙක ඒ කතාව පත්තර මල්ලි විස්තර කරපු ආට් එකත් හරිම සරලයි. ඒ වගේම සුන්දරයි.

ඒ විතරක් නෙවෙයි. ‘මාස්ටර් සර්’ සින්දුවට මුල් වෙච්ච කතන්දරයත් හරිම කලාත්මකයි. අහන ඕනෑම කෙනකුට දුක හිතෙන තරමේ සංවේදී කතා පුවතක් එහි ගැබ්ව තිබුණා. කරුණාරත්න අබේසේකර නම් අද්විතීය ගී පද රචකයා අහන කෙනකුගේ හිතට කාවදින විදියට ලියපු ඒ ගීතයේ දුක්බර ඇතුළාන්තය ගැන එයට දස දහස් වතාවක් විතර සවන් දුන්නු අපි කාටවත් වැටහුණේ නැත්තේ ඇයි? අවුරුදු පනහක් ගෙවිලා ගියත් 2023 ඔක්තෝබර් මාසේ 03 වැනි ඉරිදාවේ පත්තර මල්ලි ‘චරණ’ රූපවාහිනියට ගොඩවෙලා කවි 10ට ගී 10ක් තුළින් කියන තුරු ඒ කතන්දරය අපි නොදැන හිටියෙ ඇයි? පීඩිත පන්තියේ මිනිසුන්ට අයිති අපි දැනගත යුතු කතන්දරයක් බොහෝ දෙනකුට හොයාගන්න බැරිව ගියා. එහෙමත් නැත්නම් මඟහැරුණා.

ඒකට කමක් නැහැ. කල් ගිහින් හරි ‘කවි 10ට ගී 10ක්’ සාදයට ගොඩවුණු නුවන් ලියනගේ අපට ඒ දුක හිතෙන කතාව කිව්වා. ‘මව්රට’ පත්තරේ කොටසක් අද ඒ වෙනුවෙන් වෙන්වුණේ ඒ ගැන නොලියාම බැරි නිසයි.

එක්දහස් නවසිය හැත්තෑවේ හැදුණු ‘කළු දිය දහර’ චිත්‍රපටයට එහි අධ්‍යක්ෂ මැණික් සන්ද්‍රසාගරයන් මුල්කරගෙන තිබුණේ වතුකරයේ දමිළයන් අතර තිබුණු වැටුප් සටනයි. චිත්‍රපටයේ තේමා ගීතය හදන්න භාරවුණේ ප්‍රවීණ ගී පද රචක කරුණාරත්න අබේසේකරයන්ටයි. නිමල් මෙන්ඩිස්ගේ ළයාන්විත සංගීත රටාව සමග නෙවිල් ප්‍රනාන්දු එය අපූරුවට ගායනා කෙරුවා. චිත්‍රපටය දින 100 ඉක්මවමින් දුවන කොට සින්දුව අතිශයින්ම ජනප්‍රිය වුණා. කාගෙත් තොල් අතර එය රැඳුණා. චිත්‍රපටය තිරගත වුණු කාලය ඉවර වුණත් ‘මාස්ටර් සර්’ සින්දුව කාටවත් අමතක වුණේ නැහැ. ඒ සින්දුවට සම්බන්ධ අමුතුම ආකාරයේ සංසිද්ධිය වුණේ වතුකරයේ පීඩිත දමිළයන්ට පක්ෂව ඔවුන්ගේ දුක නෑසෙන වතු පාලකයන්ට විරුද්ධව නිර්මාණය වූ සංවේදී ගීතය වතු පාලකයන් අතර ෆේමස් වෙච්ච එකයි.

තේ දලු නිෂ්පාදන මෙහෙවර අතර ඉතා කටුක දිවි රටාවක් ගෙවන වතු කම්කරුවන්ට රුපියල් සීයක් දෙසීයක් වැඩිකරන්නට බැරි වතු පාලකයෝ පුරුද්දක් විදියට දාන නයිට් පාටිවලදී පදමට සූර් වුණාට පස්සේ වැඩිපුරම කියන්න ගත්තේ ‘මාස්ටර් සර්’ සින්දුව. එක ධනපතියෙක් එහාට මෙහාට වැනි වැනී සින්දුවට අවශ්‍ය තාලය සුපිරි පියානෝවකින් වාදනය කරන කොට ඒ සංගීතයත් එක්ක දෙපා තබන ගමන් අනෙක් ධනකුවේරයෝ සුරලෝකේ පාවෙන තාලෙට ඩාන්ස් කරන්න ගන්නේ අධික මිලකට අලෙවි වන විස්කි බ්‍රැන්ඩිවලින් පදමට මත්වෙන ගමන්මයි.

හැබැයි මේ උන් මේ රඟන්නේ උන්ටම විරුද්ධව ලියැවුණු ගීත විලාසයකටමයි කියන එක මේ මුද්ධ පාලකයෝ දැනගෙන හිටියෙ නැහැ. ඒ වගේම සව්දිය පුරමින් උන් තාල අල්ලන්නේ වතුකරයේ පීඩිතයන්ගේ ශෝකාන්ත විලාසයටයි කියන එක ගැනවත් එවුන්ට තේරුම් ගන්න බැරි වුණා.

අදටත් අපේ පාලකයෝ ඒ ටික තේරුම් අරන් තියෙනවද?

නැහැ, තවමත් අපේ පාලකයෝ ඒ ටික තේරුම් අරන් නැහැ. වතුකරයේ විතරක් නෙවෙයි මේ මහපොළොවේ ජීවත් වෙන සුපිරි දිවි රටාවකට හිමිකම් කියන අපේ රටේ කිසිම පාලකයෙක් ඒ ටික තේරුම් ගත්තේ නැහැ. තේරුම් අරගන්නෙත් නැහැ. අදටත් උන් හැමෝම කරන්නේ පීඩිතයන්ගේ විලාපය චූන් එකක් කරගෙන සව්දිය පුරමින් රඟන එකයි.

එදා පාලකයෝ වතුකරයෙ මිනිස්සුන්ව එක්කන් ආවේ ‘රාවණාගේ ලංකා පුරේ පෙන්නනවා වරෙල්ලා…’ කියන රැවැටිල්ල උඩයි. ලංකාවේ වැඩිම විදේශ විනිමයක් ලබන රස්සාව. හැබැයි වතු කම්කරුවො වෙනුවෙන් රුපියල් සීයක් දෙසීයක් වැඩි කරලා දෙන්න බැහැ. එදා සුද්දා කළ ඒ කපටිකමට වංචාවට අදට වසර සිය ගණනක් වෙනවා. තවමත් වතු කම්කරුවන්ගේ අඳෝනාව එහෙමමයි. උන් කරන්නේ එදා වගේ ඒ අසරණයන්ගේ අඳෝනාව වෙනුවෙන් ගයපු ගීතයට තාල අල්ලලා නටන එකයි. මොන තරම් රැවැටීමක්ද මොන තරම් අපරාධයක්ද?

පත්තර මල්ලි කවි 10ට ගී 10ක් එකට ඇවිදිල් කිව්වේ එහෙමයි.

ඒ කියමනෙහි තියෙන්නේ මොන තරම් පැහැදිලි ඇත්තක්ද? අපේ රටේ දේශපාලකයෝ ඇතුළුව කිසිම ආයතනයක පාලකයෙක් කවදාවත් ඒ ඇත්ත තේරුම් ගත්තේ නැහැ. බොහෝ විට තේරුම් ගන්නේද නැහැ. උන් අතේ නැටවෙන වතුකරයේ මිනිසුන් වාගෙම අනෙකුත් සේවකයන් සහ ඡන්දදායකයන්ද පවු නොවේද? එහෙම හිතන්නේ අපටය. උන්ට එහෙම හිතෙන්නෙ නැති බව නිසැකය.

‘මාස්ටර් සර්’ වැනි පීඩිතයන් වෙනුවෙන් ගැයුණු ගීතයක් බජව්වක් කරගෙන එවුන් බාල් නටවන්නේ ඒකය. තාල අල්ලන්නේ ඒකය.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ක්‍රිකට්වල හොරකම් හෙළිකළ විගණන වාර්තාවත් අරන් අර්ජුන මහනායක හිමිවරුන් හමුවෙන්න මහනුවර යයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ගෝඨා රටේ ආර්ථිකය ඝාතනය කළා වගේ මේ රටේ ගොවියන්ව හිඟන්නන් කරපු එකට කෘෂිකර්ම ඇමැති මහින්දානන්දලා වගකියන්න ඕන! පොහොර නැතිවත් චීන අසූචි නැවට ඩොලර් මිලියන 6.9ක් ගෙව්වා! අන්තිමේ ඉන්දියාවේ හිඟන්නන් සල්ලි එකතු කරලා ‌අපේ ගොවියන්ට එවන තරමට අපේ ගොවියො හෑල්ලු වුණා! ගොවියන්ට සපත්තු දාන්න ඉස්සෙල්ලා ගොවියන්ගේ කකුල් කපලා කෘෂි ආර්ථිකය විනාශ කළ අයට දඬුවම් දෙන්න! තුෂාර ඉදුනිල් මහින්දානන්දටයි-අමරවීරටයි-ශෂීන්ද්‍රටයි-මොහාන්ටයි එකට තියලා රිදෙන්නම ‌දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.