• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වැඩ කරන තැන්වලදී ලිංගික හිංසනයන්ට ගොදුරු වෙන කාන්තාවන් යුක්තිය ඉටුකර ගැනීමට යාමේදී මුහුණ දෙන ප්‍රධාන ගැටලු 3ක් ‌හොයාගෙන!  I Sri Lanka Latest News

December 3, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
වැඩ කරන තැන්වලදී ලිංගික හිංසනයන්ට ගොදුරු වෙන කාන්තාවන් යුක්තිය ඉටුකර ගැනීමට යාමේදී මුහුණ දෙන ප්‍රධාන ගැටලු 3ක් ‌හොයාගෙන!  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රැකියා ස්ථානයේ ලිංගික හිංසනයට ගොදුරු වූවන් ශ්‍රී ලංකාව තුළ යුක්තිය පැතීමේ දී ප්‍රධාන බාධක තුනකට මුහුණ දෙන බව වෙරිටේ රිසර්ච් හි නීතිය හා ආණ්ඩුකරණ අංශය විසින් සිදු කරන ලද නවතම අධ්‍යයනයකින් අනාවරණයව ඇත.Sri Lanka Latest News

මෙම සොයාගැනීම් ඇතුළත් ‘රැකියා ස්ථානයේ ලිංගික හිංසනය: යුක්තිය පසිඳලීමේදී පවතින බාධක ජය ගැනීම’ (‘Sexual Harassment at the Workplace: Overcoming Barriers to Justice’) යන වාර්තාව ගෙවුණු සිකුරාදා (1) කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා වෙත භාරදීම සිදුවිය.

අධ්‍යනයෙන් සිදුකරගෙන තිබෙන සොයාගැනීම් අමාත්‍යවරයාගේ අවධානයට යොමුකිරීමට වෙරිටේ රිසර්ච් පර්යේෂණ කණ්ඩායම එම අවස්ථාවේ දී, කටයුතු කළ අතර රැකියා ස්ථානයේ සිදුවන ලිංගික හිංසනයන් මැඩපැවැත්වීමට ගත හැකි පියවරයන් සඳහා නිර්දේශයන් යෝජනා කිරීමත් එහිදී සිදුවිය. රැකියා ස්ථානයේ සිදුවන ලිංගික හිංසනයන්වලින් සේවා නියුක්තිකයන් ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් වන විධිවිධානයන් දැනට කෙටුම්පත් කෙරමින් පවතින සේවා නියුක්ති පනතට ඇතුළත් කිරීම හරහා ඒවා ශක්තිමත් කිරීම සහ පුළුල් කිරීම සුදුසු බවටත් එම සාකච්ඡාවේ දී, නිර්දේශ කෙරිණ. එසේ කිරීම, රටට සුදුසු නෛතික වෙනස්කම් සිදුකිරීමට ගැනෙමින් පවතින උත්සාහයන්ට අමතර ශක්තියක් වනු ඇති බවත් පෙන්වා දෙනු ලැබිණ.

මෙම වාර්තාවේ අන්තර්ගතය සැළකුවහොත්, පිලිපීනය, පේරු, ජපානය, මෙක්සිකෝව සහ ඉරාකය වැනි රටවල් සේවා ස්ථානයේ ලිංගික හිංසනය අවම කිරීම සඳහා ගෙන ඇති විවිධ ප්‍රවේශයන් ඉන් ප්‍රධාන වශයෙන් පෙන්වා දේ.  

ජයගත යුතුයැයි වාර්තාවෙන් හඳුනාගෙන ඇති බාධක තුනකි.
 
විවිධ නීති තුළ ව්‍යවස්ථාදායක ප්‍රතිපාදන තිබුණ ද, ලිංගික හිංසනය ආමන්ත්‍රණය කිරීමට තරම් ප්‍රමාණවත් නීතිමය අර්ථ දැක්වීමක් නොමැතිවීම.

අපරාධ යුක්ති විනිශ්චය පද්ධතිය තුළ පවතින නීතිමය ප්‍රමාදයන් සහ ඔප්පු කිරීම් සදහා සාක්කි මත ඉතා ඉහළ බරක් තබා තිබීම වැනි ආයතනික බාධක.

වින්දිතයන්ගේ දුක්ඛිත තත්ත්වය තවදුරටත් උග්‍ර කරන මුල් බැසගත් සංස්කෘතික බාධක සහ දැනුවත්භාවයේ ඌනතාවය

වාර්තාව මගින් නිර්දේශ කර ඇති විසඳුම්වලට පහත කරුණු ඇතුළත් වේ:

සේවා ස්ථානයේ ‘ප්‍රචණ්ඩත්වය සහ හිංසනය’ පිළිබඳ ජාත්‍යන්තරව පිළිගත් අර්ථ දැක්වීම අනුගමනය කිරීම – මෙයට ප්‍රදර්ශන කාමය (voyeurism)  සාපරාධී වරදක් බවට පත්කිරීම සහ ඩිජිටල් හෝ විද්‍යුත් මාධ්‍ය හෝ ලිංගික අන්තර්ගතයන් ඇති රූප, හඬපට හෝ වීඩියෝ පට භාවිතා කිරීම ඇතුළත් වන ලිංගික හිංසනයට එරෙහිව පුළුල් ආරක්ෂාවක් සැපයීම ඇතුළත් වේ.

වර්තමාන අපරාධ වරදට අනුපූරක යාන්ත්‍රණයක් ලෙස ලිංගික හිරිහැර සඳහා සේවා යෝජකයාගේ වගකීම සම්බන්ධයෙන් සිවිල් ව්‍යවස්ථාදායක වෙනස්කම් අනුගමනය කිරීම. සේවා ස්ථානයේ ලිංගික හිරිහැර අවම කිරීම සහ විසඳීම සඳහා අවම පියවර මාලාවක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් සේවායෝජකයින් වගකිව යුතුය – මෙයට අභ්‍යන්තර පැමිණිලි සහ විමර්ශන යාන්ත්‍රණයන් මෙන්ම විකල්ප ආරවුල් විසඳීම සඳහා ප්‍රවේශ පහසුකම් සැපයීම ද ඇතුළත් වේ.

අධ්‍යාපනය, පුහුණුව සහ දැනුවත්භාවය වැඩි දියුණු කිරීම සඳහා, නීතිය ක්‍රියාත්මක කරන ආයතන සඳහා ද, මහා පරිමාණ සේවා ස්ථාන, පාසල් විෂයමාලා හරහා සහ සාමාන්‍ය ජනතාව සඳහා – මෙම එක් එක් කාණ්ඩය සඳහා අනුගමනය කළ හැකි නිශ්චිත ක්‍රියමාර්ගයන් ද මෙම වාර්තාවේ දක්වා ඇත.
 
කාන්තාවන් පමණක් ම මෙහි වින්දිතයන් නොවේ

වෙරිටේ රිසර්ච් නීතිය හා ආණ්ඩුකරණ අංශය සම්පාදනය කර ඇති මෙම වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ස්ත්‍රී පුරුෂ සමාජභාවයෙන් ඔබ්බට සේවා ස්ථානයේ ලිංගික හිංසනය පැතිර යන බවත් අවධාරණය කරයි. කාන්තාවන් විශේෂයෙන් අවදානමට ලක්වන අතර, පිරිමින් මෙන්ම විවිධ ලිංග අනන්‍යතා ඇති පුද්ගලයින් ද අවදානමට ලක්වන බවත් ඉන් හඳුනාගෙන ඇත. සුළුතර කණ්ඩායම් ලෙස හඳුනාගෙන ඇති ශ්‍රී ලංකාවේ ආබාධ සහිත පුද්ගලයන්, තරුණයින්, සංක්‍රමණික ශ්‍රමිකයින් සහ LGBTQI (සමලිංගික කාන්තා, සමලිංගික පිරිමි, ද්වීලිංගික, සංක්‍රාන්ති ලිංගික, විෂමලිංගික සහ අන්තර් ලිංගික) ප්‍රජාවේ සාමාජිකයන් මෙහි ගොදුරු වීමේ වැඩි සම්භාවිතාවක් පවතින බව හඳුනාගෙන තිබේ.

සම්පූර්ණ වාර්තාව: https://www.veriteresearch.org/wp-content/uploads/2023/10/20231031SexualHarassmentatTheWorkPlaceFinal.pdf

SendShareShare
Previous Post

දැන් ඉන්න කෘෂිකර්ම ඇමතියා ආවොත් ගස් බඳිනවා! පුළුවන් නම් අර හොයපු කබරයවත් අරන් එන්න! මුං කෑවා අපිව! ඇමතිලා ගස් බඳින්න බලන් ඉන්න ගොවියෝ ප්‍රසිද්ධියේ චැලෙන්ජ් කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

‘හොරු ඔක්කොම බේරෙනවා’ මිනිස්සු ඔක්කොම ඇන්දෙනවා I Sri Lanka Latest News

MORE NEWS

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.