• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

රජුන් දණ ගස්වන රජරට කුමාර කැරැල්ල! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

December 2, 2023
in Exclusive, Gurudawa
Reading Time: 3 mins read
A A
රජුන් දණ ගස්වන රජරට කුමාර කැරැල්ල! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රජරට ලංකාවේ පළමුවැනි රාජධානියය. පළමු රාජධානියේ අගනුවර පිහිටියේ අනුරාධපුරයේය. 1017 සොළී රජ රාජරාජ අනුරාධපුර රාජධානිය මුළුමනින්ම විනාශ කොට සිය රාජධානිය පොළොන්නරුවේ පිහිටුවනු ලැබීය. එවිට පොළොන්නරුව අගනුවර බවට පත්වේ. පසුව රාජරාජගේ පුත්‍රයාගේ හමුදාව පලවා හැර විජයබාහු රජු පොළොන්නරු රාජධානිය සියතට ගත්තත් ඔවුන් යළි රාජධානිය අනුරාධපුරයට ගෙන යන්නේ නැත. ඔවුන් සිය රාජධානිය සහ අගනුවර බවට පොළොන්නරුව පත්කර ගන්නේ අනුරාධපුර රාජධානිය යළි ප්‍රයෝජනයට ගත නොහැකි සේ රාජරාජ එය විනාශ කොට තිබීම නිසාය. පසුව ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයේ කාලිංග මාඝ විසින් පොළොන්නරු රාජධානිය ආක්‍රමණය කරනු ලැබීය. ඔහු සහ ඔහුගේ හමුදාව පොළොන්නරුවේ වෙහෙර විහාර විනාශ කරමින් පාලනය ගෙන ගියහ. රජරට ජනතාව රජරට අතහැර පලායන්න පටන් ගත්තේ මේ කාලයේය. දළදා වහන්සේ රැගෙන පළමුව පලාගියේ නායක හිමිවරුය. පසුව ජනතාව පලා ගියහ. කාලිංග මාඝගෙන් රට බේරාගෙන රජකමට පත්වෙන තුන්වැනි විජයබාහු සිය රාජධානිය කරගත්තේ යාපහුවය. පොළොන්නරුව පමණක් නොව රජරටම වල් බිහිවී වනාන්තර බවට පත්විය. පසු කලක ලංකාව අත්පත් කරගන්නා පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි වැනි විදේශ ආක්‍රමණිකයන්ද වල් බිහිවී ඇති රජරට රාජධානියට පය තියන්නේ නැත. Sri Lanka Latest News

කාලිංග මාඝගෙන් පසු රජරටට පය තබන්නේ ඩී.ඇස්. සේනානායකය. ලංකාවේ ආර්ථිකයේ හදවත රජරට බව දැන ඩී.ඇස්. එහි කැලෑ පීරා ජනාවාසයට සුදුසු භූමිය සොයා ගියේය. ඩී.ඇස්. ජනපද ව්‍යාපාර පටන් ගෙන දකුණෙන් මිනිසුන් ගෙන ගොස් රජරට පදිංචි කරනු ලැබීය. ඩී.ඇස්.ට මිනිස්සු කිව්වේ පරාක්‍රමබාහුගේ අවතාරය කියාය. ඩී.ඇස්.ගේ මරණයෙන් පසු රජරට බිහිකරන අලුත්ම නායකයා මින්නේරි දෙවියෝ නමින් ප්‍රකට සී.පී. ද සිල්වාය. ඔහු 1956 බණ්ඩාරනායක ආණ්ඩුවේ නොම්මර දෙක විය. බණ්ඩාරනායක ඝාතනය වීමෙන් පසු අගමැති ධුරයට පත්වීමට නියමිතව තිබුණේ නියෝජ්‍ය අගමැති ලෙස පෙනී සිටි ඔහුය. ඒත් බණ්ඩාරනායක ඝාතනය වීමට පෙර බණ්ඩාරනායකගේ හතුරෝ බණ්ඩාරනායකට දුන් වස සහිත කිරි වීදුරුවක් ඔහු පානය කොට ගිලන් වී ප්‍රතිකාර ගැනීමට බි්‍රතාන්‍යයට රැගෙන ගිය නිසා ඔහුට අගමැති වීමට නොහැකි විය. අගමැති වුණේ දහනායකය.

බණ්ඩාරනායක ඝාතනය වීමෙන් පසු ශ්‍රීලනිප නායකත්වයට පත් වන්නේ ඔහුය. 1960 මාර්තු මහ මැතිවරණය මෙහෙයවන්නේ ඔහුය. යූ.ඇන්.පී. ආණ්ඩුවක් පිහිටෙව්වත් ඔහු යූ.ඇන්.පී. ආණ්ඩුවට බහුතරය නැති බව පෙන්වන්න සමත් විය. 1960 ජූලි මහ මැතිවරණයට නායකත්වය දෙන බණ්ඩාරනායක මැතිනියට සී.පී. ද සිල්වා පක්ෂ නායකත්වය භාරදෙන්නේ අහිතක් නැතිවය. පක්ෂ නායකත්වය භාරගෙන අගමැති වන ඇය සී.පී. ද සිල්වාව කොන්කර ළඟට ගන්නේ බණ්ඩාරනායක පවුලේ සහ රත්වත්ත පවුලේ සාමාජිකයන්ය. ඇය සී.පී.ව යටකරලා උඩට ගෙන එන්නේ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකය. මෙය ඉවසාගත නොහැකිව සී.පී. යූ.ඇන්.පී.ය සමග එක්ව මැතිනියගේ ආණ්ඩුවට එරෙහිව කැරැල්ලක් ගහන්නේ ශ්‍රීලනිපය තුළ තමාට තැනක් නැති බව හොඳින් තේරුම් ගෙනය. ඒ කැරැල්ලෙන් 1964 මැතිනියගේ ආණ්ඩුව බිමටම ඇදගෙන වැටිණි. 1965 මහ ඡන්දයේදී මැතිනියගේ ආණ්ඩුව පරාජයට පත්විය.

සී.පී.ගෙන් පසු ශ්‍රීලනිපයේ රජරටින් බිහිවෙන අලුත් නායකයා මෛත්‍රීපාල සේනානායකය. ඔහු 1970-77 ආණ්ඩුවේ මැතිනියගේ නියෝජ්‍ය අගමැති ලෙස පත්වෙයි. මැතිනිය රටේ නැති විට වැඩ බලන්නේ ඔහුය. එහෙත් මැතිනිය ඔහු පක්ෂ නායකත්වයට ඉව ඉල්ලනවා යැයි බියවී ඔටුන්න හිමි කුමරු අනුර බණ්ඩාරනායකව කරළියට ගෙන ආවාය. 1977 පරාජයට පසු මෛත්‍රීපාල, බණ්ඩාරනායක-රත්වත්තේ පවුලේ පාලනයට එරෙහිව කැරැල්ල ගහන්නේ බණ්ඩාරනායකවරුන්ගේ ඔටුන්න හිමි කුමරා අනුර සමගය. එතැන් සිට ශ්‍රීලනිපය විනාශ වී නන්නත්තාර විය.
මෛත්‍රිපාලගෙන් පසු ශ්‍රීලනිපයෙන් යළි අලුත් නායකයෙක් කරළියට එයි. ඔහු මෛත්‍රීපාල සිරිසේනය. ඔහු කරළියට එන්නේ චන්ද්‍රිකාගේ ආණ්ඩු කාලයේ වුවද ඔහු අගමැතිකමට ඉව ඉල්ලන්නේ මහින්ද ජනාධිපති වීමෙන් පසුවය. මහින්දත් බණ්ඩාරනායක මැතිනිය මෙන් තම පවුල රජ කරවන්න මෛත්‍රීපාලව කොන් කරයි. තමාට ශ්‍රීලනිපය තුළ අනාගතයක් නැති බව තේරුම් ගන්නා මෛත්‍රීපාල 2015 ජනාධිපතිවරණයේදී යූ.ඇන්.පී. පොදු අපේක්ෂකයා බවට පත්වන්නේ මහින්ද ඇතුළු රාජපක්ෂ පවුලම බය බිරාන්ත කරවමින්ය. මෛත්‍රී ජනාධිපති වෙන්නේ රාජපක්ෂ පවුල නන්නත්තාර කරමිනි.

මේ වෙලාවේ මෛත්‍රී එක්ක හැප්පෙන්න කොන්ද පණ තියෙන මන්ත්‍රීවරු ඉන්නේ දෙතුන් දෙනෙකි. ඒ අතරින් වීරයා වන්නේ රජරටින් බිහිවෙන රොෂාන් රණසිංහය. මෛත්‍රී ජනාධිපති සහ ශ්‍රීලනිප නායකයාව සිටියදී ඔහු මෛත්‍රීට වැටෙන්න ගැහුවේය. මෛත්‍රී-රනිල් ආණ්ඩුව එකා පිට එකා වැටෙද්දී රාජපක්ෂලා යළි හිස ඔසවයි. 2019 ජනාධිපතිවරණයත්, 2020 මහ මැතිවරණයත් දිනන රාජපක්ෂලා රොෂාන්ට නිසි තැන දෙන්නේ නැත. අරගලය එන්නත් කලින් ඔහු ඔහුට දුන්න රාජ්‍ය ඇමැති ධුරයෙන් ඉවත් වන්නේ ගෝඨාගේ කාබනික පොහොර ප්‍රතිපත්තිය නිසා අසරණ වූ රජරට ගොවියාට නායකත්වය දෙන්නටය. ගෝඨාට ඔහුගේ වටිනාකම සහ ජනප්‍රියත්වය තේරෙන්නේ පසුවය. ඔහු රොෂාන්ව ඇමැති මණ්ඩලයට ගත්තේ අරගලයට හිස නවමින් කැබිනට් මණ්ඩලයට රාජපක්ෂ පවුල හෝ පවුලේ හෙංචයියන් නොගන්නා බවට ප්‍රතිඥා දෙමිනි. ගෝඨා ගෙදර යන විට වැඩබලන ජනාධිපති වෙන රනිල්ට ජනාධිපති වෙන්න අවශ්‍ය මන්ත්‍රීවරු දිනාගන්න පළමු රැස්වීම තියන්නේ ඔහුගේ නිවෙසේය. එහෙත් වැඩිකල් යන්නේ නැත. බණ්ඩාරනායකවරු සී.පී. ද සිල්වාට, මෛත්‍රිපාල සේනානායකට, රාජපක්ෂවරු මෛත්‍රීපාල සිරිසේනට බෙදූ හැන්දෙන්ම රනිල් රොෂාන්ට බෙදයි.

සී.පී. ද සිල්වා හෝ මෛත්‍රිපාල සේනානායක හෝ මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුව ඇතුළේ සිට බණ්ඩාරනායකවරුන්ට රාජපක්ෂවරුන්ට ගහන්න බය විය. ඔවුන් ප්‍රහාරය පටන්ගත්තේ ආණ්ඩුවෙන් එළියට ඇවිත් ඡන්දයක් ප්‍රකාශයට පත්කළ විටය. ඒත් රොෂාන් ආණ්ඩුව ඇතුළේ ඇමැති ධුරයේ සිටියදීම තමාට සිදුවන අසාධාරණයට ලංකාවේ ක්‍රිකට්වලට සිදුකරන අසාධාරණයට එරෙහිව බය නැතිව කතා කළේය. රනිල් ඔහුව අයින් කරන විට රාජපක්ෂවරුවත් පොදුජන පෙරමුණවත් ඔහු වෙනුවෙන් පෙනී සිටින්න ආවේ නැත. සී.පී. ද සිල්වා, මෛත්‍රිපාල සේනානායකට, මෛත්‍රීපාල සිරිසේනට ශ්‍රීලනිපය කරපු ඓතිහාසික වැරැද්දම ශ්‍රීලනිප-පොදුජන පෙරමුණු හවුල රොෂාන් රණසිංහට කළේය.

හැබැයි රජරට කුමාරවරුන්ගේ කැරැලි නිකම්ම නිකම් ලණු කැරැලි නොවේ. 1965 බණ්ඩාරනායක මැතිනිය ගෙදර ගියේත්, 1980 සිට 1994 තෙක් මැතිනියගේ දේශපාලනයත්, ශ්‍රීලනිපයත් නන්නත්තාර වූයේත්, 2015 රාජපක්ෂවරු නන්නත්තාර වූයේත් ඒ රජරට කුමාරවරුන්ගේ කැරැල්ල නිසාය.

‘ඒ කියන්නේ රනිල්-රාජපක්ෂ හවුල් ආණ්ඩුව වට්ටවන්නෙත් රජරට කුමාරයෙක්ද…?’

රජරට කුමාරවරුන්ගේ කැරැලි ඉතිහාසය සාක්ෂි දරන්නේ නම් රජ පෙරළියක් අත ළඟ කියාය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ජනාධිපතිට ෂම්මි ලොකු වුණා! කැබිනට් ඇමැතිට වඩා සාගල බලවත්! ක්‍රිකට් බෝඩ් එකට ඕන කෙනා ඇමැති වුණා! නාමල්ට මුල මතක නෑ! අනුර කුමාර කෝප් එකේ හිටියෙ පූස් පැටියෙක් වගේ! ඇමැතිකම නැති කරපු රොෂාන් ඉතුරු ටිකත් එළියට දාන්න පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

Next Post

ව්‍යවස්ථාදායක සභාවෙන් පත්වීම අනුමත කළේ 5-3ක ඡන්දයෙන්! මමයි කබීරුයි විරුද්ධව ඡන්දය දුන්නා! පොලිස්පතිවරයාගේ පත්වීම ගැන සජිත් පාර්ලිමේන්තුවේදී පැහැදිලි කරයි! පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනත ගැනත් ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.