ජනාධිපතිතුමාට කැබිනට් ඇමති ට වඩා ෂම්මි ලොකු වුණු බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.Sri Lanka Latest News
ටෘත් විත් චමුදිත වැඩසටහනට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ මේ ආණ්ඩුව ඇතුළේ කැබිනට් ඇමති කෙනෙක් ට වඩා සාගල රත්නායක බලවත් බවත්, ක්‍රිකට් බෝඩ් එකට ඕන කෙනෙක් දැන් ක්‍රීඩා ඇමැති වී ඇති බවත්ය.
‘ නාමල්ට මුල මතක නෑ. එයාලත් ඉන්නේ ක්‍රිකට් බෝඩ් එක පැත්තේ. නාමල්ට රට යන්න ගුවන් ටිකට් මං අරන් දුන්නා.’ යැයිද රණසිංහ මහතා එහිදී සදහන් කළේය.
මහපාරෙ දූෂණයට විරුද්ධව මහා හයියෙන් කෑ ගහන අනුර කුමාර කෝප් එක ඇතුලේ ක්‍රිකට් එක ඉස්සරහ හිටියෙ පූස් පැටියෙක් වගේ බවද ඒ මහතා කියා සිටියේය.